
2018 අයවැය මඟින් ලබා දුන් සහනයට අනුව විශේෂිත සීමාවක් යටතේ බඩඉරිඟු ආනයනය සඳහා කුකුළු ආහාර නිෂ්පාදකයින්ට අවසර ලැබිණි. මෙරට බඩඉරිඟු ගොවියා ආරක්ෂාව සඳහා මේ අවසරය ලැබෙනුයේ දේශීය සැපයුමට ආවරණය කළ නොහැකි අතිරේක ඉල්ලුම සපුරා ගැනීම සඳහා පමණි. මෙම තීරණය මඟින් කුකුළු කර්මාන්තයේ නියැළෙන කර්මාන්තකරුවන් වෙත විශාල සහයක් රජය විසින් ලබාදුන් අතර ජාත්‍යන්තරව දැඩි තරගකාරීත්වයක් පවතින කුකුළු නිෂ්පාදන කර්මාන්තයේ ඵලදායිතාව වර්ධනය කිරීම සඳහා කාලීනව ක්‍රියාවට නැංවූ ප්‍රතිපත්තියක් ලෙස ද හැඳින්විය හැකිය.
රජය සඳහා ඉහළම බදු ආදායමක් ලබා දෙන කර්මාන්තයක් වන කුකුළු නිෂ්පාදනය කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා සීමාසහිතව වුව ද බඩඉරිඟු ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය මෙරට කුකුළු මස් අපනයන කර්මාන්තය සඳහා ද ලබාදුන් සුවිශාල දායකත්වයක් බව ක්‍රිස්බෝ ආයතනයේ අධ්‍යක්ෂ ශෆීක් සමාද් මහතා පැවසීය.
විශේෂයෙන් ම දේශීය බඩඉරිඟු ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා පමණක් බඩඉරිඟු ආනයනය තහනම් කර තිබුණ ද මෙමඟින් නිෂ්පාදකයාට යම් සහනයක් ගෙන දුන්නද බඩඉරිඟු ආශ්‍රිතව කුකුළු ආහාර හා සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු සපුරා ගැනීම විශාල ගැටලුවක් වූ අතර මේ නිසා දේශීය සැපයුමෙන් දේශීය ඉල්ලුම ආවරණය කර ගත හැකි තත්ත්වයක ඔවුහු නොවී ය. පසුගිය අයවැය මඟින් ඉරිඟු ආනයනය සඳහා පැවති සීමාවන් යම් පමණකට හෝ ලිහිල් කරන තෙක් මෙරට ඉරිඟු කිලෝවක් රුපියල් 52 ක් පමණ වූ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ගොවිපොළවලට සැපයෙන ඉරිඟු කිලෝවක මිල රුපියල් 23 ක් විය.
පිරිවැය, රක්ෂණ සහ නැව් ගාස්තු ගෙවීමෙන් අනතුරුව ජාත්‍යන්තරයෙන් ඉරිඟු රුපියල් 35 කට ආනයනය කරගැනීමේ හැකියාව කුකුළු කර්මාන්තකරුවන්ට පවතින බව ශෆීක් සමාද් මහතා සඳහන් කරයි.
සන්සන්දනාත්මකව බලන විට ජාත්‍යන්තරයේ ඉරිඟු කිලෝවක් රුපියල් 35 ආසන්නයේ මිලක පවතින අතර මෙරටට ගෙන්වන සහ නිෂ්පාදනය කරන ඉරිඟු අස්වැන්නෙන් 60% ක් කුකුළු කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය වශයෙන් භාවිතයට ගනී. එහෙත් අයවැයට පෙර ශ්‍රී ලංකා රජය විසින් අනුගමනය කරනු ලැබූ ආරක්ෂණ ප්‍රතිපත්ති නිසා පැන නැඟී ඇති ආනයන බාධක හේතුවෙන් ඉරිඟු මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබූ අතර මෙම අධික පිරිවැය කිසිදු විටෙක පාරිභෝගිකයා මත පැටවීමට කුකුළු කර්මාන්තකරුවන් පියවර ගෙන නැත.
එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංගමය මඟින් ප්‍රකාශිත දත්තයන්ට අනුව ශ්‍රී ලංකාවේ ඉරිඟු නිෂ්පාදනය මේ වසර අවසන් වන විට මෙට්‍රික්ටොන් 180,000 ක් පමණ වූවත් රටේ සත්‍ය ලෙසින් පවතින ඉරිඟු අවශ්‍යතාව වන මෙට්‍රික්ටොන් 400,000 ක ප්‍රමාණය සපුරා ගැනීමට කිසිදු ලෙසකින් සමත් නොවේ. එමෙන් ම මේ වසර අවසානයේදී අපේක්ෂාව කරන ඉරිඟු නිෂ්පාදනය පසුගිය වසර අවසානයේදී ලද මෙට්‍රික්ටොන් 242,000 ට වඩා දැඩි පසුබෑමකට ලක්ව ඇති බව පෙනී යයි.
“2018 අයවැය මඟින් යම් සීමාවන් යටතේ වූවද ඉරිඟු ආනයනය සඳහා පැවති බාධාවන් ඉවත් කිරීමට රජය විසින් ගනු ලැබූ පියවර වෙසෙසින් ම ප්‍රශංසනීය බව කුකුළු නිෂ්පාදන ක්ෂේත්‍රය හා සම්බන්ධ වී සිටින වෘත්තිකයකු ලෙස මට පැවසිය හැකි යි. මෙම පියවර මඟින් කුකුළු මස් ආශ්‍රිත නිෂ්පාදන පිරිවැය අවම වන අතර මෙහි වාසිය නිතැතින් ම පාරිභෝගිකයන්ට ලැබෙන බැවින් මෙරට කුකුළු මස් පරිභෝජනය ඉහළ යනු ඇති බව පුරෝකථනය කළ හැකියි. රජය විසින් ගනු ලැබූ මෙම ප්‍රතිපත්තිමය තීන්දුවට පෙර ඉල්ලුමට සරිලන සැපයුමක් දේශීයව නොවපැවතීමත්, ආනයන සීමාකම් නිසාත් අධි මිලකට දේශීය වෙළෙඳපොළෙන් ඉරිඟු මිලදී ගැනීමට කුකුළු කර්මාන්තයේ නියුතු ව්‍යාපාරිකයින්ට සිදුවූවා. මෙබඳු අභියෝග මධ්‍යයේ වුව ද කුකුළු මස් කිලෝවක සිල්ලර මිල රුපියල් 420 ක මට්ටමක පවත්වාගෙන යෑමට අපට හැකි වුණා” යනුවෙන් ශෆීක් සමාද් මහතා වැඩිදුරටත් පැවසීය.
2016 වර්ෂයේදී කුකුළු කර්මාන්තය රජයට ගෙවන ලද බදු ප්‍රමාණයෙහි වටිනාකම රුපියල් බිලියන 16 ක් වන අතර 2017 වර්ෂය අවසානයේදී රුපියල් බිලියන 16.5 බදු ආදායමක් රජයට ගෙවනු ලැබේ යැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාව සංවර්ධනය කරා වේගවත් ගමනක නිරතව සිටින මෙම කාලය කුකුළු කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් ඇති කරනු ලබන අතර ජනගහන ව්‍යාප්තිය ද ඊට අවශ්‍ය පසුබිම සකසයි. ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යාම නිසා සංචාරක සහ ආහාර පාන කර්මාන්තයෙහි කුකුළු කර්මාන්ත නිෂ්පාදන සඳහා විශාල ඉල්ලුමක් මතුවෙමින් පවතී.
කැලුම්