
දේශීය ආහාර යනු දේශීය අනන්‍යතාව පිළිබිඹු කරන එක් ප්‍රධාන අංගයකි.මෙරට විවිධ ප්‍රදේශයන්හී එම ප්‍රදේශයන් වලටම ආවේණික වූ ආහාර පාන දැකිය හැකිය.පාණම ප්‍රදේශයේද එලෙස එම ප්‍රදේශයටම ආවේණික වූ ආහාරවලින් පරිපූර්ණ වූවකි.එහි ආහාර පාන අතර ප්‍රදේශයටම ආවේණික වූ රසකැවිලි වර්ගද රැසක් හමුවේ.මේවා අතර අකුල්,සෝගි,හොරබල, ගොලකැට, මෝදකම්, පනියාරම්, හබලපෙති, සීනිමා ප්‍රධාන වේ.
අකුල්
හාල්පිටි ජලයෙන් දිය කර සෑහෙන පමණ ලුණු දමා සාදා ගත් පිටි දියරය කොස් කොළ වල දෙපස තවරා වණ්ඩුවේ තම්බා ගැනේ.එලෙස තම්බා ගත් කොස් කොල මද පවනේ වේලා නොකැඩෙන ලෙස තවරා ගත් පිටි දියරය පටලයක් සේ කොස් කොළයෙන් ගලවයි. එම පටලය අව්වේ වියළා ගැඹුරු තෙලේ බැඳ ගැනේ.පසුව සීනි උණු කර සාදා ගත් පැණි යොදා ආහාරයට ගනු ලැබේ.
සෝගි
කහ කුඩු දමා පාට ගැන්වූ පොල් කිරි හොඳින් රත් කර එය හාල් පිටි රොටී අනා ගන්නා පදමට අනා ගැනේ.එලෙස අනා ගත් පිටි වලින් කුඩා පිටි බෝල සාදා අතින් හැඩ කර අඟලක් පමණ දිග හා ඇඟිල්ලක් පමණ මහතට සකසා ගැඹුරු තෙලේ බැඳ ගැනේ.සීනි උණු කර සාදා ගත් පැණි එක් කර මෙය ආහාරයට ගැනේ.
හොරබල
මී මල්වලින් සාදා ගන්නා ඉතා රසවත් රසකැවිලි වර්ගයකි.මී මල් මැලවෙන තෙක් කබලේ බැද කුල්ලට දමා හැන්දෙන් තලා පොඩිකර පොළා එහි රේණු ඉවත් කෙරේ.වියළි මිරිස් කරල්,ලුණු කැට සමඟ එම මී මල් වංගෙඩියේ ලා කොටා අනා හෙබරල සාදා ගනියි.
සීනිමා
හාල්පිටි පොල් සමඟ කබලේ බැද පසුව එය සීනි සමඟ අනා ආහාරයට ගැනේ.
හබලපෙති
හබල පෙති සාදා ගනු ලබන්නේ අමු වී හෙවත් ගොයම් කපා ගත් දිනම පාගා ලබා ගත් වී තැම්බීමෙනි.තම්බා ගත් වී උණුසුම්ව තිබියදීම වංගෙඩියේ ලා කොටා ,පොළා දහයියා ඉවත් කර ගැනේ .කොටා ගත් ,කෑලි පැතලි වූ සහල් ජලයෙන් සෝදා හකුරු හා පොල් සමඟ අනා ආහාරයට ගනු ලබයි.
ගොල කැට
රොටී පිළිස්සීමට සාදා ගන්නා පදමට අනා ගත් හාල් පිටි වලින් කුඩා රොටී සාදයි.පසුව සීනි උණු කර සාදා ගත් පැණි පොල් ,තම්බා ගත් මුං ඇට පියලි හා දුරු යොදා සාදා ගන්නා මිශ්‍රණය පෙරදී සාදා ගත් රොටී මතට දමා රොටිය දෙකට නවා වණ්ඩුවේ තම්බා ගනියි.
තල් කැවුම්
අතිරස මෙන් සාදා ගැනේ .එහෙත් අතිරස බැදීමට ගන්නා පිටි මිශ්‍රණයට තල් පැණි එක් කර පිස ගැනේ .තල් පැණි සාදා ගැනීමේදී තල් ගෙඩි පුළුස්සා පොල් කිරෙන් මිරිකා සාදා ගන්නා තල් දියරය සමඟ සීනි මිශ්‍ර කර ගැනීමෙන් තල් පැණි සාදා ගනු ලැබේ.
පූජනී
රුහුණු විශ්වවිද්‍යාලය