මෙදා නත්තලේ සැඟවුණු යථාර්ථය
පුංචි පුංචි
පිනිි බින්දු වැටෙනා
සීතල මැදියම්
රාත්‍රියේ
නත්තල් ගීතිකා
ඇසෙනවා
පල්ලියේ...
නොදැනීම
කඳුළු බින්දු
එකින් එක
ඇද වැටුණා
ම්ලේච්ඡ
පාස්කු ප්‍රහාරයේ
සිත් රිදුම් දෙන ඒ
වේදනාත්මක
අතීත මතකයන්
යළි යළිත්
සිහිගැන්වී...
අනුර ශාන්ත පීරිස්
කිතු සමිඳුනි
සත් වග මුදනු වස් සග සැප ඉවත ලමින්
උත්තම කිතු තුමන් මෙදියත ජනිත වෙමින්
සත් දම් දෙසා ජන හදවත් පුබුදු වමින්
ගත් දැඩි වෙහෙස සමරමි හද පිරුණු පෙමින්
දිව රෑ මුළුල්ලේ ගම් බිම්වල ඇවිද
පව නම් රෝ දුකින් පීඩිත දන වැලඳ
ඔවදන් ඔසු දෙමින් පා මෙත් ගුණ නොමඳ
සුව කළ අයුරු හිමියනි සිහි වෙයි නිබඳ
දෙවිතුම බිහිව මනු කය ගෙන ලොවට මෙම
නිතරම පෙන්වමින් සතහට කුලුණු පෙම
තම කම නැසූ එසමිඳු අති පරම රම
දණ බිම හොවා නමදිමි බැති බරව මම
සදහම් දියෙන් ලෙව් දන පව් මල සේදූ
සැලසුම් ඇතිව ඔවුනට යන මඟ පෑදූ
අතිතුම් සමිඳ; කිතු රැස් දස අත වීදූ
බැති පෙම් පුදමි ඔබ හට ගුණ පිරි සාදූ
දළුපත පිලීෂියන්
උඳුවප් මිහිර මැදින්
නත්තල් අසිරි සිරියෙන් ලොව නැහැවෙනවා
හදවත් සිසිල කොට දන සිත් සැනසෙනවා
කිතු සමිඳුන් දෙසූ වදන් යළි සිහිවෙනවා
මිනිස් සිත් සතන් දහමෙන් නැහැවෙනවා
අදිටන් කර ගෙන පව් බරින් මිදෙන්නට
දයාව කරුණාව දක්වමු සැම මිනිසුන්ට
සාම කුමරුගේ උපතින් ලැබූ සාමය රැකගන්ට
සමිඳුු මග යමු සැම විමුක්තිය ලබන්නට
ලොවට ගැලවුම ගෙනා මිනිස් බව ගත් දෙව් පුතුනී
මිනිසත් බව සුරකින්න වර දෙන්න දෙව් පුතුනී
දෙවිපිය වෙතට පා නැගුමට මඟ පෙන්නූ දෙව් පුතුනී
දෙන්න සමා පව් කරවූ අප හට සාමකුමරු දෙව් පුතුනී
මාරි පැන්සි පෙරේරා
අසිරිමත් නත්තල !
උදුවප් සඳරැස් බබලන නත්තල
සීතල නලවැල් දිවයන නත්තල
වනමල් සුවඳින් උතුරන නත්තල
සමරමු අපි අද මෙයතුම් නත්තල
බෙත්ලෙහෙමයපුර පුද ලද නත්තල
සුරවිමනක් කළ ගවලෙන නත්තල
ජේසුස් කුමරුන් ඉපදුන නත්තල
සමරමු පිංබර මෙයතුම් නත්තල
සාමය සමගිය පැතුරුව නත්තල
පේමය හද තුළ ඇති කළ නත්තල
ජාතික අබිමන් එක්කල නත්තල
සමරමු සමරමු මෙයතුම් නත්තල
සීනු හඬින් ගුම් නද දෙන නත්තල
ගීත රසින් රස උතුරන නත්තල
පීති සිතින් කුල් මත්වෙන නත්තල
ලෝකෙම සමරති මෙයතුම් නත්තල
සරත් ධර්මසේන
සමුගත් මිතුරු
නන්දසේන
මිතු දම් අවංකව කවදත් පෙන්වීය
යුතු කම් සපුරන්න හැමවිට කැප වීය
සතු වුණ ඔබේ ගුණ තව කොතෙකුත් වීය
මිතු රන් අතර හිත දිනු මිතුරෙක් වීය
පාසල් වියේ එක පොකුරක මල් වාගේ
කාලය ගත වුණේ සතුටින් පිරි අපගේ
තාමත් දකිමි මතකය සිතුවමක් වගේ
වාවා ගන්නෙ කොහොමද නෙත කඳුළු නැගේ
එනවා වගේ කවුරුත් යා යුතුව ඇත
දෙසුවා බුදුදහමෙ පිළිගත යුතුව ඇත
මොනවා කරන්නද කරුමය ගෙවී ඇත
කළ හොඳ ඔබට නියතයි පල දෙවනු ඇත
ජයසේන කොඩිතුවක්කු
සැබෑ නත්තල් සිරි
තරු සලකුණු පෙනුණි බෙත්ලෙහෙමේ අහසේ
දරු හඬනා හඬින් සුබ පණිවුඩ පැවසේ
දුරු වී සෝක සිත්වල මෙත්මල් ගැවසේ
අරුණළු අතර නත්තල් සිරියකි නිවසේ
උත්තම දේව මන්දිරවල සීනු හඬ
පුත් කුමරුන් උපත දන්වයි දනන් තුඩ
අත්කර දෙන්න සාමය මනු සතට සැඩ
නත්තල ඉඳිකඩුලු පැන සැම ගෙයට වැඩ!
ඇති - නැති කාහටත් සම අතකිනි දුන්නේ
පැතිරුණු කුලුණු මෙත කිතු හදවත දන්නේ
තුති ගී ගයා කිත් පැසසුම් ලැබ දෙන්නේ
ඉතිරුණු බැතිනි දෙව් කුමරුන් නම ඳින්නේ
උඳුවප් සීත අතරෙම දන බැති සිතිණ
සොඳුරුව දසුන් මවමින් මැදියම පැමිණ
මැදුරට දේව මෙහෙයට එක්වී තුටින
පිදුවෝ සමිඳු නත්තල් අරුතක අටින
සැමරුම් අතර සතුටක අද දවස ගෙවේ
සමහරු කුසට අහරක රස නැතිව තැවේ
පෙම පෙරදැරිව ඒ අයහට සතුට සුවේ
විමසා පුදමු නත්තල් සිරි එතැන මැවේ
සරත් කුමාර වික්‍රමගේ
පුතුනි මා....
නැගෙන හිරු කිරණ මැද
ඇසේ සියොතුන්ගෙ කිචි බිචිය
සීතලට ගුළි වී නිදන පොඩි පුතු සිඹිමි
අවදි වනු පුතුණුවනි උදා වී ඇත දවස....
ලහි ලහියෙ අවදි වී
රුවා බෑගය උරමත
පුංචි පාපොඩි තබන
පුතු සමඟ පිය නගමි
දැවේ මා හද විසල් ගිනි මැද.......
හොවා පුතු ඇදුරිඳුන් ඇකයේ
හැරෙමි මම දිවි දිනන්නට
නිමාකොට සේවය
හිරු ගිලුණු ගොම්මනේ...
පුතු සොයා පැමිණෙමි
තාරකා දෙනෙත් පුතු‐ මග බලා හිඳී නිති
දකින්නට මගේ රුව
අඳුරේම ගෙට වදිමි
පුතු කැටිව සැණෙකින්
සියලු වැඩ නිමා කොට
පුතු දෙසට එබෙමී.....
කුස පිරුණාද නොදනිමි
ළතැවුලින් වග දනිමි
මගේ පුතු නිදි සුවේ
විඳින්නට නුඹේ සුරතල්
දොඩමලු වන්න නුඹ හා
පෙර පිනක් නැතිවද
පින් ඇති මවයි මා
නුඹ ලබන්නට තරම්.....
ජී. එම් මානෙල් පෙරේරා
නත්තල් ගීතය
සාමයේ උල්පතෙහි සිසිලස
හදවතෙහි ලේ පොදක සඟවා
එදා බෙත්ලෙහෙමෙහි රැයේ
උපන් බිලිඳාණෝ
සුපිපි තරු මල් මැදින් දුටු සද
අදත් නුබ ගැබ පායලා
අසිරි සිරි ඒ සොඳුරු දවසේ
සිහි කරයි නත්තල් දිනේ
සැබෑ නත්තල උදාවන්නේ
දිළින්දන් බත් කන දිනෙයි
එදා පැවසූ පන්සලේ පියතුමා
අදත් සිහිකළ යුතුයි සැම දන
එයයි නත්තල සැබෑ නත්තල
රාත්‍රියේ හැම පල්ලියක්
දෙව් ලියන්ගෙන් ඉතිරිලා
දේව කුමරුන් පිරිවරා
ගයති සාමයෙ ගීතිකා
ලෝකයම ඒ දසුන් මිහිරෙන්
මහා දෙව් විමනක් වෙලා
අැවැසි සඳ ලෝකයට සාමය
කුමට ගිනි අවි අතට අරගෙන
මිනිස්සුන් නොමිනිසුන් විලසින්
විශ්වයේ තැන - නොතැන නොබලා
අදත් අසමගි වෙලා
ගයමු එනිසා සැවොම එකතුව
සාමයේ රන් ගීතකා
උදාවුණු මේ නත්තලේ...
කලාභුෂණ කිවිපති
සරත් විමලසිරි
කිතු දෙසුමින් බණ ඇසුණේය
නපුරු රජවරුන් පූජක ධනපතින් ලොව රොද බැඳී
රුදුරු ලෙස ලොවේ සාරය උරා බොන ලදී
අඳුරු සමයක එවන් යේසු උපත ද යෙදී
මහරු දම් දෙසා සැනසුමක් ගෙන දෙන ලදී
තුසර පිනි වැටෙන උඳුවප් මසේ මැදි රැයේ
අඹර පෙර දිග නැගුණ අමුතු තරුවක් තියේ
පවර උපතක ලකුණු පහළ විය මුළු දියේ
නුවර බෙත්ලෙහෙම් ගව ලෙනක ඉපදුණ පියේ
වසර තිස් දෙකක් වැනි කෙටි කලක් තුළ පියේ
අසර ණව සිටි දනට සැනසුමක් දී තියේ
අමර ණීයයි දෙසූ දහම් මග සාමයේ
සමර කරනට බුදුනු මටත් අද ඉඩ තිෙය්
මලෙන් ඉදිකටු ඔටුවෙකුට යන්ට බැරි ලෙසේ
දනෙන් යුත් ලෝබ රුදු අයට සග දොර වැසේ
මෙයින් කිතු හිමි කියා දුන් පව පින ලෙසේ
ගමන් කරනා අයට දෙව් ලොව සිරි දිසේ
කෙනෙක් ඔබෙ කම්මුලට ගසා ඇති මුත් රුදා
අනෙක් කම්මුල ද පා මෙත් කරනු මැන සදා
බසක් මේ වැනි ලොවට කියා සෙත කළ උදා
පසක් වනු ඇත සැමට ඉවසීම හරි හොඳා
කරණීය මෙත් සුතුර බුදුන්ගේ දේශනය
අනුවමය දෙසුවේ කන්ද උඩ දේශනය
අරුමය ද එය අපට දෙකම එක සමානය
තියෙනුමය මෙයින් ලෝ සතට සහ ජීවනය
ළමා කාලයෙ දිනක් තවලමට එක් වෙලා
පමා නොව වෙෙළඳ පිරිසක් සමඟ ඇවිදලා
අමා දම් භාරතයෙ ටිබැටයේ විමසලා
යොමා ඇස බුදු දමට තිබේ සාවක වෙලා
කලා භූෂණ ජ්‍යොතිෂ ඉඳුවර කිවිපති
අමුවල අමරසේන
තරු එළිය
දුරු කර අසමඟිය හදවත් සිසිල වුණා
හුරු කර දන්දීම දුගිනට මිහිර ගෙනා
කරුණා අමා දහරෙන් හද මැදුරු තනා
කරුවල රැයක් තරු එළියෙන් එළිය වුණා
සැප මන්දිර තිබුණ මුත් ලොව හතර අත
නොපතා සැපත දුගියන් ගැන යෙදුව සිත
අප ගේ ජේසු මුනිදාණන් තිලොව නෙත
ඉපදුණි ගව හලක සිරියෙන් අපරි මිත
දුක විඳි දනන් වෙනුවෙන් ජීවිතය පුදා
නෙක බාදක මැදින් සෙනෙහස කෙරුව උදා
මෙකරුණ සිත තබා වෛරය ලොවට නොදා
රැක ගමු හිමි දහම සැනසුම ගෙනෙන සදා
තම අත ඇති දෙයින් දුගියන් සනසන්න
හැමටම එක වගේ දැනෙනව කුස ගින්න
මම එමි ඔබ වෙතට දුගියෙක් විලසින්න
මෙම මා හැඟි වදන් හිමි දෙසු අදහන්න
පව්කාරියට ගල් ගැසුමට දෙසුවේය
කව්රුත් අතේ රැඳි ගල් බිම හෙළුවේය
ලව්කික දහම මේ ලෙස හෙළි කෙරුවේය
සව් සත ප්‍රේමයෙන් සැනසුම ලැබුවේය
සුගතදාස කුරුවිට
බිලිඳු ජේසුනී
උදුවප් සීතලේ
බැබළෙන තරු අතරේ
තවත් නත්තලක අසිරිය
ළඟ ළඟ බැව්
දැනෙන්නට වූ නිමේෂයේ...
ගවලෙනෙහි වූ සැබෑ අර්ථය
මිනිස්කම් හැර යන
හදවත් තුළට
පෝෂණය කරගෙන
තනාගන්නට ගවලෙනක් හදවතේ...
එදා මඟ සෙවූ තරුවෙන් මෙන්
හරි පාර අද සොයා යන්නටත්
අඳුර මැදින් ගලන ආලෝකයෙන්
මිනිස් වටිනාකම්
ජීවත් කරවන්නටත්
සැබෑ නත්තල් තිළිණයක්ව
වඩින්න
බිලිඳු ජේසුනී
ඒ හදවත් වලටග