බිඟු ගෝචර ශාක | සිළුමිණ

බිඟු ගෝචර ශාක

මිනිසා " බිගු පාලනයට ' යොමුවීමට පෙර සිටම වුවද, මී බිqන් හා පරිසරය අතර පැවතියේ ඉතා දැඩි අනෝන්‍ය සම්බන්ධතාවකි. පෘථිවියේ ජීව පරිනාමයේදී, සපුෂ්පික ශාක ඇතිවීමත් සමඟ, එක්තරා මාංශ භක්ශක දෙබරුන් කොට්ටාශයක් තම පෝෂණය සදහා පුෂ්ප පරාග හා මධු භාවිතයට හුරුවීමත්, ඒ සදහා ඔවුන් තම ශරීරය හැඩගස්වා ගැනීමත් සමඟ, අප අද මීමැස්සන් ලෙස හදුන්වන කෘමි කොට්ටාශය බිහිවූවායැයි හදුන්වා දෙන්න පුලුවන්.

 ඒ අනුව, තම පෝශනය සදහා ශාක මගින් පරාග හා මධු ලබාගන්නා මීමැස්සන්, තමන් සමඟින් සහ-පරිනාමය වූ ශාකයන් හට ඒවායේ බීජ නිශ්පාදනය සදහා අත්‍යවශ්‍යය පරාගනයේදී, පරාග ප්‍රවාහකයන් ලෙස ක්‍රියා කරමින් ඉතා වැදගත් සේවාවක් ඉටු කරයි. මීමැසි පාලනයේදී, මෙම අන්‍යයෝන්‍ය සම්බන්ධතාව පිලිබදව අවදානය යොමුකලයුතු අතර, මීමැසි පාලනයේ ප්‍රධානතම අරමුන වන මීපැණි නිෂ්පාදනය සදහා සුදුසු මධු ප්‍රභව මෙන්ම, මීමැස්සන්ගේ පෝෂණය සදහා සුදුසු පරාග ප්‍රභව හදුනාගැනීම, සාර්ථක මීමැසි පාලනයක් සදහා ඉතා වැදගත්. අද ලිපිය ඒ පිලිබදවයි.

වර්ශය මුලුල්ලේම මල් පිපෙන, ශාක විශේෂ විශාල ප්‍රමාණයක් ඇති, ස්වභාවික වනාන්තර මීපැණි නිශ්පාදනය සදහා ඉතා ඉහල විභවයක් දරයි. මෙම ස්වාභාවික වනාන්තර වල තිබෙන මී දඩයම, අනාදිමත් කාලයක් මුලුල්ලේ සිට, තවමත් සිදුකරමින් යන නමුත්, එයින් මීමැසි ජනපදවලට සිදුවන හානිය සුලුවෙන් තැකිය නොහැකි අතර, එය අනුමත කිරීමද, කල නොහැක්කක්. නමුත්, මෙම ස්වභාවික වනාන්තර ආශ්‍රිතව සිදුකරන මීමැසි පාලනය මගින් ඉහල මීපැනි අස්වැන්නක් ලබාගත හැකි අතර, එම පැනිවල ඇති ගුනාත්මක වටිනාකම පිලිබදවද ඉහළ තක්සේරුවක් ලබාදෙන්න පුලුවන්. විශේෂයෙන්ම වියළි කලාපය තුළ මෙලෙස හොදින් මධු වහනයවන ශාක විශාල ප්‍රමාණයක් මෙලෙස හදුනාගැනීමට හැකිය.

ව්‍යවහාරික නාමය මල් හටගන්නා කාලය/ පැණි වාරය

වීර ජනවාරි හා පෙබරවාරි

පලු පෙබරවාරි හා මාර්තු

මොර මාර්තු හා අප්‍රේල්

කිරිකෝන් මාර්තු හා අප්‍රේල්

දිවුල් මාර්තු හා අප්‍රේල්

බුරුත මාර්තු හා අප්‍රේල්

කෝන් මාර්තු හා අප්‍රේල්

කොහොඹ මාර්තු හා අප්‍රේල්

සියඹලා අප්‍රේල් හා මැයි

කුඹුක් මැයි හා ජුනි

මාදං ජුනි ජූලි

මී ජුනි ජූලි

කලවැල් හා බොකලවැල් ජූලි හා අගෝස්තු

ඉසුරු ලක්මාල් හේරත්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය 

Comments