ටෙන්ඩර් දෙකම එකම සමාගමක් ගිළලා අවුරුදු දහයකින් ජිම්නාස්ටික් උපකරණයක් ලැබිලා නෑ | සිළුමිණ

ටෙන්ඩර් දෙකම එකම සමාගමක් ගිළලා අවුරුදු දහයකින් ජිම්නාස්ටික් උපකරණයක් ලැබිලා නෑ

 

 

පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට යන ජිම්නාස්ටික් කණ්ඩායම අවම පහසුකම් යටතේ පුහුණුවීම් වල නිරත වන අවස්ථාවක 2015 දී හා 2020 දී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ජිම්නාස්ටික් උපකරණ මෙරටට ආනයන කිරීමට කැඳවා තිබූ ටෙන්ඩර්වලට සිදු වුයේ කුමක් ද කියා දැන ගැනිමට අපි ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සම්මේලනයේ ලේකම් කපිල ජීවන්ත සම්බන්ධ කර ගත්තෙමු. එම දුරකතන සංවාදයේදී ලේකම්වරයා අප සමඟ පවසා සිටියේ 2020 වසරේදී ජිම්නාස්ටික් උපකරණ ආනයනය කිරිමට තාක්ෂණික වාර්තාවක් පමණක් අපෙන් කැඳවා තිබුණත් අපි එම වාර්තාව සපයා දී තිබුණත් අද වනතෙක් එම භාණ්ඩ අපට ලැබී නැති බවයි.

 

“අදාළ උපකරණ තොගය ආනයනය කිරීම සඳහා පළමු වරට 2015 වසරේදී ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේදී ද මෙම සමාගම ඒ සඳහා ඉදිරිපත් වී තිබේ. එහිදී අදාළ සමාගම විසින් ටෙන්ඩරය ලබාගත් නමුත් භාණ්ඩ ආනයනය කිරීමට සමත් වී නොමැත.

නැවත වරක්, 2020 වසරේදී ටෙන්ඩර් කැඳවූ අතර එහිදීද ටෙන්ඩරය ලබාගැනීමට සමත් වී ඇත්තේ එම පළමු සමාගම මයි. මෙම අවස්ථා දෙකේදීම ක්‍රීඩා අමාත්‍යාංශයට අනුයුක්තව සේවය කරන ක්‍රීඩා නිලධාරියකුගේ සහාය අදාළ ටෙන්ඩරය දිනා ගැනිමට එම සමාගමට ලැබී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම භාණ්ඩ තොගය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පළමු අවස්ථාවේදී රුපියල් මිලියන 80 ක මුදලක්ද, දෙවැනි අවස්ථාවේදී රුපියල් මිලියන 70 ක මුදලක්ද වෙන්කර තිබී ඇත. කෙසේ වුවත් ටෙන්ඩරය ලබාගත් සමාගම අවස්ථා දෙකේදීම භාණඩ තොගය මෙරටට ගෙන්වා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් එම මුදල වෙනත් කාර්යයන් වෙනුවෙන් යෙදවීමට අමාත්‍යාංශ්‍ය පියවර ගෙන ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය කියා සිටින්නේ භාණ්ඩ තොගය ආනයන කිරීමට අදාළ සමාගම අපොහොසත් වීම හේතුවෙන් ඔවුන්ට මුදල් ගෙවීමෙන් වැළකී සිටි බවයි.

 

මෙම සිදුවීමෙන් දැඩි ලෙසම අසාධාරණයට ලක්වූ පාර්ශවය වන්නේ ශ්‍රී ලංකාවේ ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය. වසර 7 ක කාලයක් පුරා, නියමිත ක්‍රීඩා ආම්පන්න නොලැබීම හේතුවෙන් ඔවුන්ගේ පුහුණුවීම් පවත්වා ගෙන යන්නේ ඉතාමත් දූෂ්කර වටපිටාවකය.

 

මැදිහත් වීම

ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ ලේකම් කපිල ජිවන්ත පවසන්නේ මෙම භාණ්ඩ තොගය ආනයනය කිරීම සඳහා සංගමයේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවත්, ජාතික සම්මේලනය වශයෙන් තමන් ඇතුළු කණ්ඩායම මැදිහත් වූයේ ආනයනය කළ යුතු භාණ්ඩවල තාක්ෂණික වාර්තාවක් ලබා දිම පමණක් බවයි.“

 

2015 වසරේ කැඳවන ලද ටෙන්ඩරය ඒ ගැන කියන්න මම දන්නේ නෑ.

මම සම්මේලනයේ පරිපාලනයට එන්නේ 2020 වසරේදී. 2020 වසරේදී ජිම්නාස්ටික් උපකරණ ආනයනය කිරිමට අපෙන් තාක්ෂණික වාර්තාවක් කැඳවා තිබුණා. අපි එම වාර්තාව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දුන්නා. නමුත් අපිට තවම ක්‍රීඩා භාණ්ඩ ලැබුණේ නෑ.

2020 වසරේදී අප සංගමයෙන් කැඳවා තිබුණු අපි ලබාදුන් වාර්තාව ගැන සොයා බැලුවා. එතකොට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව අපිව දැනුවත් කළා ඇමෙරිකානු ඩොලර් අර්බුදය නිසා එම භාණ්ඩ ආනයනය කිරිමට මේ මොහොතේ අපහසු බවයි.

 

පොදුරාජ්‍ය මණ්ඩලිය තරගාවලියට එක් වීම

 

බාලක, බාලිකා ජාතික කණ්ඩායම් දෙකම තරගාවලිය නියෝජනය කරනවා. බාලක කණ්ඩායම නියෝජනය කරමින් තරග කරුවන් තුන්දෙනෙක් හා බාලිකා කණ්ඩායම නියෝජනය කරමින් සාමාජිකාවන් සිව්දෙනෙකුත් තරගාවලියට එක් වෙනවා.

 

ඔවුන්ගේ පුහුණු විම්

 

එක් ක්‍රීඩිකාවක් විදෙස් ගතව පහුණුවිම් වල නිරත වෙනවා. අනෙකුත් සියලු දෙනා ජිම්නාස්ටික් ජාතික පුහුණු කරු යටතේ අවම පහසුකම් මත පුහුණු විම් වල නිරත වෙනවා.

නෑ මේ සියලු ක්‍රීඩකයන් පුහුණු විම් වලට එක් වන්නේ තම තමන්ගේ නිවසේ සිටයි. මේ ක්‍රීඩකයන් සියලු දෙනාම වගේ පාසල් දරුවන්. ඒ නිසා අපිට අවස්ථාවක් නෑ. රඳවා තබා ගනිමින් පුහුණු විම් වලට යොමු කරන්න. සම්මේලනයට ප්‍රතිපාදනත් නෑ.

 

අනුබද්ධ සංගම්

 

ලංකාව පුරා දැනට අනුබද්ධ සංගම් 27 ක් පමණ තිබෙනවා. ඊට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන ජිම්නාස්ටික් ක්‍රීඩාව දිවයින පුරා ව්‍යාප්තව තිබෙනවා. ජාතික කණ්ඩායම නියෝජනය කරන බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පාසල් දරුවන් තමයි. දැනට 2500 – 3000 ත් අතර පිරිසක් ජිම්නාස්ටික් ක්‍රීඩාවේ නිරතව සිටිනවා.

 

ක්‍රීඩා උපකරණ නොලැබීම

 

මම මුලින් පැවැසුවා වගේ අපිව මේ පිළිබඳව දැනුවත් නෑ. ඒ සියලු වැඩකටයුතු සිදු වුණේ ක්‍රිඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා. අපි අපෙන් කැඳවපු තාක්ෂණික වාර්තාව ලබා දුන්නා පමණයි.

 

 

Comments