චීන­ය­ටත් සහල් ප්‍රශ්න | සිළුමිණ

චීන­ය­ටත් සහල් ප්‍රශ්න

ලෝකයේ වැඩිම ජනගහනයක් ජීවත් වන්නේ චීනයේ බව ඔබ දන්නවා ඇති. ඒ සියලු දෙනාගේ සා ගින්න නිවීම සඳහා ප්‍රමාණවත් නිෂ්පාදනයක් කිරීමට චීනයට සිදු වී ඇත. චීන ජාතිකයන් බත් කෑමට කැමැත්තක් දැක්වුවද ඔවුන්ට දිනපතා එවැන්නක් ඉටු කරගැනීමට නම් මහත් ආයාසයක් දැරීමට සිදුවේ. එහෙත් ඔවුහු ඒ සමඟ පොර බදිමින් තමන්ගේ උත්සාහයේ නිරත වෙති. මේ නිසා නිෂ්පාදනය වැඩි නව වී ප්‍රභේද සොයා ගැනීම සඳහා ඔවුහු යොමු වී සිටිති. ජනගහනය වැඩි බැගින් ඔවුන්ට අවශ්‍ය වන්නේ වැඩි නිෂ්පාදන ධාරිතාවක්ය. මේ නිසා ඔවුන් නව සහල් ප්‍රභේදවලට ඉක්මනින් හුරුවෙමින් සිටින බවත් ඒ වෙනුවෙන් අධ්‍යයනවල නිරත වෙන බවත් වාර්තාවලින් හෙළිදරව් වේ. මේ වන විට ලෝක නිෂ්පාදනයෙන් සියයට තිහක් පමණ සහල් නිෂ්පාදනය කළ චීනුන් දැන් වී ප්‍රභේද හතරක් වෙත තම අවධානය යොමු කර තිබේ.

මේ අනුව ඔවුහු තම ක්ෂේත්‍ර පර්යේෂණ ආරම්භ කර ඇති අතර පළමුවැනි වී ප්‍රභේදය යැංසි ගඟට දකුණින් පිහිටි කලාපයේ වගා කිරීම ආරම්භ කළ අතර මේ වී ප්‍රභේදය පෙබරවාරි සහ අප්‍රේල් අතර සිටුවීමට ඔවුහු ක්‍රියා කළහ. මෙහි අස්වැන්න ලබා ගැනීමට හැකි වූයේ ජුනි සහ ජූලි මාසවලය. මේ විශේෂය අවුරුද්ද මුළුල්ලේ වගාකළ හැකිය. මෙයින් අස්වැන්න ලැබෙන කාලය තරමක් ප්‍රමාදවේ.

යැංසි ගංගා නිම්නයේ දකුණු බටහිර ප්‍රදේශය ද අනිත් වී ප්‍රභේදය අධ්‍යනය සඳහා වගා කළ අතර මෙය සිටුවීමට තීරණය කළේ මාර්තු සහ ජුනි අතර කාලයේදී සිටුවන අතර අස්වැන්න කපා ගැනීම ඔක්තොම්බර් නොවැම්බර්වලදී සිදු කරයි. මේ මඟින් මුළු නිෂ්පාදනය සිදු කළ හැකි දායකත්වය සියයට තිස් හතරකි.

මෙම වර්ගය අනෙකුත් භෝග සමඟ මාරුවෙන් මාරුවට වගා කරයි. මුළු නිෂ්පාදනය දායක කරනුයේ සියය විසි පහකි.

යැංසි ගඟට උතුරින් අප්‍රේල් සහ ජුනි කාලවලදී අනිත් ප්‍රභේදය වගා කරන අතර අස්වැන් නෙළීම සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවලදී සිදු කරයි. කෙසේ වුවත්, මුළු නිෂ්පාදනයෙන් සියයට හතක් වැනි ප්‍රමාණයට මේ ප්‍රභේදයේ අස්වැන්න දායක වේ.

කම්කරු දායකත්වය වී වගාව වෙනුවෙන් විශාල වශයෙන් යොදා ගන්නා අතර ශ්‍රම සූක්ෂ්ම කර්මාන්තයක් ලෙස වී වගාව ගෙන යාමට චීන්නු උපන් හපන්නු වෙති. වී වගාවේ අස්වැන්න නෙළන කාලයට ගං වතුර පැමිණීම අවාසනාවන්ත තත්ත්වයක් වුවත් ඊට මුහුණ දී ගොවිතැන ජය ගැනීමට ද ඔවුන් හුරුවී ඇත.

අනෙක් සියලු වගාවන්ට වඩා වී ගොවිතැනට ගංවතුර දරුණු ලෙස බලපායි. සහල්වල මිල තීරණය කිරීම ප්‍රබලව බලපාන අනිත් ප්‍රශ්නය නම් පොහොර මිල වැඩි වීමයි. පොහොර මිල වැඩිවීමෙන් සහල් මිල වැඩිවේ. මේ තත්ත්වය පාරිභෝගිකයාට අවාසනාවන්ත ලෙස බලපායි. එහෙත් ඔවුන් ඉන් නොසැලී පියවරක් ඉදිරියට ගොස් තිබීම අනගි බව කිව යුතුය.

සහල් ගැනීමට නොහැකි බොහෝ පාරිභෝගිකයෝ තම අහර සඳහා අර්ත­ාපල් යොදා ගනිති. කුඩා කැබැලි ලෙසට කපා ගත් අර්තාපල් බත් ලෙස අනුභව කිරීම ඔවුහු පුරුදුව සිටිති. සහල් මිල වැඩි වුවත් මැසිවිලි නොනඟන ඔවුන් ජාතියේ ප්‍රගතිය වෙනුවෙන් තම ආසාවන් සහ අරමුණු කැප කරනුයේ තිරසාර ජයග්‍රහණයක් වෙනුවෙනි.

 

රූපාන්ති බුලත්සිංහල

අන්තර්ජාලය ඇසුරෙන්

Comments