
අඩු ආදායම්ලාභී ජනතාවගේ ආර්ථික තත්වය වර්ධනය කොට ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මෙහෙයවන ‘සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන’ යටතේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 03 ක ‘ඉඟුරු වගාකිරීමේ ව්‍යාපෘතියක්’ ක්‍රියාත්මක කිරීමට හාලිඇල සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන අංශය පියවර ගෙන තිබේ.
හාලිඇල කොට්ඨාසයේ බැද්දේගම, නෙළුව සහ මැදපිටිගම යන වසම්වලින් තෝරාගත් පවුල් 106 ක් සම්බන්ධ කොටගෙන ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ එම එක් එක් ප්‍රතිලාභී පවුලක් අවම වශයෙන් සිය ඉඩමේ පර්චස් 05 ක් තුළ ඉඟුරු වගාකළ යුතු වන අතර ඔවුනට අවශ්‍ය බීජ ඉඟුරු සහ වගා පුහුණුව නොමිලේ ලබාදෙයි.
හාලිඇල ප්‍රාදේශීය ලේකම් නිරෝෂා චාන්දනී හෙන්නායක මහත්මියගේ සහ බදුල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩබ්.එම්.පී. විජයබණ්ඩාර මහතාගේ උපදෙස් මත හාලිඇල සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන අංශය මඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
( සටහන හා සේයාරූ: හාලිඇල විශේෂ- ආර්.එම්.විජේරත්න)