
සියඹලා (Tamarindus indica) ෆැබසියෙ (Fabaceae) කුලයට අයත්, නිවර්තන කලාපික, සදාහරිත වෘක්‍ෂයකි. දකුණු ආසියාවට හා නිවර්තන අප්‍රිකාවට ආවේණික යයි සැලකේ. උචිත පරිසර සාධක යටතේ අඩි 80 - 100 පමණ උසට වැඩේ. කුඩා පොකුරු වශයෙන්, කහ පාට මල් හට ගනී. සුළඟට ඉතා හොඳින් ඔරොත්තු දෙන ශාකයකි.[1] ශාකයේ බීජ, අක්‍රමවත් වකයන් පෙන්වන, අඟල් 3 - 4 ක් දිග, කරල් තුළ හට ගනී. කරලේ පවතින දුඹුරු පැහැති මාංසල කොටස ආහාරයට ගත හැකි ය. ඇඹුල් රසැති එය කුළු බඩුවක් වශයෙන් පෙරදිග රටවල බහුලව භාවිතා කරනු ලැබේ. අලංකරණයට, සෙවණ ශාකයක් වශයෙන් හා ආහාරයට ගන්නා කරල් ලබා ගැනීම සඳහාත් සියඹලා වගා කරයි.
ඉදුණු සියඹලා මිහිරි හා ඇඹුල් රස මිශ්‍රය . එය උෂ්ණාධික ය. සියඹලා බොර, ආහාර රුචිය වඩවයි. පිපාසය සමනය කරයි. සියඹලා බොර විරේක ගුණයෙන් යුක්තය. පත්‍ර අඹරා ගත් පත්‍ර කල්කය දැවිලි සහිත ඉදිමුමට ආලේප කරයි.
වසරක් දෙකක් පමණ පැරැණි වූ ඉදුණු පල ආමාශයට හා අන්ත්‍රවලට ගුණ දායක ය. මල බද්දය දුරු කරවයි. අඹරාගත් කොළ තැලුම්, ඉදිමුම්වලට ගෑමට යොදා ගනී. ඉදුණු සියඹලා මද හදවතට ගුණදායකය. සියඹලා දලු හා මල් අතීසාරයට ගුණ දේ. සියඹලා දලු හා මල් ව්‍යංජනයක් ලෙසද ආහාරයට ගනියි. සියඹලා මල් ප්‍රදාහ කාරක රෝගවලට ආලේප කෙරේ. මිරිකා ගත් මල් යුෂ රක්ත අර්ශස් රෝගයේදී දෙනු ලැබේ . සියඹලා කුළු බඩුවක් ලෙස ආහාරයට යොදා ගනී.
සියඹලා කුඩා ළමයින්්ට අනගි විරේක ඔසුවකි. අව්වේ සිටීමෙන් ඇතිවන ශරීර පීඩා දැවිලි සහිත රෝග නැසීමේ ශක්තිය සියඹලා සතුය. කෑම අරුචිය, බඩගින්න නොමැතිකම යන මේවාට ප්‍රතිඵල ලබා දෙන පානයකි.
සියඹලා බොර පානය, ගෙඩි - වණ, අර්බුද , පිළිකාවලදී සියඹලා ඇට ආලේපය සදහා ගැනේ. සියඹලා ඇට කසට රස යුක්තය.
එබැවින් අතීසාර හා විසර්ප රෝග හරණයට අනගි ඔසුවකි . සියඹලා බීජයේ රතු පැහැති කුරුට්ටේ අතීසාර නාසක ගුණ පවතියි . බීජ වලින් සැකසූ ඖෂධ උණ , මූත්‍ර , ව්‍යූහගත ආබාධ, සන්ධිගත රෝග, නසයි. පත්‍ර වලින් සකසා ගත් කසාය උගුරේ ආබාධයනට උගුර සේදීම සදහා ගැනේ. අතීසාර රෝගින්ට සියඹලා කොළ ජලයෙන් පොඩිකර ලබා ගත් ආම්ලික සාරය මූත්‍ර ගල් අවස්ථාවලදී භාවිත කෙරේ.
යශෝදා ඉන්දීවරී