

කොළඹ නාගරික සීමාවේ රොටරි සමාජය සමඟ එක්ව ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය සංවිධානය කරනු ලැබූ ‘Rotary Metro Charity Stableford Golf Tournament 2021’ තරගාවලිය පසුගියදා කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩාංගණයේ පැවැත්විණි.
අතිඋත්කර්ශවත් ආකාරයෙන් සංවිධානය කර තිබූ මෙම තරගාවලිය මගින් උත්පාදනය කරනු ලබන සියලු මුදල් රොටරි සමාජය විසින් ක්‍රියාත්මක කර ඇති ‘ගිෆ්ට් ඔෆ් ලයිෆ්’ අරමුදල වෙනුවෙන් බැරකිරීම විශේෂත්වයකි. එම අරමුදල මගින් හදවත් රෝගී කුඩා දරුවන්ගේ හෘද සැත්කම් ඇතුළු ප්‍රතිකාර සිදුකරන අතර මේ වනවිට දරුවන් පනස් දෙනෙකුට අධික ප්‍රමාණයක් ඉන් සහන ප්‍රතිලාභ අත්පත් කරගෙන ඇත.
ලෝකය තුළ වසරක හදවත් රෝග සහිතව උපදිනු ලබන දරුවන් සංඛ්‍යාව 3000 කි. ඒ අතරින් 1600 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබාදීමෙන් සුවකරගත හැකිය. මෙම තත්ත්වයට පිටිවහලක් ලබාදීම වෙනුවෙන් රොටරි සමාජයේ (කොළඹ නගරය) උත්සහයේ තවත් පියවරක් ලෙසින් මෙම තරගාවලිය සංවිධානය කර තිබිණි.
ක්‍රීඩක, ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වූ Rotary Metro Charity Stableford Golf Tournament තරගාවලිය පසුගිය සෙනසුරාදා දිනය පුරා පැවැත්විණි.
ඡායාරූප - ජගත් ඉරෝෂණ










