
මෙවර ‘සාහිත්‍යයෙන් ඉංග්‍රීසි‘ පිටුවෙන් ඇමරිකාවේ හා ලංකාවේ ලියවුණු කවි දෙකක් පළවේ. ඇති විය යුතු තත්ත්වය හා ඇති වී තිබෙන තත්වය අතර හිඩැස හා එයින් ජනනය වන උත්ප්‍රාසය මෙම කවි දෙකින්ම දැකගත හැකිය.
Irony
by Amy Lowell
Irony
by Amy Lowell
An arid daylight shines along the beach
Dried to a grey monotony of tone,
And stranded jelly-fish melt soft upon
The sun-baked pebbles, far beyond
their reach
Sparkles a wet, reviving sea.
Here bleach
The skeletons of fishes, every bone
Polished and stark, like traceries of stone,
The joints and knuckles hardened
each to each.
And they are dead while
waiting for the sea,
The moon-pursuing sea, to come again.
Their hearts are blown away
on the hot breeze.
Only the shells and stones can wait to be
Washed bright.
For living things, who suffer pain,
May not endure till time can
bring them ease.
උත්ප්‍රාසය
ඒමි ලොවෙල්
වියළි දවල් එළියක් වෙරළ දිගේ දිස්නය දෙයි
එක් ඒකාකාරී අළු පාටකට වෙළී,
අතරමං වූ ලොඩියෝ දියවෙති සුමුදු ව
අව්වට වෙළුණු ගල් කැබලි මත, ඔවුන්ට බොහෝ ඔබ්බෙන්
තෙත බරිත, ජීවය දිය හැකි මුහුද දිළිසෙයි.
මෙතැන සුදු වෙයි
මාළුන්ගේ ඇටසැකිලි, හැම ඇටයක් ම
මැදී හා පැහැදිලි වී, ගලක ලතා මෙන්,
සන්ධි හා පුරුක් ඒකිනෙකට පූට්ටු වී.
ඔවුන් මැරී ඇත මුහුද එනකන් සිටින අතරතුරදී,
හඳ පසු පස දුවන මුහුද, නැවත එනකල්
ඔවුන්ගේ හදවත් ගිනියම් සුළඟේ පාවී ගොස් ය.
කටු හා ගල්වලට පමණය සිටීමට හැක්කේ
හේදෙනතෙක්, දිස්නය ගසන තුරු.
කිමද, ජීවමාන දේ, වේදනාව දැනීමට හැකි,
නොරැඳෙන්න පිළිවනි කාලය ගෙනදෙන තෙක්, සැනසීම.
Taking possession
MDR
Buddhism says – there is no ‘my’
No ‘mine’
But I am going to say ‘my Buddhism’
And include within it –
The feeling of peace I get when I hear
The chanting of pirith
Not blared over loudspeakers that give
no choice
But that which touches my ear
like butterfly wings
And brings with it a new dimension
That transports me towards safety
And slow breathing
In the most impossible of days.
I want to say -
never mind that the words need to be
loud to make the vibrations right
That is for Buddhist us – it need not
be for non-Buddhist us
Who will feel the same way towards
the call of the mosque,
The sound of hymns in Church
The ringing of the bell of the Kovil
To all of which my heart reacts joyously
For they speak of love – or should -
And my Buddhism has taught me love.
The sheer beauty of upturned flowers
Sprinkled with water, the purple
Manel, the white lotus, the
impossibly fragile
Jasmine,
Among betel leaves and medicinal
herbs and prayers
All wet wetwet under the Bodhi
That spreads its magnificent
branches across the sky
And I am safe underneath
Upon cool sand even in hot afternoons
The air fragrant with joss stick smoke
And the murmurs of people
Asking for favours in a place we should not
But being human, we need to.
Wet clay pot in my hands
I listen to the soft gurgle
Of the coolest wish-filled water,
Carrying my hopes to the roots of
the most ancient of trees.
They seep into the earth
And come back up as wetness against
my soles.
For all this -
For bringing this down centuries,
so that there is a path for some of us
who choose to journey here
to find and embrace solace -
to the saffron robe
I want to say, thank you -
even as my heart is breaking
for where it is found now
And I need to ask how non violence
is figured
In present constellations.
How ironic that love can be great enough
to engender defiance.
And say, this is not it,
this is not
What I learnt – what you taught me –
Sabbesattabhavantusukhitattaand
Nahiverenaverani
And where else can I go
With a broken heart
and in this I find the mother of all ironies -
Than to you?
අයිතිය ගැනීම
MDR
බුද්ධාගම කියා දෙයි - නැත මම
හෝ මගේය යන්නක්
එහෙත් මම කියන්න යන්නෙමි මගේ බුද්ධාගම යයි
එහි ඇතුළත් කර-
සාමයේ සේයාව ඇහෙන විට
පිරිත් හඬින්
කැමති නොකැමති නොඅසන යකඩ කටවල්වලින් එන නොව
සමනල පියාපත් මෙන් මගේ කන වැකෙන
ගෙන එමින් නව විශ්වයක්
මාව ආරක්ෂාව කරා ගෙන යන
හා වේගවත් නොවූ සුසුම්ලෑමකට
දුෂ්කරම වු දවසක වුව ද.
මට කීමට අවශ්‍යයි - කම් නැත ශබ්ද තරංග වේගවත් විය යුතු බව වචන බලගැන්වීමට
ඒ බෞද්ධ අපට - එය එසේ විය යුතු නැත. අබෞද්ධ අපට
මුස්ලිම් පල්ලියේ අඬගැසීමට එවැනි හැඟීම් ඇති වන
ක්‍රිස්තියානි පල්ලියේ යාඤ්ඤා හඬට
කෝවිලේ සීනු නාදයට.
මේ සියලු දෙයට මහද ප්‍රීතිමත්ව ප්‍රතිචාර දක්වයි
කිම ද ඔවුන් හඬ නගන්නේ, හෝ හඬ නැගිය යුත්තේ, මෛත්‍රීයයි.
මගේ බුද්ධාගම මට මෛත්රිහය කියා දී ඇත.
උඩට හැර වූ මලක සුන්දරත්වය
පැන්වලින් නැහැවුණ, දම්පාට
මානෙල්, සුදු නෙළුම, ඉක්මනින් නැසෙන සුළු
පිච්ච මල්
වැතිරී ඇත බුලත් කොළ, බෙහෙත් පැල හා පැතුම් අතර
තෙත්ව, පැනින් නැහැ වී, දෝවනය වී බෝධිය යට
විශාල අතු අහස සිසාරා පැතිරුණ
සුරක්ෂිතව මා එහි පාමුල
ගිනි මද්දහනේ වුවද සිසිලැති වැලි මත
වායුවක, හඳුන්කූරු සුවඳින් පිරුණු
හා මිනිස් මිමිනුම්වලින්
උදව් ඉල්ලන, නොඉල්ලිය යුතු තැනක
එහෙත් මනුෂය වූ නිසා ඉල්ලීමට අවශ්‍ය.
තෙත බරිත කළය අතැතිව
මම සවන් දෙන්නෙමි සියුම් හඬට
බලාපොරාත්තු පිරි සිසිල් වූ පැන්
මගේ සිහින ගෙන යන හඬ, මුල් කරා
පුරාතන වූ වෘක්ෂයක.
පොළොවට උරා යාමෙන් පසු
එය නැවත මතුවෙයි පාද යට තෙතමනයක් සේ.
මේ සියල්ලටම-
සියවස් ගනණාවක් මෙය රැගෙන ආ නිසා,
මාවතක් දීමට අප සමහරකට
මෙහි සැරි සැරීමට කැමති වූ
සැනසීම සොයා වැළඳ ගැනීමට-
රන්වන් සිවුරට
මට කීමට අවශ්‍යයි, පින්සිද්ධ වේවා-
හදවත පැලී යන මොහොතක වුවද
එය දැන් දැකීමට තිබෙන තැන් නිසා
මට ඇසීමට අවශ්‍යයි අවිහිංසාව කොහේ ඇත් දැයි
වත්මන් තාරකා මඩුළු තුළ
මොන උත්ප්‍රාසයක් ද ආදරය දැඩි විය හැකි බව
විරෝධය පෑම ජනනය කිරීම දක්වා,
කීමට, මෙය මෙසේ නොවිය යුතුය
මෙය නොවේ
මම ඉගෙනගත්තේ- ඔබ මට ඉගැන්වූයේ-
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සහ
නහි වේරේන වේරානි
මම වෙන කොහේ යන්නද
බිඳුණු හදවතක් සහිතව
-මෙහි මම දකිමි උත්ප්‍රාසයේ උල්පත-
ඔබ ළඟට හැර
(මෙම කවිය මුලින්ම පළ වූයේ‘අර්ථ සාධනී’ නම් වූ මහරගම තරුණ බෞද්ධ සංගමෙය් 2017-2018 වාර්ෂික සංග්‍රහයෙහිය.)
ව්‍යාකරණ ඉඟිය
මෙම කවි දෙකෙන්ම irony නම් වූ රූපකාර්ථ භාෂාවේ අංගයක් දැකගත හැකිය. Irony යනු යම් දෙයක් කීම සඳහා එයට විරුද්ධ තේරුමක් ඇති වචන භාවිත කිරීමය. උදාහරණයක් වශයෙන් යම් නරක දෙයක් හෝ විනාශයක් හැඟවීමට “යස වැඩේ”හෝ“This is a fine thing!”කීම ironicalහෝ උත්ප්‍රාසය සහිත වචන කණ්ඩයක් යැයි කිව හැකිය.
තවද, සංසිද්ධි දාමයක ප්‍රතිඵලය බලාපොරොත්තු වූ දෙයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වූ විට එය ද උත්ප්‍රාසය සහිත අවස්ථාවක් යැයි කිව හැක. මෙම කවි දෙකින්ම එවැනි උත්ප්‍රාස ජනක අවස්ථා ගැන කියවේ.