
අතීතයේ ලංකාවේ සෑම යුගයකම ලාංකිකයන් භාවිතා කළේ ගම්මිරිස් ය. වියළි මිරිස් ලංකාවට පුරුදු වූයේ අරාබි වෙළෙඳුන්ගෙනි.
දඹදෙණි යුගය උදාව සමඟ නිරිතදිගට සිංහලයන් ඇදී ඒම සිදුවීම යුරෝපයේ ගීත තාලයට මස් මාලු ආහාර රැස් කර තබා ගැනීමට ගම්මිරිස් ඇතුළු කුළුබඩු ඉන්පසු ඉතා වැදගත් වීය.
මුලින් ම යුරෝපයට කුළුබඩු ගම්මිරිස් වෙළෙඳාම් කළේද අරාබි වෙළෙඳුන් ය. මැදපෙරදිග හා ඉන්දියාවේ සිට ලංකාවට ආ මුස්ලිම්වරු ඉන්පසු ගම්මිරිස් ඇතුළු කුළුබඩු වෙළෙඳාම කළහ.
වැල්වලින් කඩාගත් ගම්මිරිස් කරල් මිනිසුන් යන එන පාරට දැමීමෙන් මිනිසුන්ට පෑගෙයි. ඒ කෙමක් ලෙස සැලකෙයි. ඇස් වහ කටවහ දුරු වී ඉන්පසු ඊළඟ වාරයේ එයට වඩා සරු අස්වැන්නක් ලැබෙන බව විශ්වාසයයි.
එහෙත් මේ චාරිත්‍රයේ එයට වඩා ගැඹුරු අර්ථයක් ඇත.
හිස පිටින් - තවලම් හෝ ගැල් අතර මග නවතා ගම්වල අතුරු මාර්ගවල ඇවිදින අරාබි හා ඉන්පසු මුස්ලිම් වෙළඳුන්ට ගම්මිරිස් නැටි පෑගෙන විට ඒ නිවෙස්වල අලෙවිය සඳහා ගම්මිරිස් ඇති බව දැනෙයි. ඉන්පසු ගැමියන්ට අවශ්‍ය ලුණු - දුම්කොළ - කරවල - රෙදි වැනි ද්‍රව්‍ය සමඟ ගම්මිරිස් හුවමාරුව සිදුවිය. මේ අනුව ගම්මිරිස් නැටි පාරට දැමීම කෙම් ක්‍රමයනට වඩා ගම්මිරිස් හුවමාරුවට අලෙවියට ඇති බව වෙළෙඳුන්ට දන්වන සංඥාවක් විය.
එස්.කේ. ජයවර්ධන