හිසේ උකු­ණන්ට ගෙව­ත්තෙන් පිළි­තුරු | සිළුමිණ

හිසේ උකු­ණන්ට ගෙව­ත්තෙන් පිළි­තුරු

* හිසේ උකුණන්ට හා ලේඩින්ට ගෘහස්ථව සිදු කළ හැකි ප්‍රතිකාර ක්‍රම මොනවාද?

පේර කොළ තම්බලා එම ජලයෙන් හිස සෝදලා, සේදුවාට පසු තුවායෙන් පිහදාලා ප‍ීරලා ලේඩින් හා උකුණන් ඉවත් කරන්න.

* පොල් විනාකිරි මේස හැන්දක් වර්ජින් කොකනට් ඔයිල් මේස හැඳි 3 ක් එකට මිශ්‍රකර හිසේ ගාලා පැය ½ පසු සෝදා හරින්න.

* ලුණු මේස හැඳි 3 ට විනාකිරි මේස හැන්දක් දියකර ඊට ජලය ස්වල්පයක් මිශ්‍ර කර හිසට ස්ප්‍රේ කරන්න. එවිට උකුණන් එළියට පැමිණේ. ඉන්පසු ප‍ීරා දමන්න.

* ඔලිව් ඔයිල් හිස් කබලට හා හිස කෙස්වලට ගාලා ෂවර් කප් එකක් හිසට දමලා පැයක් තියලා හීන් පනාවෙන් හිස පීරා සෝදා හරින්න.

* ඔලිව් ඔයිල් හිස් කබලට හා හිස කෙස්වලට ගාලා ෂවර් කප් එකක් හිසට දමලා පැයක් තියලා. හීන් පනාවෙන් හිස පීරා සෝදා හරින්න.

* කතුරු මුරුංගා කොළ තම්බා එහි ජලයෙන් හිස සෝදන්න. හිස් කබලට හා හිස කෙස්වලට ගාලා සෝදලා ඉවත් කරන්න. ඉන්පසු හීන් පනාවකින් පීරා හරින්න.

* කොත්තමල්ලි කොළ ටිකකට, වර්ජින් කොකනට් ඔයිල් හෝ පොල්තෙල් දමා හීනියට අඹරා එම ආලේපනය හිස් කබලට ගාලා විනාඩි 20 න් පමණ සෝදා හරින්න.

* දෙහි හා උළුහාල් ජලයේ දමා තම්බා පොඩිකර බ්ලෙන්ඩර් කර හෝ හොඳින් තලා හිසේ ගාන්න. විනාඩි 20 පමණ තබා හීන් පනාවෙන් පීරා සෝදා හරින්න.

* දෙහි හා උළුහාල් ගාලා හිස සෝදා පසුව කන්ඩිෂනල් ගාලා එය හිසේ තියෙද්දී හීන් පනාවකින් පීරා සෝදා හරින්න.

* ගොඩපර තම්බා එම ජලයෙන් හිස සෝදා හරින්න.

* සුදු ලූනු බිග් 10 කට දෙහි ඉස්ම තේ හැඳි 3ක් දමා මිශ්‍රකර තලා හිසට දමා පැය භාගයක් තබා උණුවතුරින් සෝදා හරින්න.

* අලුත් සුදුලූනු ජූස්වලට වර්ජින් කොකනට් ඔයිල් හා ලෙමන් ජූස් මිශ්‍රකර හිසේ ගා සෝදා හරින්න.

ඉරමුසු අඩංගු ෂැම්පු හා කන්ඩිෂනල් ගාලා දෙහි ගෙඩියකට වර්ජින් කොකනට් ඔයිල් කලවම් කර හිසේ ගාලා පැය භාගයක් පමණ සෝදා හරින්න.

 

නිශානි හේරත් බන්නැහැක‍

 

Comments