
දේශීයව මෙන්ම විදේශීයවද කජු සඳහා ඇත්තේ ඉහළම ඉල්ලුමකි. මෙරට කජු වගාවන්ගෙන් හරි අඩකටත් වඩා ඇත්තේ වියළි කලාපයේය. පුත්තලම, වව්නියාව, මන්නාරම, හම්බන්තොට, යාපනය, මොණරාගල ආදී දිස්ත්‍රික්ක ඒ අතරින් ප්‍රධානය. කජු වගාව දියුණු කිරීමේ පැහැදිලි විභවයක් අප රට සතුය. වියළි කලාපයේ ආන්තික බිම් කජු වගාව සඳහා සාර්ථකත්ව යොදා ගත හැකිය. මෙවන් වාණිජ කජු වගාවන් ප්‍රදේශයේ රැකියා විරහිත පිරිසට නව රැකියා උත්පාදනය කරන මාර්ගයක්ද වේ.
බක් මාසයේ උදාව යනු මෙරටට වසන්ත සිරිය කැන්දා ගෙන එන කාල වකවානුවකි. සශ්‍රීක වූ මේ සමයේ ගහ කොළ ඵල වලින් බර වේ. බක් මාසයේ මෙලෙස ඵල දරන කා අතරත් ප්‍රචලිත පලතුරකි, කජු පුහුලන්. එහෙත් 16 වන සියවස තෙක් එය මෙරටට ආගන්තුකය . බ්‍රසීලයට ආවේණික වූ කජු මෙරටට හඳුන්වා දෙනු ලැබුවේ 16 වන සියවසේදී පෘතුගීසින් විසිනි .
කජු Anacardium occidentale L. යන විද්‍යාත්මක නමින් හඳුන්වයි. වාණිජ කජු වගාවක් අරඹන්නේ නම් එය වගා කරුවන්ට තම ජීවිතයම වසන්ත සමයකට පරිවර්තනය කර ගැනීමකි. මන්ද කජු වගාව යනු අඩු යෙදවුම් මඟින් බොහොම පහසුවෙන් වැඩි ලාභ ඉපයිය හැකි වාණිජ වගාවකි. දේශීයව මෙන්ම විදේශීයවද කජු සඳහා ඇත්තේ ඉහළම ඉල්ලුමකි. මෙරට කජු වගාවන්ගෙන් හරි අඩකටත් වඩා ඇත්තේ වියළි කළාපයේය. පුත්තලම, වව්නියාව, මන්නාරම, හම්බන්තොට, යාපනය, මොණරාගල ආදී දිස්ත්‍රික්ක ඒ අතරින් ප්‍රධානය. කජු වගාව දියුණු කිරීමේ පැහැදිලි විභවයක් අප රට සතුය.
වියළි කලාපයේ ආන්තික බිම් කජු වගාව සඳහා සාර්ථකත්ව යොදා ගත හැකිය. මෙවන් වාණිජ කජු වගාවන් ප්‍රදේශයේ රැකියා විරහිත පිරිසට නව රැකියා උත්පාදනය කරන මාර්ගයක්ද වේ. අනෙක් වාණිජ බෝගවලට සාපේක්ෂව මේ සඳහා වැය වනුයේ අඩු නිෂ්පාදන පිරිවැයකි.ඉක්මන් ඵලදාවක් ලැබෙන හෙයින් ඉක්මන් ලාභයක්ද ලැබිය හැකිය. වගා නඩත්තුව පහසුය .කජු ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදනයන් වලට යොමු වන්නේ නම් එමඟින් ලාභය තව තවත් වැඩි කර ගත හැකිය.
ප්‍රභේද
WUCC 1, WUCC 5, WUCC 8, WUCC 9, WUCC 13, WUCC 19, WUCC 23 සහ WUCC 21 ආදී කජු ප්‍රභේද කිහිපයක්ම මෙරට වගා කරුවන් අතර ප්‍රචලිතය.
WUCC 1
ඉහළ අස්වැන්නක් ලබා දෙන මෙම ප්‍රභේදය 2012 වසරේදී හඳුන්වා දෙනු ලැබීය. බීජ ප්‍රමාණයෙන් විශාලය. ගෙඩියක බර සාමාන්‍යයෙන් ග්‍රෑම් 9කි. පහසුවෙන් ලෙලි ගැලවේ. පරිණත කජු පුහුලම රතු වන් කහ පැහැයක් ගනියි.
WUCC 23
මෙම ප්‍රභේදයද 2012 වසරේදී හඳුන්වා දෙනු ලැබීය. ගෙඩියක බර ග්‍රෑම් 10.8 කටද වඩා වැඩිය. ලෙලිද පහසුවෙන් ගැලවේ.පරිණත කජු පුහුලම කහ පැහැයකින් යුක්තය.
WUCC 5
මෙම ප්‍රභේදය හඳුන්වා දී ඇත්තේ 2007 වර්ෂයේදීය. ගෙඩියක බර ග්‍රෑම් 10.8 කට වඩා වැඩිය පරිණත කජු පුහුලම රතු පැහැතිය .
WUCC 8
2007 වර්ෂයේදී වගාවට හඳුන්වා දී ඇති අතර බීජ මධ්‍යම ප්‍රමාණ්‍යකින් යුක්තය.කජු ගෙඩියේ බර ග්‍රෑම් 5-8 ත් අතර අගයක් ගනියි.පරිණත පුහුලම රතු පැහැයෙන් යුක්තය.
WUCC 9
මධ්‍යයම ප්‍රමාණයේ බීජ සහිත මෙම ප්‍රභේදය 2005 වසරේදී හඳුන්වා දෙනු ලැබීය. කජු ගෙඩියේ බර ග්‍රෑම් 5-8 ත් අතර අගයක් ගනියි.පරිණත පුහුලම රතු පැහැයෙන් යුක්තය.
WUCC 13
2007 වසරේදී හඳුන්වා දෙන ලද ප්‍රභේදයකි.ප්‍රමාණයෙන් විශාල බීජ දරයි.කජු පුහුලම රතු පැහැතිය.ගෙඩියක බර ග්‍රෑම් 8-10.8 ත් අතර අගයක් ගනියි.
WUCC 19
2005 වර්ෂයේදී හඳුන්වා දෙන ලද අතර විශාල ප්‍රමාණයේ බීජ සහිතය.පරිණත පුහුලම කහවන් රතු පැහැතිය. ගෙඩියක බර ග්‍රෑම් 8-10.8 ත් අතර අගයක් ගනියි.
අස්වැන්න
සිටුවා වසර තුනකදී පමණ පළමු අස්වැන්න ලබා ගත හැකිය. අටවන වසරේදී එහි උපරිම අස්වැන්න කරා ළඟා වේ. එහෙයින් කජු යනු ඉක්මන් අස්වැන්නක් ලබා දෙන බෝගයකි. වසරකට එක් ගසකින් කජු කිලෝග්‍රෑම් දහයක් පමණ ලබා ගැනීමේ හැකියාවද ඇත. වාණිජ වගාවකට මෙම ලක්ෂණයන් ඉතා වැදගත්ය.එහෙත් මේ සියලු කාරණා ඵල දරනුයේ නිර්දේශිත කෘෂිකාර්මික පිළිවෙත් යටතේ වගා කරනවා නම් පමණි.
භූමිය සැකසීම
වගාව සඳහා තෝරා ගත් භූමියේ වල් පැළ ඉවත් කළ යුතුය.එහෙත් සම්පූර්ණ වගා බිමෙහිම වල් පැළ ඉවත් කිරීමට අධික මුදලක් වැය වේ. ප්‍රායෝගිකවද අපහසුය. එමනිසා අවම තරමේ පැළය සිටුවන ස්ථානයේ සිට මීටර 1ක අරයකින් යුත් වලයාකාර ප්‍රදේශයක් තුළ හෝ සම්පූර්ණයෙන් වල් පැළ ඉවත් කළ යුතුය.
ඉන්පසු වළවල් කැපීම සිදු කෙරේ. පැළ සිටුවීමට සති දෙකකට පමණ පෙර වළවල් කපයි. ලිහිල් පසක නම් අඩි 2×2×2 ප්‍රමාණයේ වලවල් කැපීම සුදුසු ය. එහෙත් තරමක තද පසක නම් අඩි 3×3×3 ප්‍රමාණයේ වඝවල් කැපීම යෝග්‍ය වේ. වළවල් කපා සතියකට පමණ පසු පස් පිරවීම කරයි. මතුපිට පස් සමඟ කාබනික පොහොර හා මූලික පොහොර ග්‍රෑම් 250ක් පමණ මිශ්‍ර කර වලවල් පිරවීම සිදු කෙරේ.ඉන්පසු දින දහයකට පමණ පසු පැළ සිටුවයි. පැළ සිටුවීමේදී මාස 5-12 වයසැති පැළ තෝරා ගැනේ.
වගාව නඩත්තුව
කජු ගසේ වර්ධක කාල සීමාව අනුව නිර්දේශිත පොහොර ප්‍රමාණයන් යෙදිය යුතුය.
සෑම විටම වගාව කෙරෙහි නිසි අවධානයකින් සිටිය යුතු අතර පළිබෝධ හානි පෙන්නුම් කරන මුල් අවධියේදීම ඒවා පාලනය කිරීම ඉතාමත් වැදගත් වේ. රතු දුඹුරු කජු මදුරුවා විසින් වගාවට ආර්ථිකමය වශයෙන් විශාල පාඩු ගෙන එයි. විකල්ප ධාරක ශාක වන සේර ,කොකෝවා,මුරුංගා,කොහොඹ ආදීය වගා ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම මඟින් මෙම පලිබෝධ ගහනය මැඩලීම කළ හැකිය.නිසි කලට ගස කප්පාදු කිරීමත් වල් පැළෑටි පාලනය කිරීමත් කළ යුතුය. පළිබෝධ හානිය අධික වූ විට නිර්දේශිත රසායනික පළිබෝධ නාශකයක් යෙදීම කළ හැකිය. එහෙත් මල් පිපෙන සමයේදී පළිබෝධනාශක ඉසීමෙන් වැළකිය යුතුය.