
පසුගිය සතියේ අපි මේ මාංස භෝග යනු මොනවාද, ඒවායේ සෞඛ්‍යමය වැදගත්කම මෙන්ම මාංස භෝග මඟින් ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම පිළිබඳ තොරතුරු කතා කළෙමු. අද එම එක් එක් මාංස භෝග වර්ග සහ ඒවායේ ගුණ අගුණ පිළිබඳ විස්තර දැන ගනිමු.
කොල්ලු
සෘජු කඳක් හා ආරෝහක ශාඛා සහිත වාර්ෂික පැළෑටියකි. ඇට ලබා ගැනීම සඳහා වගා කෙරේ. ඒවා තම්බා ආහාරයට ගැනේ. කොල්ලු බීජ ග්‍රෑම් 100 ක, ජලය ග්‍රෑම් 11.08 ක්, ශක්තිය කිලෝ කැලරි321 ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 22 ක් සහ මේද ග්‍රෑම් 0.5 ක් ද වශයෙන් පෝෂ්‍ය පදාර්ථ අඩංගු වේ. ඖෂධීය කටයුතු සඳහා ද යොදා ගැනේ. රෝග රැසකටම ගුණ දෙන භෝග වර්ගයකි. රනිල කුලයට අයත් ය.
කවුපි
සෙ. මීටර් 25 -50 අතර උසට වැඩෙන, වාර්ෂික පැළෑටියකි. අමු කරල් සහ ඇට ආහාරයට ගැනේ. කවුපි හොඳ ප්‍රෝටීන හා කෙදිති ප්‍රභවයකි. ලයිසින් හා ට්‍රිප්ටොෆාන් යන ඇමයිනෝ අම්ල දෙකෙන්ද පොහොසත්ය. වියළි කවුපි ඇට ග්‍රෑම් 100 ක, ශත්තිය කිලෝ කැලරි 342 ක්, ජලය ග්‍රෑම් 11ක්, ප්‍රෝටීන ග්‍රෑම් 23.95ක්, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 59.88 ක්, කෙදිති ග්‍රෑම් 10.68ක්, මේදය ග්‍රෑම් 2.04 ක්ද ලෙස පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගතය. මීට අමතරව කැල්සියම් , යකඩ, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම්, සින්ක්, විටමින් වර්ග ද කවුපිවල සුළු වශයෙන් අඩංගු වේ. මේ අනුව සැබවින්ම ඉහළ පෝෂ්‍යදායී, ශක්ති ජනක ධාන්‍ය වර්ගයකි. හෘද රෝග, පිළිකා, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝග රැසකට ගුණ දේ. රනිල කුලයට අයත්ය.
මුං ඇට
සෙ.මීටර් 60ක් පමණ උසට වැඩෙන වාර්ෂික පැළෑටියකි. තබ්බා හෝ ව්‍යංජනයක් වශයෙන් මුං ඇට පිළියෙල කොට ආහාරයට ගනී. වියළි මුං ඇට ග්‍රෑම් 100 ක, ජලය ග්‍රෑම් 10.1ක්, ශත්තිය කි. කැලරි 348ක්, ප්‍රෝටීන ග්‍රෑම් 24.5 ක්, මේද ග්‍රෑම් 1.2 ක්, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 59.9ක්, අඩංගු වේ. ඊට අමතරව කැල්සියම්, පොස්පරස්, යකඩ, කැරොටීන්, වැනි පෝෂ්‍ය පදාර්ථ ද අන්තර්ගතය. ළපටි මුං ඉතා හොඳ විටමින් C ප්‍රභවයකි. අංශභාගය, ස්නායු ආබාධ, අක්මා රෝග වැනි රෝග රැසකටම ගුණ දෙන පෝෂණ ගුණයෙන් අනුන ධාන්‍යයකි. රනිල කුලයට අයත් ය.
කඩල
අඩියක් පමණ උසට වැඩෙන වාර්ෂික පැළෑටියකි. කඩල බීජ තම්බා හෝ බැඳ හෝ ව්‍යංජනයක් ලෙස ද පිළියෙල කර ගත හැකිය. අතිශය පෝෂ්‍යදායි, ශක්තිය වඩවන ආහාර භෝගයකි. කඩල ඇට ග්‍රෑම් 100 ක, ජලය ග්‍රෑම් 9.8 ක්, ප්‍රෝටීන ග්‍රෑම් 17.1ක්, මේද ග්‍රෑම් 5.3ක්, ඛණිජ ග්‍රෑම් 3ක් , කෙදිති ග්‍රෑම් 3.9 ක්, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 60.9 ක් ද වශයෙන් පෝෂ්‍ය පදාර්ථ අඩංගු වේ. එමෙන්ම කැල්සියම්, පොස්පරස්, යකඩ, විටමින් ආදිය ද අඩංගු වේ. දියවැඩියාව වැනි රෝග රැසකටම ගුණ දේ. රනිල කුලයට අයත් ය. කෙසේ නමුත් අධික ලෙස කඩල පරිභෝජනය මුත්‍රාශයේ ගල් සෑදීමට හේතු විය හැකි බව දැක්වේ.
පරිප්පු
සෙ. මීටර් 40 ක් පමණ උසට වැඩෙන වාර්ෂික, පඳුරුමය ශාකයකි. මෙහි පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගුය. පරිප්පු ග්‍රෑම් 100 ක, ශක්තිය කිලෝ කැලරි 353 ක්, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 60 ක්, සීනි ග්‍රෑම් 2ක්, කෙඳිති ග්‍රෑම් 31ක්, මේදය ග්‍රෑම් 1ක්, ප්‍රෝටීන ග්‍රෑම් 26 ක්, ජලය ග්‍රෑම් 10.4ක් වශයෙන් අඩංගු වේ. එසේම විටමින් වර්ග 7ක් පමණ ද අඩංගු ය කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, සෝඩියම්, සින්ක්, පොටෑසියම් වැනි ඛණිජ වර්ග ද අන්තර්ගතය. කොලොස්ටරෝල්, දියවැඩියාව, හෘද රෝග පාලනයට උපකාරී වේ. අමෙරිකාවේ සුප්‍රසිද්ධ ‘Health’ සඟරාව විසින් ලොව හොඳම ආහාර 5න් එකක් ලෙසද පරිප්පු නම් කර ඇත. රනිල කුලයට අයත්ය.
ආහාර හා පෝෂණ විශේෂඥ වෛද්‍ය
සෙලී ප්‍රනාන්දු