
පටක රෝපණය යනු විසංගමික (වෙන් කරන ලද ) සජීව පටකයක් හෝ පටක කොටසක් ශාක ඉන්ද්‍රීයයන්, ප්‍රාක් ප්ලාස්මය හෝ පූර්ණ ශාකයක් ජීවාණු හරිත තත්ත්ව යටතේ ( ක්ෂුද්‍ර ජිවීන්ගෙන්) තොර කෘත්‍රිම රෝපණ මාධ්‍යක් තුළ පාලිත පරිසර සාධක යටතේ (පාලනය කරන ලද පරිසර සාධක) රෝපණය කර එයින් සම්පූර්ණ ශාක ලබා ගැනීම ය. එක් මව් ශාකයකින් ලබා ගන්නා ශාක / සෛල සමූහයකින්, කොටසකින් මව් ශාකයට මුළුමනින් ම සමාන දුහිතෘ ශාක විශාල ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වීම පටක රෝපණයේ ප්‍රධාන වාසිය වේ. පටක රෝපණය අපූති තත්ත්ව යටතේ (ජීවාණු හරණය කළ) ක්ෂුද්‍ර ජීවින්ගේ බලපෑම අවම කරමින් චීනය, තායිලන්තය, ජපානය, ආදී රටවල්වල වර්තමානයේ නිවාස තුළ පටක රෝපණය සිදු කරනු ලැබේ.
ශාක සෛල වලට සම්පූර්ණ ශාකයක් බවට විකසනය වීමට හැකියාවයක් ඇත. මෙය සෛල ප්‍රවණතාව හෙවත් සෛල ජනන විභවය (totipotency) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම සිද්ධාන්තය පාදක කරගෙන සෛලවලින් නව ශාකයක් බිහිකර ගැනීමට විද්වතුන් අතීතයේ සිටම යත්න දැරූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස “පටක රෝපණය“ නම් වූ තාක්ෂණය බිහිවිය. පහත දැක්වෙන්නේ විශ්වවිද්‍යාලයීය විද්වතුන් දෙදෙනකු විසින් පටක රෝපණය යනු කුමක් ද? එහි ස්වභාවය පිළිබඳව දැක්වූ අදහස් කිහිපයකි.
ශාක පටක රෝපණය යනු ස්වභාවධර්මයට විරුද්ධව යන කටයුත්තක් නොවන අතර එය ජාන ඉංජිනේරු විද්‍යාවේ යෙදවුමක් ලෙස භාවිත කෙරේ. ශාක පටක රෝපණය විශේෂයෙන් මිල අධික හෝ අනතුරුදායක නැත. ශාක පටක රෝපණය සඳහා අවශ්‍ය වනුයේ එය සිදු කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම හා එක් එක් ශාක වර්ග සඳහා නිර්දේශ වූ රසායනිකවල මූල ලේඛන ( Protocol ) පමණි.
පටක රෝපණයේ ඉතිහාසය දෙස හැරී බැලීමේදී, දහ නව වන ශතවර්ෂයේදී පාලනය කල රසායනාගාර තත්ත්ව යටතේ පැළවල පටක හා අවයව අත්හදා බැලීමේ අදහස උපත ලැබී ය. වර්ෂ 1902 දී ප්‍රථම වතාවට ශාක සෛල ජනන විභවය සංකල්පය " ගොඩ්ලිව් හබර්ලන්ඩ් (Gottleib Haberlandt) උද්භිද විද්‍යාඥයා විසින් හඳුන්වා දෙන ලදී. මොහු ශාක පටක රෝපණයේ පියා ලෙස හදුන්වනු ලබයි.
පටක රෝපණය යනු විසංගමික (වෙන් කරන ලද) සජීව පටකයක් හෝ පටක කොටසක් ශාක ඉන්ද්‍රීයයන්, ප්‍රාක් ප්ලාස්මය හෝ පූර්ණ ශාකයක් ජීවාණු හරිත තත්ත්ව යටතේ (ක්ෂුද්‍ර ජිවීන්ගෙන්) තොර කෘත්‍රීම රෝපණ මාධ්‍යක් තුළ පාලිත පරිසර සාධක යටතේ (පාලනය කරන ලද පරිසර සාධක) රෝපණය කර එයින් සම්පූර්ණ ශාක ලබා ගැනීම ය.
එක් මව් ශාකයකින් ලබා ගන්නා ශාක / සෛල සමූහයකින්, කොටසකින් මව් ශාකයට මුළුමනින් ම සමාන දුහිතෘ ශාක විශාල ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වීම පටක රෝපණයේ ප්‍රධාන වාසිය වේ. පටක රෝපණය අපූති තත්ත්ව යටතේ (ජීවාණු හරණය කළ) ක්ෂුද්‍ර ජීවින්ගේ බලපෑම අවම කරමින් චීනය, තායිලන්තය,ජපානය,ආදී රටවල්වල වර්තමානයේ නිවාස තුළ පටක රෝපණය සිදු කරනු ලැබේ.
ශාක පටක රෝපණයේ දී ඉවහල්වන ප්‍රධානතම මූලධර්මය නම් සෑම සජීවි ශාක සෛලයකටම ඇති විභජනය වී විභේදනය වීමේ හැකියාව ය. නියමිත ජෛව තුලනාත්මක සාධක ලබා දීම මඟින් සම්පූර්ණ ශාකයක් බවට පත් කර ගැනීමය. මෙය සෛල ජනන විභවය (Cellular Totipoteney ) ලෙස හැඳින්විය හැක.
පටක රෝපණය සඳහා ශාකවල විවිධ කොටස් භාවිතා කළ හැකි.
උදා- පටක- විභාජක, පත්‍ර කැබලි (නාරටි සහිත), අංකුර
සෛල- පරාග, ඩිම්බ
අවයව- බීජ, පරාගධානි
වෙනත්- ප්‍රාක් ප්ලාස්මාව,කලල කිණක
සාමාන්‍යයෙන් නිවසක පටක රෝපණය හරහා සමහර ශාක නිපදවීම කළ හැකි ය. නිවසේ දී මිල අධික රසායනාගාර උපකරණ සහ රසායනික ද්‍රව්‍ය ,පොදුවේ හමුවන භාණ්ඩ හා ද්‍රව්‍යවලින් ප්‍රතිෂ්ථාපනය කොට යොදාගත හැක.
පර්ණාංග ශාක,ඕකිඩ් , ඇන්තූරියම්, අප්‍රිකන් වයලට් (African Violet ) සහ වෙනත් ශාක ගණනාවක් නිවසේදී පටක රෝපණය මඟින් ගුණනය කළ හැක. ශ්‍රී ලංකාවේ පටක රෝපණය සිදු කරනු ලබන රාජ්‍ය මෙන් ම පෞද්ගලික ආයතන රාශියක් පවතින අතර සුළු පරිමාණ මල් වගාකරුවන් අතර පටක රෝපණය සිදු වනු දැක ගැනීම ඉතා අල්ප ය.
ඕකිඩ්, ඇන්තූරියම්, ඖෂධ පැල, අන්නාසි, කෙසෙල්, වැනි ශාක ශ්‍රී ලංකාව තුල පටක රෝපණය කර වගාකරුවන්හට රෝපණ පැල ලබා දීම සිදු කරනු ලබයි. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට පටක රෝපණය ඉතාම වැදගත් අංගයක් වනුයේ ඉල්ලුමට ගැළපෙන සැපයුමක් ලබා දීමට එය පහසු කාර්යයක් වන නිසා ය.
විද්‍යාගාරය තුළ බීජ හා පැළ රෝපණය ( Intact Plant ), කළල රෝපණය ( Immatara embryo Culture) අවයව රෝපණය ( Orgon Culture ) කිණක රෝපණය ( Callus Culture) සෛල අවලම්බන රෝපණය ( Cell Suspension Culture ) යන රෝපණ ක්‍රම සිදු කරනු ලබයි. එමෙන් ම අවයව රෝපණය යටතේ අග්‍රස්ථ අංකුර රෝපණය ( Shoot tip Culture ), මුල් රෝපණය ( Root Culture ), පත්‍ර රෝපණය ( leaf Culture ) සහ පරාග රෝපණය ( Anther Culture ) සිදු කරනු ලබයි.
නවීන විද්‍යාවේ පටක රෝපණ යෙදවුම් ලෙස ක්ෂුද්‍ර ප්‍රචාරණය (micro Propagation ), ජාන ප්ලාස්ම සංරක්ෂණය ( Germplasm Preservation), දෛහික විචලනය( Somaclonal Variation ) ප්‍රාක් ප්ලාස්ම සංයෝජනය ( Profoplast Fusion ) ජාන ඉංජිනේරු විද්‍යාව ( Genetic Engineering ) බහු ගුණක නිෂ්පාදනය (Poly Ploid Production) සහ ද්විතියික පරිවෘත්තජ නිෂ්පාදනය ( Secondory meta bolities Production ) පෙන්වා දිය හැකිය.
ශ්‍රී ලංකාව වැනි ඉහළ උෂ්ණත්වයක් හා ආර්ද්‍රතාවක් ඇති රටක බොහෝ විට ක්ෂුද්‍ර ජීවීන් බහුල ය. එය පටක රෝපණය සඳහා එතරම් සුදුසු නොවන අතර අවට පරිසරයේ ක්ෂුද්‍ර ජීවීන් බහුල වීම නිසා පටක රෝපණවලට ඇතුළු වී පෝෂණ මාධ්‍යයේ වර්ධනය විය හැක. එම නිසා පටක රෝපණ විද්‍යාගාරය ක්ෂුද්‍ර ජීවීන් ආසාදන වැළැක්වීම ද රෝපිත වර්ධනයට අවශ්‍ය සියලු අවශ්‍යතා ලබා දීම සඳහා විශේෂිත පහසුකම්, උපකරණ හා නියමිත තත්ත්ව සහිත සංවෘත විද්‍යාගාරයක් සැලසීම ද වැදගත් වේ.
පටක රෝපණය සඳහා කෘත්‍රීම වගා මාධ්‍යක් පිළියෙල කල යුතු ය. පටක වර්ධනය සහ රූපානූ ජනනය කෙරෙහි රෝපණ මාධ්‍ය ප්‍රධාන වශයෙන් බලපානු ලබයි. ශාක වේදනය මෙන් ම භාවිතා කරනු ලබන ශාක කොටස වගා මාධ්‍යයේ සංයුතිය වෙනස් වන අතර, පොදුවේ වගා මාධ්‍ය පිළියෙළ කිරීමට ගන්නා මූලික පෝෂක සංඝටක බෝහෝ දුරට සමාන ය. රෝපණ මාධ්‍යයේ සංයුතිය ලෙස අකාබනික පෝෂක ( මහා මූලද්‍රව්‍ය හා ක්ෂුද්‍ර මූල ද්‍රව්‍ය ), කාබන් හා ශක්ති ප්‍රභව, කාබනික ද්‍රව්‍යය වර්ධක යාමක, ජෙල් කාරක වෙනත් ආකලන මූලද්‍රව්‍ය හා ජලය අඩංගු වේ.
එමෙන් ම සදා ගනු ලබන පෝෂක මාධයයේ pH අගය වර්ධනය වන ශාක සෛලයන්ගේ pH අගයට සමානව පවත්වා ගත යුතු අතර ශාක පටක රෝපණයේ දී සාමාන්‍යයෙන් pH අගය 5.6 ත් 5.8 ත් අතර පවත්වා ගනී.
උපදෙස් - මහාචාර්ය නිලන්ති දහනායක
සහ කථිකාචාර්ය චතුර පෙරේරා
කෘෂිවිද්‍යා අධ්‍යයනය අංශය
කෘෂිකර්ම පීඨය රුහුණ විශ්වවිද්‍යාලය .