‘පර ලොවට පෙම් පතක්’ | Page 2 | සිළුමිණ

‘පර ලොවට පෙම් පතක්’

දැනට 96 වියේ වයෝ­වෘද්ධව ජීවි­තයේ සැඳෑ සමය ගත කරන, සාහි­ත්‍ය­ධ­ර­යකු හා කීර්ති­මත් ලේඛ­ක­යකු වන ‘ඇත්ත’ පත්ත­රයේ කතු­ව­රයකු ලෙස ද සේවය කළ සිරි­ලාල් කොඩි­කාරයන් මිය ගිය සිය ආද­ර­ණීය බිරිය වන අනුලා වෙතට ‘පර ලොවට පෙම් පතක්’ නමින් කළ කවි පෙළ 2010 මැයි මස 09 වැනි දා සිළු­මිණ පුව­ත්ප­තෙහි පළ වී තිබිණි. මෙම කවි පෙළට පිළි­තු­රක් ඊ‍ට පසු දිනම එනම් 2010 මැයි මස 10 වැනි දා ‘දෙව් ලොව සිට අනුලා’ නමින් සිරිලාල් කොඩිකාරයන්ගේ ඥාති පුත්‍රයකු වන කේ. ලීලා­රත්න පෙරේරා යන අය විසින් මිය ගිය බිරිය අනුලා ලියන අයු­රින් ප්‍රබ­න්ධය කරන ලදී.

පර­ලො­වට පෙම්ප­තක්

මා මෙලොව තනි­ කර
අවු­රුදු ගණ­න­කට පෙර
පර­ලොව ගිය දයා­බර
මගේ අනුලා වෙතට ය

මම අසූ­හය වන
විය ගෙව­මින් සිටිමි දැන්
එන­මුත් ඔහි එන ලකුණු
තව­මත් පහළ වී නැත

අපේ ඒ කාලය
සමඟ සසඳා දක්වමි
දැන් මේ කාලයේ මෙහි
ඇති යම් යම් වෙන­ස්කම්

තරුණ තරු­ණි­යන්
අතර පෙම්පත් ගනු­දෙනු
කෙරුණු ඒ කාල­යෙ­හිදි

රස පෙම්කවි ලියැ­වුණා
ලේඛන කලා­වට
හා කවි කලා­වට ඉන්
නැඹු­රු­වක් ඒ ක‍ාලේ
ලැබුණා නේද අප­ටත්?
දැන් අතේ ගෙන­යන
දුර­ක­තන පැතිරි ඇත
පෙම්කවි සහිත පෙම්පත්
ඒ නිසා වුව­මනා නැත

යම්කිසි හානි­යක්
කවි කලා­වට මෙ මඟින්
සිදු වී තිබෙනා බවක්
බැලූ බැල්මට පෙනු­ණත්

ජංගම දුර­ක­තන
පෙම් සංවාද ඔස්සේ
සිරි ඟර රස කවි දහර
ගලා යනවා විය හැකි

නව තාක්ෂ­ණයේ
දියු­ණුව එසේ තිබි­යදී
මේ පෙම් හසුන ලියුවේ
මා ඉස්සර පුරු­ද්දට

දැන් මේ පෙම් හසුන
මෙසේ එව්වේ වී මුත්
අපිත් කතා කර ගනිමු
ජංගම දුර­ක­ත­න­යෙන්
අපේ ඒ සංවාද
තැටි­ගත කර­ගත හැකියි
නිෂ්පා­ද­නය කළ හැකි
එ මඟින් සාහිත්‍ය රස

මෙතෙ­කින් මේ ලියුම
දැනට අව­සන් කර­නෙමි
තව බොහෝ දේ කිව හැකි
මා ඔහි සැපැත් වූ පසු

සිරි­ලාල් කොඩි­කාර
 

---------------

ආදර හිමි­යනි

කුලුණුබර හිමි සදුනි
හු‍ෙද­කලා දිවිය තුළ
මෙනෙහි කර අප ඇසුර
එවූ පෙම්පත ලදිමි

පසු වුවත් අසු හය
හද ඔබේ මහලු නැත
ගලා එන වද­න්වල
තුරුණු බව රැඳී ඇත
විද්යුත් තැපෑ­ලෙන්
පෙම්පත අතට පත්විය
මුද්දර අවැසි නැත
පියුන් මහතා විසුම් ගොස් ඇත

මිහිරි කව් පද රැගත්
හසුන් මග එන තුරා
බලා සිටි ඒ සමය
තවම මට මතක ඇත
තනි­ක­මෙන් මු­දන්න
පනස් වස­ර­කට පෙර
දුවා දරු­වන් තිදෙන
තිළිණ කළෙමි ඔබට

ඇත්ත ඇති­යෙන් දකින
යුක්ති­යට ගරු කරන
සරල දිවි මග ගෙවන
ඔබට නිති පතමි සුබ
ජාති ජාතිත් මගෙම රන් කඳ
වෙන්න මගෙ දරු­වන්ගෙ පිය­සඳ
අත නොහැර හුරු පුරුදු පන්හිඳ
ලියනු මැන තව තවත් රස­පද

නොසි­ටි­යත් එක ­ළඟ
උණු­සුම වෙන්ව ගොස් නැත
යළිත් හමු­වන තුරා

බලා ඉන්නෙමි නිදි­වරා
මීට දෙව්ලොව සිට අනුලා


කේ. ලීලා­රත්න පෙරේරා.

පුව­ත්ප­තෙහි පළ කිරීම සඳහා යොමු කිරීම ජේ. බී. බස්නා­යක

Comments