සන්ථව කාව්‍ය විචාර සම්මාන 2019 | Page 2 | සිළුමිණ

සන්ථව කාව්‍ය විචාර සම්මාන 2019

නූතන ම සිංහල කවිය නිසි විචාර මඟක පිහි­ටුවා වඩාත් අනගි ස්ථාන­ය­කට පත්කි­රීමේ අර­මු­ණින් වාර්ෂි­කව පැවැ­ත්වෙන සන්ථව කාව්‍ය විචාර සම්මාන ප්‍රදා­නෝ­ත්ස­වය පසු­ගි­යදා කොළඹ මහ­වැලි කේන්ද්‍ර­යේදී පැවැ­ත්විණි. එහිදී 2018 වර්ෂයේ ප්‍රකා­ශික සිංහල කවිය පිළි­බඳ හර­වත් දෙසුම පව­ත්වන ල‍ද්දේ සබ­ර­ග­මුව විශ්ව­වි­ද්‍යා­ලයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය, ආචාර්ය හිනි­ඳුම සුනිල් සෙනෙවි මහතා විසිනි.

2018 ප්‍රකා­ශික සිංහල කවිය පිළි­බඳ වටිනා විචාර නිබ­න්ධ­න­යක් සහ කාව්‍ය විචාර තර­ගයේ ජය­ග්‍රාහ‍ි විචාර ඇතු­ළත් ‘රසාර්ථ දීපනි - න‍ූත­නම සිංහල කවියේ සන්ථව ව්‍යාඛ්‍යාව’ ග්‍රන්ථය ද මේ මොහොතේ ජන­ගත වූ අතර මෙවර දිව­යිනේ හොඳම කාව්‍ය විචා­රය ලෙස ‘සන්ථව කාව්‍ය විචාර සම්මා­නය’ දිනා ගනු ලැබූයේ බුද්ධි­මතී ධනුෂ්කා තිල­ක­රත්න විසිනි. ඒ දිනූ රාජ­ගු­රුගේ ‘මල්ව­ඩම් සිනා සිය යුතුය’ කාව්‍ය කෘතිය පාදක කොට ගෙන ලියූ විචා­රය උදෙසා ය.

දෙවන හා තෙවන ස්ථාන පිළි­වෙ­ළින් සංද්වනී සජී­විකා වීර­තුංග සහ සරත් විජේ­සේ­කර යන අය දිනා­ගත්තේ ලක්ෂාන්ත අතු­කෝ­ර­ලගේ ‘අන­බි­සෙස් අන­බි­නි­ක්මන්’ සහ නන්දන වීර­සිං­හගේ ‘ක්ෂණ නියාම’ කාව්‍ය කෘති පාදක කර­ගෙන ලියූ විචාර උදෙසා ය. සිවු­වන ස්ථානයේ සිට දස­වන ස්ථානය දක්වා ජය­ග්‍රාහී විචා­රක, විචා­රි­කා­වන් වන්නේ දිලිනි නවෝද්‍යා, මිරාන් දමීන්ද්‍ර පෙරේරා, සුනි­මාලි පී.ඩබ්. රණ­වක, ලක්නා නිරෝ­ෂි­මාලා, අමිල ශාවින්ද මහ­ග­මගේ, සුරේ­ෂිකා මධු­ශානි, අශෝක කුමාර කුල­තුංග යන අයයි.

ජයන්ත නිම­ල්සිරි, වසන්තා රංජනී පති­රණ, සුසිල් ජේ. අම­ර­සේ­කර, මදු­ශාන්ත බණ්ඩාර ඇඹි­ලි­පි­ටිය, හිරාන් සුවි­මාල් ඒක­නා­යක, නලිනි චන්ද්‍රා ද සිල්වා, සඳුනි තිල­ක­රත්න, කාංචනා පෙරේරා, චමින්ද ප්‍රසාද් ප්‍රනාන්දු, නන්දා චිත්‍රානි ලෙන­දොර, චතුනි ලංකා­න්ජලී යන විචා­රක විචා­රි­කා­වන් විසින් කුස­ලතා සහ­තික දිනා­ගනු ලැබීය.

Comments