සමේ පැහැය රකින ස්වාභා­වික ආලේ­පන | සිළුමිණ

සමේ පැහැය රකින ස්වාභා­වික ආලේ­පන

ෂෙරීන් ප්‍රනාන්දු

සමට නුසුදුසු ආලේප වර්ග දිගු කලක් භාවිතා කිරීම නිසා මුහුණ හා සම අවපැහැ වන අතර මෙය කාන්තාවකගේ නම් මුහුණේ සුන්දරත්වයට මහත් කැළලකි. මෙලෙස අවපැහැගැන්වුණු මුහුණට සිදුකරන ප්‍රතිකාර පිළිබඳව ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ෂෙරීන් ප්‍රනාන්දු මහත්මිය රන්බිමට අදහස් දැක්වුවාය.

සමට සුදුසු ආලේපන පමණක් තෝරා ගැනීම

අත්‍යවශ්‍ය අංගයක්.

තමන්ගේ සම නිවැරැදිව තෝරාගෙන හඳුනාගෙන සමට ගැළපෙන ආලේපන පමණක් තෝරාගතයුතුවා පමණක් නොවෙයි එහි ලේබලය හොඳින් කියවිය යුතුයි. ඒ ඒ සමට භාවිතා කරන ආලේපන වර්ග වෙනස්, වියළි සමට, තෙත් සමට, කුරුලෑ සමට, ආදී වශයෙන් වෙනස්.

*ආලේපන නිසි වෙලාවට ඉවත් කිරීමෙන් අවපැහැවීම වළක්වාගත හැකියි නේද?

මුහුණට හා සිරුරට ආලේප කරන ආලේපන රාත්‍රී නින්දට යාමට පෙර සෝදා ඉවත් කළ යුතුයි. මුහුණ පිසදාන ස්පොන්ජ් පිරිසිදු කර ගත යුතුයි. උණු ජලයෙන් සෝදා පිරිසිදු කරගන්න.

නුසුදුසු ආලේපන නිසා අවපැහැගැන්වුණු මුහුණට ගෘහස්ථව කළ හැකි ප්‍රතිකාර කවරේද?

සමන්පිච්ච මල් පෙති ටිකක් ගෙන යෝගට් මේස හැඳි 2 ක් දමා මී පැණි තේ හැඳි 1/2 දමා ගන්න. විනාඩි 10 න් පමණ සෝදා හරින්න.

ගස්ලබු කෑල්ලක පල්ප් එකට ‍කෝමාරිකා කෑල්ලක් දමා මිශ්‍ර කර පල්ප් එක සාදා මී පැණි තේ හැඳි ½ දමා මිශ්‍රකර ගාන්න.

ඉඳුණු අනෝදා ටිකක් ගෙන පේස්ට් එක සාදලා, කඩල පිටි මේස හැඳි 02 යි මී පැණි තේ හැදි 01 දමා මිශ්‍රකර පල්පය සාදා මුහුණට ආලේප කර විනාඩි 10 න් සෝදා හරින්න.

*නිවිති ජුස් එකට කඩල පිටි මේස හැඳි 02 යි මී පැණි තේ හැඳි භාගයයි. බිත්තර කහමදය දමා හොඳින් මිශ්‍ර කර මුහුණේ තවරා විනාඩි 10 ට පසුව සෝදා හරින්න.

* වට්ටක්කා කැබැල්ලක් ගෙන හොඳින් පල්ප් කර කෝන්ෆ්ලවර් මේස හැඳි 2 යි මී පැණි යෝගට් තේ හැන්දක් මිශ්‍ර කර ආලේප කරන්න.

*බ්‍රොකලි කැබැල්ලක් ගෙන ජුස්කර එයට මුංඇට පිටි දමා වේළෙන්න හැර යෝගට් මේස හැඳි 2 ක් දමා මුහුණේ ගා සෝදා හරින්න.

*ඇපල් ගෙඩි ½ ක් බ්ලෙන්ඩර් කර කඩල පිටි මේස හැඳි 2 යි සෝගම් මේස හැන්දක් දමා මිශ්‍රකර ගාන්න.

*දේශීය දොඩම් (කොළ පැහැති) ලෙලි වතුරේ දමා ශීතකරණයේ දමා එම ජලයෙන් මුහුණ සෝදන්න.

*කෙසෙල් ලෙලිවල ඇතුල් පැත්ත මුහුණේ ආලේප කර හොඳින් අතුල්ලා සෝදා හරින්න.

*කඩල පිටි දොඩම්, දොඩම් ලෙලි වේලා කුඩු කර එම කුඩු තේ හැඳි ½ යෝගට් මේස හැන්දක් මී පැණි තේ හැඳි ½ කලවම් කර මුහුණේ ගා විනාඩි 10 තබා සෝදා හරින්න.

ආමන්ඩ් පවුඩර් තේ හැන්දක්, කඩල පිටි මේස හැදි 2ක් , යෝගට් මේස හැන්දක්, මී පැණි තේ හැදි ½ දමා මිශ්‍රකර මුහුණේ ආලේප කර විනාඩි 10 ක් තබා සෝදා හරින්න.

• ඇපල් ජුස් කඩල පිටි මේස හැඳි 2 යි. මී පැණි තේ හැඳි ½ දමා කලවම් කර පේස්ට් එකක් සාදා මුහුණේ ගා විනාඩි 10න් සෝදා හරින්න.

• *ස්ට්‍රෝබෙරි කඩල පිටි මේස හැඳි 2 යි, යෝගට් මේස හැන්දක්, ස්ට්‍රෝබෙරි ගෙඩියක් මිශ්‍රකර කිරි දමා පේස්ට් එක සාදා මුහුණේ ගාන්න.

 

නිශානී හේරත් බන්නැහැක

Comments