
යළිත් ඔබ පැමිණෙන්න
දකින හැම මුහුණකම
ඔබේ වත පෙනෙන්නේ
සිතන හැම මොහොතකම
ඔබ ගැනයි සිතෙන්නේ
එක්ව සිටි කාලයේ සතුට
යළි දැනෙන්නේ
ඔබෙන් තොර ලෝකයක්
ගැන නෑනෙ සිතෙන්නේ
එදා අප ළඟින් හිඳ
මැවූ ඒ පෙම් පැතුම්
මෙදා මම තනිව හිඳ
සිහිකරමි අපෙ රැගුම්
නොදරුවෙකු ලෙසින් ඔබ
ගියත් මා තනිකරන්
මා දුකින් සතුටු වුණේ
ඔබෙ සතුට ගැන සිතන්
ඔබ පැතූ මාලිගා
අද දවසෙ සුන් වෙලා
ගතින් එකලෙස වුණත්
සිතින් දෙදෙනෙකු වෙලා
ඔබ කෙරෙහි මා තැබූ
සනෙහෙ නැත අඩුවෙලා
යළිත් ඔබ පැමිණෙන්න
මා සිටිමි මග බලා
චන්ද්‍රසිරි ජයවීර
-----------------
දැවී ගිය සුවද...
වීදි අතර සැරිසරන.
මිනිස් හිස් ගොඩක් මැද
හොයන්නේ මම
සුවද දැනි හිතක්
දැවී හළු වී යන
සුවද දුම් කූරක්
අභියස නිවෙන්නට
නැතිද එවන් හිතක්
සිල්ලර කාසි පනමට.
ගත්තත් සුවද දුම් කූරක්
ඒ හදවතේ සුවද
මනින්නෑ කාසියෙන් කවදත්
පුංචි උන්ගේ හිනාව..
අහන්නට ගත් වෙහෙසක්
ඒ හිනාවට හේතුව.
පුංචි හදුන්කූරක්..
දැවි දැවී හළුවුනත්..
දැනෙන්නේ දසතින්ම සුවදක්..
ගිනියම් වෙවී දැවුනත්.
ජීවිතෙත් හදුන්කූරක්…
ටිෂානි ශෂී කුමාරි
----------------
අකමැතියි මං...
කියත අතැති
මිනිස් රුවය
මා නොදැකිය
යුතුම දසුන
ජෝ. නවරත්න
----------------
තාත්තා
මගේ ජීවිතේ සුන්දර තරුණ ම කාලේ
ඔබ අප හැරගියා අප නොසිතපු වේලේ
එදා පටන් මේ දක්වා අද කාලේ
ඔබ සිහිවෙනවා තනියෙන් සිටිනා වේලේ...
යකඩ ගොඩක් යට වැතිරී වැඩ කෙරුවේ
දාඩිය කඳුළු අප වෙනුවෙන්මයි හෙළුවේ
අප බඩකට පුරවන්නමයි ඔබ නිතරම සිතුවේ
අපගේ සතුට දියුණුව නිති ඔබ පැතුවේ...
මා අදහන උතුම් දහමෙහි ඇති අයුරු
මගේ පියා ඇත විඳිමින් දිව ඉසුරු
ගෙවන දිනෙක උදේ දවල් රෑ කළුවර අඳුරු
ඔබ සිහිකර පුදමි නොසිතා දිව මසුරු
චන්ද්‍රසිරි ගෝමස්
-----------------
අහස ගොරවා
වැසි වසින හවසක
වැසි වැටෙන හෝ හඬ
දෙසවන පතිත වන
අකුණු සැර පමණක්
තනිවට ඇවිත් යන
තෙතබරිත සීතල
සිත වෙලාගන්නා කල
කාන්සිය අවුත්
මගේ තනියට
විසිරී යනවිට
වැසි බිඳු
පොළොවට පතිතව
සැඟවී යයි
සොඳුරු බව
සැඟවුණු අතීතෙක
මතක දිගහැරේ
මට ද නොදැනිම
තවම වැසි වසී
නොනැවතී
සෝෆාවක
මම තනිවී
තවම සිතමි
දුරස්ව ගිය මඟක්
ප්‍රියාශා රන්වල
------------------
ආදරය
කාලයේ මාරුතේ දිවි නැසී ගිය ආදරේ
ඔබ අසල නැති මතක ශේෂ වී මගේ සිතේ
කිසිදිනක හිමි නොවන නුඹෙ නෙත් කැඩපතේ
මම සොයමි ආදරේ එයයි මගෙ ජීවිතේ
සුමිත් ප්‍රේමලාල් ප්‍රියදර්ශන
-----------------
මකන්නට බැරි මතක
නිතර හමුනොවුණු තැන්වල පවා
අතරමං මතක වල වැළපුණ
මට වගෙම ඔය හිතත් සොයන්නැති
හමුනොවී අහම්බෙන් වෙන්වුණ ...
අතැර යන මගක හිඳ හඩ හඩා
පරණ කඳුළක වේදනා හැලුණ
රළු පරළු ගලෙක වැල්ලක පවා
තවම දැවෙනවා ඇති පෙර රිදුම ...
නොතිර ගෙත්තම් කළත් හීනවල
සොඳුර නුඹමය හෙටත් මග බැලුම
තෙතට නෙත කූද්දන කඳුළකට
බැහැ මකන්නට එහෙම මතක හැම ....
පූජිකා සමරවික්‍රම
-----------------
නි: රු: ත්: ත: ර:
හමුවුණා නෙත් දෙකක - උණු කඳුලු පේලියක්
කෙළවරෙම බංකුවක - හිතින් ගිය මහ දුරක්
සුසුම් ලන පොඩි හිතක - ලසෝ ගිනි මහ මෙරක්
තුරුලු කරගෙන ලැමට - සෙනෙහසින් ඇමතුමක්
දුවේ නුඹ තනිවමද - හිතේ දුක බර වැඩිද
ළඟින් මම හිඳින්නද - නුඹේ දුක අහන්නද
විරසකව හිරු සදුට - වසන්තය නෑ අපට
උසාවියෙ නීතියට - හරි බයය් පුංචි මට
මං අය්ති අම්මාට - පොඩි මල්ලි අප්පාට
චූටි නංගිත් අරන් - යනවාලු දුර රටක
එක පතක බත් කන්ට - උණුහුමට ගුලි වෙන්ට
ගොලු දොලේ මාලුන්ට - කට පුරා බත් දෙන්ට
සමනලුන් අල්ලන්ට - යළිත් පාසල් යන්ට
උන් එන්නෙ කවදාද? - ආයෙ මට දැක ගන්ට
නෙතු වේහැල්ල.