සාහිත්‍ය ‍ෙයන් ඉංග්‍රිසි | Page 4 | සිළුමිණ

සාහිත්‍ය ‍ෙයන් ඉංග්‍රිසි

මෙවර යුද්ධය හා සාමය පිළි­බද කවි දෙකක් පළවේ. විල්ෆ්‍රඩ් ඔවන් විසින් රචිත කවිය යුද්ධය ගැන ඇති වීර කථි­කා­ව­ලට එරෙහි වන යුද්ධයේ ඇත්ත තත්ත්වය පෙන්වා දක්වන ප්‍රසිද්ධ කවි­යකි.

Dulce et Decorum E
WILFRED OWEN

Bent double, like old beggars under sacks,
Knock-kneed, coughing like hags,
we cursed through sludge,
Till on the haunting flares we turned our backs,

And towards our distant rest began to trudge.
Men marched asleep. Many had lost their boots,
But limped on, blood-shod. All went lame; all blind;
Drunk with fatigue; deaf even to the hoots
Of gas-shells dropping softly behind.

Gas! GAS! Quick, boys!—An ecstasy of fumbling
Fitting the clumsy helmets just in time,
But someone still was yelling out and stumbling
And flound’ring like a man in fire or lime.—
Dim through the misty panes and thick green light,
As under a green sea, I saw him drowning.

In all my dreams before my helpless sight,
He plunges at me, guttering, choking, drowning.
If in some smothering dreams, you too could pace
Behind the wagon that we flung him in,
And watch the white eyes writhing in his face,
His hanging face, like a devil’s sick of sin;

If you could hear, at every jolt, the blood
Come gargling from the froth-corrupted lungs,
Obscene as cancer, bitter as the cud
Of vile, incurable sores on innocent tongues,—
My friend, you would not tell with such high zest
To children ardent for some desperate glory,
The old Lie: Dulce et decorum est
Pro patria mori.


දෙකට නැමී, මහලු යාච­ක­යන් සේ
ගෝනි කර­ති­යන් යන,
දනිස් ගැටෙ­මින්, වය­සක ගැහැ­ණුන් මෙන්
කැහැ කැහැ, අපි මඩේ බැන බැන ඇවි­ද්දෙමු,
හොල්මන් කරන එළි වලට පිටු­පාන තෙක්,
ඉන් පසු ඈත විවේ­ක­යක් කරා ගමන් කිරී­මට
පටන් ගත්තෙමු.
මිනිස්සු පිය නැගුවේ නින්දෙන් ය.
බොහො­ම­යක ගේ බූට්ස් නැති වී තිබුණි
එහෙත් ඔවුහු කොර ගස­මින් ගියෝය, ලේ වැකුණු පා වලින්. හැමෝම කොරය;හැමෝම අන්ධය;
වෙහෙ­සින් බීමත්ව; බිහිරි වී, හූවට ද
පිටු­ප­සින් හිමි­හිට වැටෙන ගෑස් ෂෙල්වල.

ගෑස්! ගෑස්! ඉක්ම­නට කොල්ලනේ! -
අන්ත කළ­බ­ල­යක්,
හුරු­බු­හුටි නොවූ හෙල්මට් පළද වා ගන්න
වෙලා­වට;
එහෙත් එක්කෙ­නෙක් තව­මත් කෑ ගහයි,
පා පට­ලවා ගනි යි
ගින්නට හෝ සුදු හුණු වල වැටුණු
මිනි­සකු මෙන් දග­ල­මින්. . . .
අප­හැ­දැ­ලිව, දුම් වැකුණු කවු­ළු­වෙන් සහ­ඝන
කොළ එලිය තුළින්,
කොළ පාට සාග­ර­යක මෙන්,ඔහු ගිලෙ­නු­මම දුටිමි.

මගේ සිහින වල, කිසි­වක් කර කියා ගත
නොහැකි මගේ දෘෂ්ටි පථය තුළ
ඔහු මා වෙත කඩා පනී, උගුර ගොර
ගොර ගාමින්, හුස්ම හිරවී, ගිලෙ­මින්.

යම් හුස්ම හිර කර­වන සිහි­න­යක් තුළ,
ඔබ­ටත් පුළු­ව­න්නම් ඇවි­දී­මට
කර­ත්තය පිටු­පස,අපි ඔහුව වීසි කළ,
බැලී­මට හැකි නම් ඔහුගේ සුදු­වන් වූ
ඇස් මුහුණේ නලි­යන අයුරු
ඔහුගේ එල්ලෙන මුහුණ, පව් එපා වුනු
යකෙ­කුගේ මෙන් වූ
ඔබට පුළු­වන් නම් ඇසී­මට, හැම ගැස්සී­ම­ක­ටම,
ලේ, පෙණින් විස වුණු පෙන­හැ­ලි­ව­ලින් ගොර
ගොර ගා පිට වුණු සැටි,
පිළි­කා­වක් මෙන් පිළි­කුල්, තිත්ත, වමා­රන දෑ මෙන්
අහිං­සක දිව­වල් වල ඇති, ජරා,හොඳ
නොවන තුවා­ල­ව­ලින් එන,
මගේ මිතුර, ඔබ නොකි­යනු ඇත, මෙත­රම්
ඉම­හත් උද්යෝ­ග­යෙන්
ළම­යින්ට, මොන­යම් හෝ ජය­ග්රො­හ­න­යක්
අව­ශ්යෙය වී සිටින,
ඒ පැරණි බොරු ව: මිහි­රියි සුදුසු යි
මව්බිම වෙනු­වෙන් දිවි පිදීම

Dulce et Decorum Est ‍
මෙම වචන ලතින් භාෂා­වට අයත්ය. එහි තේරුම “මිහි­රියි, සුදු­සුයි” ය. කවියේ අග මුළු වාක්‍යම ඇති අතර, මෙය හොරස් විසින් රචිත කවි­ය­කින් ගත් වැකි­යක් සේ සැලකේ. තම මව්බිම වෙනු­වෙන් දිවි පිදීම වර්ණනා කරන මෙම වැකිය පළ­මු­වැනි ලෝක යුද්ධය පටන් ගත් සමයේ බොහෝ විට භාවිතා කළ කිය­ම­නක් සේ සැලකේ.
විල්ෆ්‍රඩ් ඔවන් යනු පළ­මු­වැනි ලෝක යුද්ධ සමයේ විසූ ප්‍රධා­න­තම යුධ විරෝධී කවියා ලෙස සැලකේ. ඔහුගේ බොහෝ කවි ලියා ඇත්තේ 1917 අගෝස්තු සිට 1918 සැප්තැ­ම්බර් කාලය තුළ ය. ඔහු අවු­රුදු 25 දී, 1918 නොවැ­ම්බර් මාසයේ මිය ගියේ යුද්ධය අව­සන් කිරී­මට සාම සාකච්ඡා පටන් ගැනී­මට සති­ය­කට පෙරය. මෙම
Peace work
MDR

Peace work is quiet, like morning dew
Peace’s work treads softly
beyond cameras and mics
Afraid of hurting,
afraid of sudden movement,
Afraid of not much else.

It does not grab headlines.
It does not rouse people to cheer
Instead it makes them stand,
wondering at tears
They see for the first time
Immobile. Torchlessclubless
Hands on cheek, wide eyed.

Peace work is slow.
Invisible almost,
as contours of hearts are touched
And changed, softly, slowly, if lucky.
Peace work is not for the impatient.

Peace work is back-breaking, heart
Breaking, power breaking.
Peace work is hard. Harder. Suicidal.

Peace work does not win votes.
***
සාම කට­යුතු
MDR
සාම කට­යුතු නිහ­ඬය, උදෑ­සන පිනි මෙන්
සාම කට­යුතු හෙමින් පිය­න­ඟයි,
කැම­රා­ව­ලට හා මයි­ක්‍ර­ෆෝ­න­යන්ට ඔබ්බෙන්,
රිදී­මට බයෙ, හදිසි සෙල­වී­ම්ව­ලට බයෙන්,
වෙනත් කිසි දේකට බිය නොවෙ­මින්

ඒවා ශීර්ෂ පාඨ බවට නො පෙරළේ
ඒවා ඔල්ව­ර­සන් දීමට මිනි­සුන්ව නොපො­ල­ඹ­වයි
ඒ වෙනු­වට ඔවුන් ව සිටවා තබයි, පුදු­ම­යෙන්
බල­න්නට කඳුළු දෙස
ඔවුන් මුල්ව­රට දකින
නොසෙල් වී. පන්දම් රහිත මුගුරු රහිත
අත් දෙක­ම්මු­ළු­වල රඳවා, ඇස් අයා­ගෙන.

සාම කට­යුතු හෙමින් දිග හැරෙයි
අදෘ­ෂ්ය­ය­ය­මාන වීමට තරම් නොපෙනේ,
හද­ව­ත්වල හැඩ­යන් අල්ලනා විට
වාස­නා­වන්ත නම්, හෙමි­හිට මුදු ලෙස වෙනස්
කිරී­මට.

සාම කට­යුතු නොඉ­ව­සි­ලි­ව­න්ත­යන්ට නොවේ.
සාම කට­යුතු කොන්ද කඩා දායි,පපුව
පලයි, බලය බිඳ දායි.
සාම කට­යුතු දුෂ්ක­රය, වඩාත් දුෂ්ක­රය.
සිය දිවි හානි කර­වන සුලුය.
සාම කට­යුතු ඡන්ද නොදි­නයි
 

Comments