
නයිට්‍රජන් ප්‍රධාන වශයෙන් දායක වනුයේ ශාක වර්ධනය සඳහා ය. එය ඌණ වූ විට දී පරිණත පත්‍රයන් කහ පැහැ ගැන්වේ. පොටෑසියම් හී ප්‍රධාන කාර්‍ය භාර්‍ය වනුයේ පුෂ්ප හා ඵල හට ගැනීමට දායක වීමය. තවද එය එන්සයිම සක්‍රීය කරලීමටද ප්‍රධාන වශයෙන් උපකාරී වේ.පොටෑසියම් ශාකයට හිඟ වූ විට පත්‍ර අග්‍ර වල හරිතක්ෂය ඇති වී පත්‍ර ක්‍රමයෙන් දුඹුරු පැහැ ගැන්වේ.ශාකයේ මූල පද්ධතිය මනා ලෙස වර්ධනයට හා ශක්ති හුවමාරුව සඳහා ප්‍රධාන වශයෙන් ශාකයට අවශ්‍ය වනුයේ පොස්පරස් ය.එය නියමිත ප්‍රමාණයට වඩා අඩු වූ විට ශාකය කුරු වීම මෙන්ම පත්‍ර දම් පැහැයට හුරු තද කොළ පැහැයකට ලක්වීම සිදුවේ.
මෙම ඌණතා මඟහරවා ගැනීමට නම් පෝෂක ඌණ පසට බාහිරින් පොහොර ලබා දීම කළ යුතුමය. පොහොර වර්ග ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට බෙදා දැක්විය හැකිය. ඒ කාබනික පොහොර හා රසායනික පොහොර ලෙසය . කාබනික පොහොර යනු ශාකමය හෝ සත්වමය කොටස්වලින් ව්‍යුත්පන්න වූ පෝෂක අන්තර්ගත වූ පොහොරය .රසායනික පොහොර යනු විශේෂිත තාක්ෂණික ක්‍රම මඟින් සකසා ගන්නා අකාබනික පොහොර වර්ගය.
කාබනික පොහොර යෙදීමේ වැදගත්කම
මේ අතරින් ගෙවත්තේ වගා කටයුතු සඳහා කාබනික පොහොර වඩා වැදගත් වේ. කාබනික පොහොර යොදා වගා කරන බෝග වලට පළිබෝධ හානි හා අනෙකුත් රෝග වැළදීමේ අවධානම අඩුය. එමනිසා කෘෂි රසායනික යෙදීමට වන අවස්ථාවන් සීමාසහිතය . සැබවින්ම කාබනික පොහොර යනු පරිසර හිතකාමී යෙදවුමකි.
සෞඛ්‍යාරක්ෂිතය. එහෙයින්ම වෙෙළඳපොළ තුළ වුවද කාබනික පොහොර යොදා නිපදවූ එළවළු පලතුරු වලට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. කාබනික පොහොර ගෙවත්තේ වගා කටයුතු වලට යොදා ගැනීමෙන් බෝගයට අවශ්‍ය කරන ප්‍රධාන පෝෂක හා අංශු මාත්‍ර පෝෂක වලට අමතරව තවත් වාසි රැසක් ළඟා කරදෙයි..වගා කිරීමට යෝග්‍ය ගුණාත්මක පසක් සකසා ගැනීමට මෙමඟින් අවකාශ ලැබේ.පාංශු වාතනය වැඩි දියුණු කරන අතර එමඟින් බෝගයේ මූල පද්ධතියට හොඳ වාතාශ්‍රයක් ලැබේ.කැටායන ධාරිතාව වැඩි වීම නිසා යොදන රසායනික පොහොර වුවද වැඩි කලක් පස තුල රඳවා බෝගයට වැඩි කලක් පෝෂක ලබා දීමට හැකි වේ.
පාංශු ජලය රඳවා ගනිමින් පසේ තෙතමනය ආරක්ෂා කරයි. ශාක වර්ධනයට හිතකර පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරීවය වැඩි කරයි.රසායනික පොහොර වලින් ලබාදීමට අසමත් ශාක එන්සයිම,හෝර්මෝන ආදීය මෙමඟින් ලබා දෙයි. එපමණක් නොව ආර්ථිකවද කාබනික පොහොර යෙදීම වාසි සහගතය.බොහෝ විට මේ සඳහා යොදා ගන්නේ ගෙවත්තෙන් ඉවතලන ද්‍රව්‍යයයි. උදාහරණයක් ලෙස නිවසෙ ඉවුම් පිහුම් කටයුතු වලින් ඉවත් කරන දේ, සතුන්ගේ මළ මුත්‍රා, ගෙවත්තේ ගස් වලින් බිම වැටෙන පත්‍ර හා ළපටි දඬු ආදී කසළ ලෙස බැහැර කරන බොහෝ දේ කාබනික පොහොර සඳහා කදිම යෙදවුම්‍ය . භෝග වගාවට රන් මෙන් වටිනා කාබනික පොහොර කිසිදු පිරිවැයක් නොදරා නිවසේදීම සාදා ගත හැකිය. කොම්පෝස්ට්,කොළ පොහොර, සත්ත්ව පොහොර, දියර පොහොර හා භෝග ශේෂ ආදී ලෙස විවිධාකාර කාබනික පොහොර වර්ග ඇත.
කොම්පෝස්ට් පොහොර
කොම්පෝස්ට් පොහොර සෑදීමද තිබෙන සම්පත් හා දේශගුණය අනුව විවිධ ක්‍රම වලට සාදා ගත හැකිය.ඒ කුමන ක්‍රමයේදී වුවද සිදු කරනු ලබන්නේ යොදා ගනු ලබන කාබනික ද්‍රව්‍යයේ ක්‍රමානුකූලව දිරාපත් කිරීමකට ලක් කර ශාක පෝෂක අඩංගු ද්‍රව්‍යයක් බවට පරිවර්තනය කරයි. මේ ක්‍රියාවලියේදී උෂ්ණත්වය හා ජලය සැපයීම ක්‍රමවත්ව පාලනය කිරීමෙන් තුළින් දිරාපත් කරවීම සිදු කෙරේ.
වළ ක්‍රමය
යහමින් ඉඩකඩ ඇති ගෙවත්තක කොම්පෝස්ට් සෑදීමට හැකි ක්‍රමයක් ලෙස වළ ක්‍රමයට කොම්පෝස්ට් සැකසීම හැඳින්විය හැකිය.මේ සඳහා කළ යුත්තේ ගෙවත්තේ සුදුසු තැනක වළක් කැපීමය. යොදන යෙදවුම් ප්‍රමාණය හා පුද්ගල අභිමතය අනුව වළෙහි පරිමාව සකසා ගත හැකිය.
මෙහි වල පිරවීමට ගන්නා යෙදවුම් වනුයේ මුලුතැන්ගෙයින් ඉවතලන ඉඳුල් , ගෙවත්ත අතුගා එකතු වන කොල රොඩු ආදි නිවසෙන් ඉවතලන ද්‍රව්‍යයයි.
මෙවන් දේ වැඩිපුර එකතු වන නිවසක නම් ප්‍රමාණයෙන් විශාල වළක් කැපීම කළ හැකිය.කැපූ වලට මෙම ඉවතලන ද්‍රව්‍යය පිරවිය යුත්තේ තට්ටු ආකාරයටය . එක් තට්ටුවක උස සෙන්ටිමීටර 15ක් පමණ වීම ප්‍රමාණවත් වේ.
මුල්ම තට්ටුව පිරවිය යුත්තේ දිරීමට වැඩි කාලයක් ගත වන ද්‍රව්‍යයනි. ඊළඟ තට්ටුව දිරීම පහසු ඒවායෙන් සමන්විත වේ. ඉන්පසු කාබන් ප්‍රමාණය අධික පිදුරු වැනි ද්‍රව්‍ය තට්ටුවක් එක් කිරීම යෝග්‍ය වේ.
සෑම තට්ටුවක් එක් කළ පසු එයට ජලය ඉසීමද කළ යුතුය.මේ පිළිවලට අනුයාත තට්ටු කිහිපයක්ම යොදා ගනිමින් වළ සම්පූර්ණයෙන්ම පුරවයි. මෙලෙස සම්පූර්ණ වලම එක් දිනකින් පිරවීම ප්‍රායෝගිකව අපහසුය.එමනිසා දින කිහිපකට පසු හෝ වළ සම්පූර්ණයෙන් පිරුණු පසුව වල හොඳින් තද කෙරේ.පසුව වලෙහි මතුපිට මැටි ගැසීමෙන් හෝ පොලිතින් උරයකින් හෝ ආවරණය කරනු ලැබේ. මෙලෙස සැකසූ වල සති හයක් පමණ තිබෙන්නට ඇර ඉන්පසුව එහි පුරවන ලද ද්‍රව්‍ය ඒ මේ අත පෙරළමින් හොඳින්ම මිශ්‍ර කිරීම කරයි. නැවත සති හයකට පසු මෙලෙසම පෙරළමින් හොඳින් මිශ්‍ර කිරීම කළ යුතු වේ. සති පහළොවකට පමණ පසු නිවසෙන් බැහැර කළ අපද්‍රව්‍ය වගාවට යෙදිය හැකි කොම්පෝස්ට් පොහොර බවට පත්ව ඇති අයුරු දැකිය හැකිය.
එහෙත් මෙලෙස කොම්පෝස්ට් කරණය වීමේ ක්‍රියාවලිය මන්දගාමී යැයි වැටහෙන්නේ නම් මිශ්‍ර කිරීම දෙසතියකට වරක් සිදු කළ හැකිය. තවද මිශ්‍ර කිරීම් අතර තුරදී ගව මුත්‍රා එක් කිරීමද කළ හැකිය. පොහොර වල ගුණාත්මක බව වැඩි කිරීමට ග්ලිරිසීඩියා පත්‍ර , කුකුළු පොහොර ආදිය එක් කරයි.
ගොඩ ක්‍රමය
ගොඩ ක්‍රමයට කොම්පෝස්ට් සාදන්නේද වළ ක්‍රමයට කොම්පෝස්ට් සෑදූ අන්දමටමය.
එහෙත් වෙනස නම් මෙහි අමුද්‍රව්‍යය තට්ටු ලෙස අතුරන්නේ වලක් තුල නොව බිම මතුපිටය. මෙහිදී පෙර පරිදිම අනුයාත තට්ටු මීටරයක් පමණ උසකට අතුරනු ලැබේ.අනෙකුත් පියවර පෙර ක්‍රමය හා සමානය .
මෙම තට්ටු අතර කැපූ කෙසෙල් කඳ කැබලි තැබීමෙන් තෙතමන සංරක්ෂණය කළ හැකිය. තවද කොම්පෝස්ට් ගොඩ වියළී යන අවස්ථාවන් වලදී ජලය ඉසිමින් එහි තෙතමනය ආරක්ෂා කිරීම කළ යුතුමය .එමෙන්ම වර්ෂාවෙන් ආරක්ෂා කිරීමට ආවරණයක් යෙදීමද වැදගත් පියවරකි.
(ඉඩකඩ අඩු නාගරික ගෙවත්තක කොම්පෝස්ට් සාදා ගන්නා ආකාරය ලබන සතියේදී බලාපොරොත්තු වන්න .)
පූජනී