තිරසර ගොවිතැනට පිවිසෙමු | සිළුමිණ

තිරසර ගොවිතැනට පිවිසෙමු

වර්තමාන කෘෂිකර්මය නිසා ඉන්ධන නිධි, ජාන සම්පත්, ගොවිබිම් හා ජලය, ඒ හා සම්බන්ධ ජීවීන් වැනි කෘෂිකාර්මික නිෂ්පාදන පදනම ක්ෂය වීමත්, ගොවිතැන ලාභදායී නොවීමත් යන කරුණු ගැඹුරින් අධ්‍යයනය කරන විද්වතුන් මෙම නිශේධාත්මක ප්‍රථීපලවලින් මිදීමට ඇති සාර්ථකම විසඳුම තිරසර ගොවිතැන හා එම තාක්ෂණ භාවිතයට ගැනීම බව පෙන්වා දෙති. මේ නිසා ආහාර නිෂ්පාදන පද්ධතිවලට පාරිසරික ක්‍රියාවලි අනිවාර්යෙන් අනුගත විය යුතු බව පිළිගැනේ. තිරසාරත්වය යනු ගතික සංකල්පයකි. මෙයට ප්‍රධාන මාන තුනක් එකතු වී තිබේ. එයට අනුව, මෙම ගොවිතැන ආර්ථිකව සඛ්ය් වූද සාමාජිකව සාධාරණ වූද, පාරිසරිකව ධරණීය හෝ තිරසාරව පවත්නා වූද කෘෂි නිෂ්පාදන පද්ධතියක් වන්නේය.

මෙම ගොවිතැන් ක්‍රමයේ සාර්ථකත්වය මැනීමේදී මෙම මාන තුනම එක්ව ගණන් බැලීම කළ යුතුවේ. මෙයින් අදහස් වන කරුණ නම් තිරසර ගොවිතැන ආර්ථික, සමාජීය හා පාරිසරික සාධකවලින් බද්ධ වූවක්ය යන්නයි. තවදුරටත් විග්‍රහ කළ විට පෙනී යන්නේ වර්තමානයේ සිදුකරන නිෂ්පාදන ක්‍රියාවන් අනාගතයේ ආහාර නිෂ්පාදනයට ඇති හැකියාවට තර්ජනයක් නොවිය යුතු බවය. පද්ධතියෙන් ලැබෙන්නා වූ හෝ නෙළන්නා වූ සමස්ථ ජෛව ස්කන්ධය දීර්ඝ කාලීනව ඒ ආකාරයෙන්ම ලැබෙන්නේය යන්න මෙහි අදහසයි. එයට හේතුව ගොවිතැන් පද්ධතිය වියැකී යා නොදී නැවත නැවතත් ප්‍රකෘතිමත් වන නැතිනම් ප්‍රශස්ත උත්පාදනය වීමේ ප්‍රතිපලය ලෙස එයින් ගම්‍ය වන්නා වූ අස්වැන්න ද දිගටම ඒ ආකාරයෙන්ම හා ප්‍රතිමාණයෙන් ලබාදෙන බවයි

තිරසර ගොවිතැන අර්ථ දැක්වීම

ස්වභාවික සම්පත් පදනම ක්ෂය වීමට ඉඩ නොදෙන හා එමෙන්ම එය වඩාත් ප්රබගුණ කරන, ඒ සමඟම මානව ආහාර අවශ්ය තා සපුරාලන ගොවි පරිසර පද්ධතියක් පවත්වා ගැනීම පරමාර්ථය වන්නේය. ප්‍රවර්ධනය ඉන්දියානු පාරිසරික විද්‍යාඥවරියක වන වන්දනා ශිවා සිය අර්ථකතනය පුළුල් කරමින්, මෙවැනි අදහසක් ප්රඅකාශ කරන්නීය. “තිරසර ගොවිතැන පදනම් වන්නේ භූමිය, ජලය, සතුන් වැනි සමස්ථ සම්පත්වල පැවැත්ම සහතික වන ප්‍රමාණයට පරිභෝජනය කිරීම බවය. එසේ තිරසර ලෙස පරිභෝජනය වන එම සම්පත්වල අයිතිය හා පාලනය රැඳී ඇත්තේ එය භාවිතා කරන ගොවි ප්‍රජාව මත බව තවදුරටත් ප්‍රකාශ කරයි. වන්දනා ශිවාට අනුව තිරසර ගොවිතැන භූමි භාවිතාවකි. මෙම භූමි භාවිතය නිසා ස්වභාවික සම්පත් රැකෙන අතර එය ප්‍රතිඋත්පාදනය වීමට ද ඉඩ ලැබේ. ඒ සමඟම ගොවිතැනට යෙදෙන බාහිර යෙදවුම් භාවිතයෙන් ක්‍රමානුකූලව නිදහස් වෙයි.”

Peoples Food and Sovereignty Network වලට අනුව,“තිරසර ගොවිතැන සමස්ථ හෝ සාකල්යනය විද්‍යාත්මක ප්‍රවේශයකි. තවද නිෂ්පාදන සාධකවලට ඇති සමාන අයිතිය, තාක්ෂණය, ආර්ථික ප්‍රථිලාභ හා ආහාර සමව බෙදී යාම සහ පරිසරයේ ඒකාග්‍රතාවය යන කරුණුද බද්ධ වූවක් වන්නේය.”

බ්‍රිතාන්‍ය එසෙක්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යන් ජූලස් ප්‍රටීට අනුව, “පරිසරයට හානියක් නොවන ලෙස ස්වභාව ධර්මයෙන් නිපදවන ද්‍රව්‍ය හා සේවා ප්‍රශස්තව ප්‍රයෝජනයට ගතහැකි ආකාරයට ගොවිතැන් කිරීම තිරසර ගොවිතැන වෙයි”.

මෙය අර්ථ දැක්වීම තවදුරත් මෙසේයි. “පෝෂණ චක්‍ර, නයිට්‍රජන් තිරකිරීම, පස ප්‍රතිඋත්පාදනය කිරීම, ආහාර නිෂ්පාදනයට හානිකර පළි­ෙබා්ධකයින්ට සතුරන් (විලෝපිතයින් හා පරපෝෂිතයින්) වර්ධනය වීමට ඉඩ හැරීම වැනි ස්වභාවික ක්‍රියාවලි ගොවිතැනට ඒකාබද්ධ කිරීමෙන් ඉලක්ක සපුරාගත හැකිය. මීට අමතරව, “ස්වභාවික පරිසරයටත්, ගොවියාටත්, පාරිභෝගිකයාටත්, එකසේ හානි පමුණුවන්නා වූ (වස විස) එමෙන්ම, ප්‍රතිඋත්පාදනය නොවන බාහිර යෙදවුම්වලින් ඉවත් කිරීමයි. (පොහොර, වල්නාශක, පළි­ෙබා්ධනාශක, ඉන්ධන පදනම් වූ යන්ත්‍ර සූත්‍ර ).”

තිරසර ගොවිතැනට අදාළ භාවිතයන් පිළිබඳ මඟ පෙන්වීම

මෙම ගොවිතැන නිසා වායුගෝලය මතුපිට ජලය, භූගත ජලය, වැනි පරිසරයට විෂ සහිත හෝ හානිකර ද්‍රව්ය ය මුදා නොහැරේ. පසේ සාරවත්භාවය ක්ෂය වීමට නොදී ප්රකතිඋත්පාදනය වන ලෙස සකස් කර ගත් භාවිතයන් යොදා ගැනේ. මේ සඳහා ගොවි බිමින්ම හෝ අවටින් ලබාගන්නා සම්පත්, (ගොම, ගවමුත්රි, කලින් කන්නයේ භෝග ශේෂ, වසුන් භාවිතාව, නයිට්‍රජන් තිරකරන ශාක ගොවිතැනට ඒකාබද්ධ කිරීම, ශාක නිස්සාරක හෝ ක්ෂ්‍රද්‍රජීවී හරණය) මත රැදෙන ගොවිතැනක් වන්නේය. මේ නිසා පෝෂණ ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය, පාංශු හා ජල සංරක්ෂණය ද සිදු වෙයි.

මෙවැනි තිරසර ගොවිතැන් පද්ධතිවල බෝග වගාව කිසිවිටෙකත් තනි භෝග හෝ ඒක බෝග නොවන්නේය. එකම භූමියක එකවර විවිධත්ව වැඩිකරන අතුරු භෝග, මිශ්‍ර බෝග, බහු භෝග, හෝ ගෙවත්තක මෙන් වියන් ස්ථාරනයක් නිර්මාණය විය යුතුය. ඒ සමඟම බෝග මාරුව, බිම පුරන්ව තැබීම,පේළි අනුව බෝග විවිධත්වයක් සකසා ගැනීම ද සිදු කෙරේ.

මෙම භාවිතයන් නිසා පාංශුඛාදනය, හා පළිබෝධ ගහනය අවම වීමක් සිදුවේ. බෝග නිෂ්පාදනයේ අවදානම අඩුවන අතර, වර්ෂය පුරා විවිධ ආහාර වර්ග නිෂ්පාදනය කර ගැනීමටද විකිණීමෙන් ආදායම් ලබා ගැනීමට ද හැකියාව ඇත.

වගා කරන වගා බිම්වල කිසිම බෝග වගාවක් නොකරන භූරූප දර්ශන (Landscape) හෝ වාසස්ථාන ආදේශ කර එමඟින් ස්වභාවික ජෛව විවිධත්වය ප්‍රවර්ධනය කර ගැනීම ද මෙහි තවත් ප්‍රායෝගික ක්‍රියාකාරකමක් වේ. මෙම වාසස්ථානවල විලෝපිතයින් හා පරාගකාරකයින් වැඩේ. වියළි කලාපයේ කුඹුරු යායක ඇති කට්ට කඩුව, ගස් ගොම්මන, ඕවිට, බඩවැටි, ඇළ හෝ ඉවුර,දෙපස ඇති තුරුලතා මෙවැනි භූරූප දර්ශනයන්ය. මේවා පොදු බිම් ලෙස පවත්වා ගැනීම පාරම්පරිකව සිදුවිය.

ප්‍රාදේශීය ජාන විවිධත්වය (එළවළු වර්ග, අල වර්ග, මාංශ ෙබා්ග, රළු බෝග, පලතුරු, ගොවිපල සතුන්) රැකගෙන, එය‍ ප්‍රවර්ධනය කර ගැනීම මෙම ගෙවිතැනේ තවත් ලක්ෂයකි. තවද ගැමියා සතු ප්‍රාදේශීය දැනුම සංරක්ෂණය කරමින් එය කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ඒකාබද්ධ කිරීම මෙම ගොවිතැන නිසා සිදුවන විශේෂ කාර්යයකි.

මේ අනුව, බලන කල තිරසර ගොවිතැන සංකීර්ණ වූවක් ද විවිධත්වයෙන් අනූන වූවක්ද වේ. එමෙන්ම එහි සංරචක අතර අන්තර් සම්බන්ධතා මෙන්ම එමඟින් විවිධ නිෂ්පාදන හා සේවාවන්ද ලබා දීමක්ද සිදු කරයි. ඒ නිසා එය බහු කාර්ය පද්ධතියකි. ද්‍රවය ගලා යාම සිදු වන්නේ චක්‍රීයවයි. මේ අනුව, බලනවිට මෙම පද්ධතිය ස්වයං ක්‍රියාකාරීත්වයකින් යුක්ත වූ ස්වාධීන පද්ධතියකි. මෙවන් පද්ධතිවලට බාධාවකින් පසුවද ප්‍රකෘතිමත් වීමටත් හැකියාවක් ඇත. මේ නිසා මෙම ගොවිතැන තිරසාර ද වන්නේය.

Comments