
පොල් කර්මාන්තය දළ දේශීය නිෂ්පාදනය සඳහා වැවිලි ක්ෂේත්‍රයෙන් ඉහළතම දායකත්වයක් ලබාදෙයි. එමෙන්ම නිෂ්පාදනය සහ අලෙවි විවිධාංගීකරණයේදී ගෝලීය නායකයා වීම පොල් සංවර්ධන අධිකාරියෙහි දර්ශනය වේ. ගෘහස්ථ පරිභෝජනය සහ කර්මාන්ත සඳහා පොල් සහ පොල් නිෂ්පාදන සැපයුම තහවුරු කිරීම මඟින් පොල් කර්මාන්තය දීර්ඝ කාලීන නිර්මාණය කිරීමෙන් කර්මාන්තයේ තිරසාර ඉලක්ක වෙත ළඟා විය හැකිය. ජාතික ආර්ථිකයට පොල් නිෂ්පාදනයේ දායකත්වය ඉහළ නැංවීමත් ඵදායීත්වය වැඩි කිරීමත් පොල් සංවර්ධන අධිකාරියේ අරමුණ වේ.
පොල්,කොකොස් නියුසිෆෙරා ( Cocos nucifera) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන අතර ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් එලදාව ගෙඩි මිලියන 2,800-3,000 අතර ප්‍රමාණයකි. වර්තමානයේ පරිභොජනය සඳහා මෙය ප්‍රමාණවත් නොවන අතර පවතින නියං තත්ත්වය මේ බලපෑම තවත් උග්‍ර කරයි. කුමන ප්‍රශ්නය තිබුණත් පොල් ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා පොල් ආශ්‍රිත කර්මාන්ත නඟා සිටුවීමට අවශ්‍ය වේ. මේ අනුව පොල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනක් යටතේ වර්ග කර දැක්විය හැකිය.
* මද ආශ්‍රිත නිෂ්පාදන
*මද ආශ්‍රිත නොවන නිෂ්පාදන
*පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන
ලෝක පොල් වගාවේ සිව්වන හිමිකරුවා වන ශ්‍රී ලංකාවේ ඇති පොල් වගා බිම් ප්‍රමාණය අක්කර 1, 008,377 ක් පමණ වේ. පොල් ගස මිනිසාගේ සමාජ ආර්ථිකය කෙරෙහි විශාල බැඳියාවක් ඇති අතර ,පොල් ගසේ නිෂ්පාදන විවිධ කාර්යයන් සඳහා යොදා ගනී. මුළු කෘෂිකාර්මික බිම් ප්‍රමාණයෙන් 20% ක පමණ පොල් වගාව බිම් වන අතර , පොල් වගාව හා ඒ ආශ්‍රිත කර්මාන්තවල නියුතු සෘජු හා වක්‍ර රැකියාලාභීන්ගේ සංඛ්‍යාව අති විශාල ය.
දළ දේශීය නිෂ්පාදනය සඳහා 1% ක පමණ දායකත්වයක් ලබා දෙන ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය කුරුණෑගල,පුත්තලම හා ගම්පහ යන දිස්ත්‍රික්කවල බහුල වශයෙන් ව්‍යාප්ත වී තිබේ. නිෂ්පාදන භාණ්ඩ 150 කට ආසන්න සංඛ්‍යාවකට උරුමකම් කියන මෙරට පොල් කර්මාන්තය ඉන් තෝරා ගත් ප්‍රධාන නිෂ්පාදන වර්ගයන් 40 කට ආසන්න ප්‍රමාණයක් ලෝකයේ රටවල් 100 කට අධික ප්‍රමාණයකට වාර්ෂිකව අපනයනය කෙරේ.
දිසිඳි පොල්
උසස් මට්ටමේ ප්‍රමිතීන් පවත්වා ගනිමින් පොල් ගෙඩියේ කුරුට්ට ප්‍රවේශමෙන් ඉවත් කිරීමෙන් පසු කැබලි කර, යන්ත්‍රානුසාරයෙන් මනාව වියළා ඇසිරීමෙන් පිරිසුදු ආහාර ද්‍රව්‍යක් ලෙසට නිපදවන දිසිඳි පොල් , පැහැයෙන් පොල් මදයේ සුදට සමානය. කිරි රසය සමඟ මඳක් පැණි රසය මුසු වු ප්‍රණිත ආහාරයකි. චොක්ලට් , කේක්, බිස්කට්, රසකැවිලි හා ක්ෂණික ආහාර නිෂ්පාදනය සඳහා දිසිඳි පොල් යොදා ගන්නා අතර දිසිඳි පොල් මෙ.ටො. 01ක් නිෂ්පාදනය කිරීම සඳහා සාමාන්‍යයෙන් පොල් ගෙඩි 7,797 ක් පමණ අවශ්‍ය වේ. අමෙරිකා එක්සත් ජනපදය, ඉරානය හා ඊජිප්තුව යන රටවල් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දිසිඳි පොල් මිලදී ගන්නා වේ.
නැවුම් පොල්තෙල්
ඉතාමත් සෞඛ්‍යාරක්ෂිත ලෙස වියළා ගත් හා සිහින්ව ගා ගත් හොඳින් මේරූ පොල් මදය ස්වාභාවික රසය හා සුවඳ ඒ අයුරින්ම රැක ගනිමින් සෙල්සියස් අංශක 60 නොඉක්මවන අඩු උෂ්ණත්වයකින් නිස්සාරණය කර ගනියි. නැවුම් පොල් තෙල් තරමක් උකු ගතියෙන් හා පැණි රසයෙන් යුක්ත වන අතර ,විදේශ වෙළෙඳළේ මේ සඳහා ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී ඇත. නැවුම් පොල් තෙල් සඳහා අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා ජර්මනිය වැනි රටවලින් විශාල ඉල්ලුමක් පවතින අතර, පොල් ගෙඩි 12,000 කින් පමණ නැවුම් පොල් තෙල් මෙ.ටො. 01 ක් නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව පවතී.
පොල් තෙල්
උසස් තත්ත්වයේ පිරිසිදු කොප්පරා යොදා ගනිමින් දේශීය පරිභෝජනය සඳහා මෙන්ම අපනයන වෙළෙඳපොළ සඳහා ද පොල් තෙල් නිෂාපාදනය කෙරේ. පොල් ගෙඩියේ ඇති සුදු මදයත් , ඒ හා බැඳුණු තද දුඹුරු වර්ණයෙන් යුත් කුරුටු තට්ටුවත් අධික පීඩනයක් සහිත යාන්ත්‍රක ක්‍රියාවලියකට භාජනය කිරීමෙන් හෝ නිස්සාරණය කිරීමෙන් පොල් තෙල් ලබා ගනියි.
ආහාර සකස් කිරීමේ දී, සනීපාරකත්ෂක දියර පිළියෙළ කිරීමේදී, සබන් නිෂ්පාදනයේ දී ග්ලිසරීන් වැනි ද්‍රව්‍ය නිෂ්පාදනයේ දී , සමහර ආයුර්වේද තෙල් වර්ග නිෂ්පාදනයේ දී මෙන් ම ඖෂධයක් ලෙස ද පොල් තෙල් භාවිතා කරන අතර , පොල් තෙල් මෙ.ටො 1 ක් නිෂ්පාදනය සඳහා පොල් ගෙඩි 8,690 ක් පමණ අවශය වේ.
පොල් කිරි
මිනිස් සිරුරට අහිතකර රෝග කාරක සියල්ල විනාශ කිරීමේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් අනු ජීවින්ගෙන් තොර වු පිරිසුදු පොල් මදය තරමක උකු දියරයක් බවට පත් කොට පාරිභෝගිකයාට ලබා දෙන නිෂ්පාදනයක් ලෙස පොල් කිරි හඳුන්වා දිය හැකි ය. විදේශ වෙළෙඳපළේ පොල් කිරි සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර , ශ්‍රී ලංකාවේ පොල් කිරි, අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා ජර්මනිය ඇතුළු රටවල් 40 කට වැඩි ප්‍රමාණයකට වාර්ෂිකව අපනයනය කෙරේ.
පොල් කිරි පිටි
ශ්‍රී ලංකාව උසස් තත්ත්වයේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් ලබා ගන්නා පොල් කිරි, සෞඛ්‍යාරක්ෂිත විසිරුණු වියළන ක්‍රමය මඟින් සියුම් කුඩක් බවට පත් කිරීමෙන් පොල් කිරි පිටි නිෂ්පාදනය කෙරේ. සෘජු ආහාර සැකසීමට අමතරව ශීතජනක ආහාර කර්මාන්තය, බේකරි කර්මාන්තය, රසකැවිලි නිෂ්පාදනය, විශේෂ බීම වර්ග නිෂ්පාදනය සඳහා ද පොල් කිරි පිටි යොදා ගැනේ. ඩුබායි,නෙදර්ලන්තය,ඔස්ට්‍රේලියාව යන රටවලින් ඉහළ ඉල්ලුමක් ඇති අතර, පොල් කිරි පිටි මෙ.ටො . 01 ක් නිෂ්පාදනය සඳහා පොල් ගෙඩි 14,000 ක් පමණ අවශ්‍ය වේ.
පොල් ක්‍රීම්
පිටිකළ පොල් කිරි තවදුරටත් දියුණු කිරීමේන් පොල් ක්‍රීම් නිෂ්පාදනය කෙරේ. මෙය අර්ධ ඝන ද්‍රව්‍යක් ලෙසට පවතින අතර,කෘත්‍රීම රසකාරක හෝ කල් තබා ගන්නා ද්‍රව්‍ය නොයොදා උසස් තත්ත්වයෙන් නිර්මාණය කර ඇත. මාස 12 ක පමණ කාලයක් ශීතකරණයක ගබඩා තබා ගත හැකි මෙය සැබවින්ම ස්වාභාවික නිෂ්පාදනයකි. එක්සත් රාජධානීය හා අමෙරිකා එක්සත් ජනපදය ප්‍රධාන ආනයනකරුවන් වේ.
කොප්පරා
පොල් ගසෙන් යොදා ගන්නා පොල් ගෙඩි යොදා ගනිමින් සංකීර්ණ නොවු සැකසුම් ක්‍රියාවලියකට
ක්‍රියාවලියකට භාජනය කිරීමෙන් පසුව පිරිසුදු කෙප්පරා නිෂ්පාදනය කෙරේ. තෙතමනය ප්‍රතිශතය 6% කට පමණ අඩුවන සේ මනාව වියළා ගැනීමෙන්් පොල් තෙල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉහළ ගුණාත්මක බවකින් යුත් කොප්පරා නිපදවා ගනී.
කොප්පරා අපනයනය සඳහා, පොල් තෙල් කර්මාන්තය තුළ ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙසටත් භාවිතා කෙරේ. පොල් ගෙඩි 5, 230 කින් පමණ කොප්පරා මේ.ටො 01 ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී.
පොල් වතුර
ශක්තිජනක පානයක් ලෙස යුරෝපා හා ඇමරිකානු වෙළෙඳපලේ ඉතා ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී ඇති පොල් වතුර ශ්‍රී ලංකාවේ පොල් මද ආශ්‍රිත කර්මාන්ත අතර ප්‍රධාන අපනයන නිෂ්පාදනයක් බවට පත්වෙමින් පවතී.
පොල් මඳ ආශ්‍රිත කර්මාන්තයෙන් ඉවත් වන පොල් වතුර මෑතක් වන තුරුම අපතේ ගිය අතර සැකසුම් ක්‍රියාවලියක් මගින් අපනයනය වෙළෙඳපොළ සඳහා ප්‍රවිෂ්ට වීමත් සමඟ ඒ සඳහා වැඩි අවධානයක් යොමුව ඇති අතර ඉහළ අපනයන වටිනාකමක්ද හිමිව ඇත.
පොල් කටු අඟුරු හා සක්‍රීය කාබන්
පොල් කටු යොදා ගනිමින් පොල් කටු අඟුරු හා සක්‍රීය කාබන් නිෂ්පාදනය කරන අතර , පරිසරය සුරැකීමට දායක වන සක්‍රීය කාබන් සඳහා යොදා ගත හැකි පිරිසුදු කාබන්, පොල් කටු අඟුරු බව පිළිගැනේ.
වායු සමීකරණ වැනි ගෑස් හා වායූන් සම්බන්ධ කාර්යයන් සඳහාත් රසදිය ඉවත් කිරීම, ඡායා පිටපත් මුද්‍රණය වැනි කටයුතු සඳහාත් ජලය හා වාතය පිරිසිදු කිරීම සඳහාත් , විවිධ ඖෂධ සඳහාත් රත්‍රන් නිස්සාරණය, බැටරි නිෂ්පාදනය හා න්‍යෂ්ටික බලය නිපදවීම වැනි බොහෝ කාර්යයන් සඳහා සක්‍රිය කාබන් යොදා ගන්නා අතර, පොල් කටු 54,000 කින් පමණ සක්‍රිය කාබන් මෙ.ටො. 01 ක් නිෂ්පාදනය කර ගත හැකිය.
පොල් ආශ්‍රිත විසිතුරු භාණ්ඩ
පොල් කටු, පොල් ඉරටු, පොල් කෙඳි හා පොල් ලී ආශ්‍රිත නොයෙකුත් ආකාරයේ ආකර්ශනීය විසිතුරු භාණ්ඩ රාශියක් ද පොල් කර්මාන්තයේ ව්‍යාප්තව පවතී.
කොහු නිෂ්පාදන
ගුදිරි කෙඳි , දඟර කෙඳි හා බ්‍රිස්ටල් කෙඳි වශයෙන් අමුද්‍රව්‍ය ස්වරූපයෙන් මෙරට දේශීය වෙළෙඳපළ සඳහා මෙන් ම විදේශීය වෙළෙඳපළ සඳහා ද ශ්‍රී ලංකාවේ කොහු කර්මාන්තයේ නිෂ්පාදනය කෙරේ.
කොහු උපස්තර නිෂ්පාදන
විශේෂයෙන් කොහුබත් හා පොල් ලෙලි කැබලි භාවිතා කරමින් පරිසර හිතකාමී කොහු ආශ්‍රිත නිෂ්පාදන රාශියක් බිහි වී ඇති අතර ,ලෝකයේ බෝහෝ රටවලින් මෙම නිෂ්පාදන සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතී. ෙකඳි කර්මාන්තයේ දී ඉවත් වන කොහුබත් යොදා ගනිමින් පරිසර හිතකාමී තෙතමනය රඳා පවතින විවිධ නිෂ්පාදන අපනයන වෙළෙඳපොළ සඳහා ඉදිරිපත් කරන අතර,උද්‍යාන වගාව සඳහා යොදා ගනු ලබන කොහු ආශ්‍රිත නිෂ්පාදන රාශියකි.
එමෙන් ම කොහු ලණු , ටුවයින්, තවාෂි බුරුසු, රබර් මිශ්‍රිත කොහු, කොහු කලාල, පාපිසි,මිහිසළු ආදී කොහු ආශ්‍රිතව සකසන ලද අපනයනයට සුදුසු නිමි භාණ්ඩ රාශියක් පවතින අතර, ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තයේදී ඒ සඳහා ද හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි.
පොල්,කොකොස් නියුසිෆෙරා යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන අතර ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් එලදාව ගෙඩි මිලියන 2,800-3,000 අතර ප්‍රමාණයකි.
උපදෙස් - පොල් සංවර්ධන අධිකාරිය
මදාරා මුදලිගේ