
ශ්‍රී ලංකාවට ආවේණික වූ කුරුඳු කර්මාන්තය ආශ්‍රීතව උපයා ගැනීමේ අරමුණ පෙරදැරි කර ගෙන ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් “ජාතික කුරුඳු සතිය 2018” නම් වූ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. මෙහි දී කුරුඳු වගාවේ රෝග හා පළිබෝධ පාලනය සඳහා මඟපෙන්වීම ආදිය සිදු කරනු ලැබේ. තව ද කුරුඳු අස්වනුවල ගුණාත්මය හා තෙතමනය පරීක්ෂාව හා පාංශු පරීක්ෂාව,වගා භූමියේ pH අගය සංවර්ධන නිර්දේශයන් ලබාදීම,කුරුඳු වගාවෙන් උපරිම අස්වැන්නක් ලබා ගැනීම සඳහා උපදෙස් ලබාදීම,ස්වයං රැකියා අවස්ථා සඳහා පුහුණුව, ව්‍යපාපාරික අවස්ථා ලබාදීම ( නිෂ්පාදන කර්මාන්ත / අපනයන වෙළෙඳපොළ), වැඩි අස්වනු ලබා ගැනීමට හා ගුණාත්මක නිෂ්පාන සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම, ඉහත දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනු ලබන ක්ෂේත්රය පුහුණු කිරීම්, වැඩමුළු හා ගොවි සායන ආදිය පැවැත්වීමට සංවිධානය කර ඇත.පහත දැක්වෙන්නේ “ජාතික කුරුඳු සතිය 2018” පිළිබඳව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා දැක්වූ අදහස් ය.
නිෂ්පාදනය
වසර 1973 සිට ශ්‍රි ලංකාවේ අපනයන කෘෂිකර්මාන්තයේ පෙර ගමන්කරු වන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි. එදා මෙදාතුර වූ වසර 45ක ඉතිහාසය තුළ කුළුබඩු අපනයනයෙන් වාර්තාගත විදේශ විනිමයක් උපයන්නේ 2017 වසරේ දීයි. එය රුපියල් මිලියන 72,000ක්. මේ සදහා දායක වු අපනයන කෘෂි නිෂ්පාදන පරිමාව මෙ. ටොන් 60,000ක්. කුරුඳු නිෂ්පාදනවලින් මෙ.ටො. 17,000ක් මේ සඳහා දායකවී තිබෙනවා. මෙය මුළු අපනයන පරිමාවෙන් 28.5% පමණ වෙනවා.
වසර 2020 වන විට අපනයන කෘෂිකර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1500ක්, ඒ කියන්නේ රුපියල් මිලියන 150,000ක් ජාතික ආදායමට උපයාදීමට යෝජිතයි. මේ අතරින් කුරුඳු නිෂ්පාදනවලින් පමණක් රුපියල් මිලියන 100,000ක විදේශ විනිමයක් අපේක්ෂිතයි. ඒ සඳහා විශේෂ පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන් ගණනාවක් දැන් ක්‍රියාත්මක කර තිබෙනවා. 2018 මැයි මාසයේ 07 වෙනිදා සිට 11 වෙනිදා දක්වා ජාතික කුරුදු සතියක් ප්‍රකාශයට පත් කර ඇත.
දැනුම හා තාක්ෂණය
කුරුඳු කර්මාන්තයෙන් වැඩි නිෂ්පාදනයක් සිදුකරන අතරතුර එහි ගුණාත්මය ද නිරන්තරයෙන් වැඩිදියුණු කළ යුතුයි. ඒ තුළින් වැඩි ලාභ පරාසයක් සහිත යුරෝපීය වෙළෙඳපොළ සඳහා ප්‍රවේශයට ඉඩකඩ පුළුල් කර ගැනීමේ හැකියාව තිබේ. ඒ සඳහා පර්යේෂණ අංශ සතු නව තාක්ෂණික දැනුමත් පාර්ශවකරුවන් සතු ශිල්පීය දැනුමත් ප්‍රායෝගිකව භාවිතයට එක්කිරීමත් මෙහි ප්‍රධාන අරමුණු අතර වෙනවා. “ශ්‍රී ලාකේය කුරුඳු, සුව දිවියට - ධන සවියට” යන්න තේමා කර ගනිමින් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ජාතික කුරුඳු සතියක් මෙලෙස ප්‍රකාශයට පත් කළේ ප්‍රථම වතාවටයි.අපනයන කෘෂි බෝග අතර කුරුඳු කියන්නේ ශ්‍රී ලංකාවටම ආවේණික ජාතික උරුම බෝගයක්. ඉතිහාසයේ ප්‍රථම වතාවට සතියක් පුරාවට සියලුම පාර්ශවකරුවන්ට අවශ්‍ය සියලුම දැනුම හා තාක්ෂණය ඔවුන්ගේ ක්ෂේත්‍රය තුළදීම හෝ විශේෂ විදහා දැක්වීම් තුළින් සිදු කිරීම මෙම විශේෂ ජාතික කුරුඳු ප්‍රවර්ධන මෙහෙයුමේ ඇති විශේෂත්වයයි.
අස්වැන්න
පසුගිය දශකය පුරාම කුරුඳු අපනයනය වසරකට මෙ.ටො. 12,000ක පමණ අගයක තමයි සාමාන්‍යයෙන් පැවතුණේ. ඉන් එහා වැඩිවීමක් දක්නට ලැබුණේ නැහැ. නමුත් අප දෙපාර්තමේන්තුව මගින් කුරුඳු වගාවල ඵලදායීතාව හා අස්වැන්න වැඩිකිරීමේ බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කළා. එමඟින් අස්වැන්න වැඩි වුණත් යහපත් නිෂ්පාදන පිළිවෙත් භාවිත නොකිරිම, ගුණාත්මයේ පැවති ඌනතා, සැකසුම්කරුවන්ගේ හිඟය හා පාරිභෝගික රුචිකත්වය මත නිෂ්පාදන බිහි නොවීම ආදිය අපනයනය වර්ධනය නොවීමට හේතු වුණි.
තරුණ කෘෂි ව්‍යවසායකයන්
ඒ අනුව ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ සම්පත් සංවර්ධනය කිරීමත්, කෘෂිකර්මාන්තය නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ තරුණ කෘෂි ව්‍යවසායකයන් බිහිකිරීමත් සිදුවෙමින් පවතිනවා. මෙයට සමගාමීව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා සංවර්ධන මෙහෙයුමත් ක්‍රියාත්මකයි.
එම ආයෝජන දීර්ඝ කාලීන වුවත් මෙහි ප්‍රතිඵල දැනටමත් ලැබෙමින් පවතිනවා. ඒ අනුව 2017 වසරේ දී කුරුඳු නිෂ්පාදන මෙ.ටො.17,000ක් පමණ අපනයනයෙන් විදේශ විනිමය රුපියල් මිලියන 31,000ක් ජාතියට උපයා දීමට හැකි වුණා. එය 2016 වසරට සාපේක්ෂව 13.1%ක අපනයන වර්ධනයක් පැවැතුණි .
කුරුඳු ඉඩම්වල අස්වනු කෙරේ බලපාන පසේ ආම්ලිකතාව පරීක්ෂාව හා එය මඟහැරවීමට අවශ්‍ය තාක්ෂණය ලබා දීම සිදු කරයි.එමෙන්ම කුරුඳු ඉඩම්වල අස්වනු තත්ත්ව විශ්ලේෂණය කොට අස්වනු වැඩිදියුණු කිරීමට නිර්දේශයන් සහිත වාර්තාවක් නොමිලේ නිකුත් කිරීමටත් කටයුතු සම්පාදනය කර අවසන්. සාමාන්‍යයෙන් කුරුඳු වගාවේ රෝග, පළිබෝධ හදුනාගැනීම හා ඒවා මර්දනය පිළිබඳ දැනුම හා උනන්දුව වගාකරුවන් අතර ඇත්තේ ඉතා අඩු මට්ටමකයි. ඒ පිළිබඳවත් ප්‍රායෝගික දැනුවත් කිරීම්ද මෙම දිනවල ක්‍රියාත්මකයි. එමෙන්ම කුරුඳු අස්වැන්නේ ගුණාත්මය ක්ෂේත්‍රය තුළදීම පරීක්ෂාකර තත්ත්ව සහතිකයක් ලබාදීමටත් මෙහි දී කටයුතු කරයි.
එකතු කළ අගය
කුරුඳුවල අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය හා අපනයන වෙළෙඳපොළ පිළිබඳව ප්‍රායෝගික මඟ පෙන්වීමක් සිදු කිරීමට ද නියමිතයි.
කුරුඳු සැකසුම්කරුවන්ගේ ගැටළු විසඳීමට තරුණ කුරුඳු සැකසුම් තාක්ෂණ ශිල්පීන් විධිමත්ව පුහුණු කිරීමට පෙළඹවීමත් ඔවුන්ට ජාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රයක් පිරිනැමීමටත් ජාතික කුරුඳු පුහුණු මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් කටයුතු කරනවා. මෙම වැඩසටහන් කුරුඳු වගා කරන ප්‍රධාන ප්‍රදේශ වන ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර හා රත්නපුර යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සිදු වේ.
තුන්වන දිනයේ දී එනම් මැයි 09 දින මාතර තිහගොඩ පිහිටි ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේදී විශේෂ වැඩමුළුවක් පැවැවේ.
එහිදි පර්යේෂණ නිලධාරීන්, ක්ෂේත්‍රතමය නිලධාරීන් මෙන්ම වෙනත් අදාල පාර්ශවයන් අතර දැනුම හා තාක්ෂණය බෙදාහදා ගන්නා සංවාදයක් හා කතිකාවක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබේ.
පොහොර හා උපදෙස්
අවසන් දින දෙක තුළ එනම් මැයි මස 10 හා 11 දෙදින කුරුඳු කර්මාන්තය ආශ්‍රිත විශේෂ කෘෂිකාර්මික හා වෙළෙඳ ප්‍රදර්ශනයක් පැවැත්වේ. ඒ මාතර නූපේ පැරැණි ඕලන්ද වෙළෙඳ පරිශ්‍රය තුළයි.
එහි දී කර්මාන්තය සඳහා අවශ්‍ය ඒ යෙදවුම් ලබාදෙන රජයේ, පෞද්ගලික හා රාජ්‍ය නොවන ආයතනවලින් ලබාදෙන සේවා පහසුකම් ලබාගත හැකියි. මෙහිදී පොහොර, කෘෂි රසායන, යන්ත්‍රෝපකරණ, නව නිෂ්පාදන ආදිය මිලදී ගැනීමට හෝ ඒ ආශ්‍රිත අත්දැකීම් ලබාගැනීමේ ඉඩ ප්‍රස්තාව පවයි. ඕනෑම ක්ෂේත්‍රයක කෙනකුට පැමිණ දැනුම්වත් වීමේ හැකියාව තිබේ.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනි.
දිශාන්ති නිරෝෂා කොඩිතුවක්කු