පසු ගිය දින වල කතා බහට ලක්වු ප්‍රධාන මාතෘකාවන් අතර කූඹීයො ටෙලි නාට්‍යයේ රගපාන ජෙහාන් ට රයිගමි සම්මාන උලෙළේ ජනප්‍රියම නළුවාට හිමි සම්මානය හිමි වීම පුධාන ස්ථානයක් ගත්තේ සම්මානය ලබා ගැනිමෙන් පසු ජෙහාන් විසින් මාධ්‍යට කරනු ලැබු ප්‍රකාශය නිසයි . සිස්ටම් එකට විරුද්ධ මිනිසුන් තමන්ට ඡන්දය දුන් බව ඔහු කියා තිබිණී. මින්සුන් ගේම් කාරයෙකුට කැමති වන්නේ සිස්ටම් එකට විරුද්ධ වීම නිසා නොව සිස්ටම් එකට ඇති කැමැත්ත නිසාවෙනි.
ගේම් මත ජීවිතය ගෙන යන් ලාංකිකයන් ගේම් එකට අකමැති විමට කිසිදු හෙතුවක් නැත. අපි සියලු දෙනාම අඩු වැඩි වශයෙන් ගේම් ගසන නිසාවෙනි. සරලවම කිව්වොත් ලංකාවේ ජීවිතය කියන්නේ තනිකර ගේම් එකක්. මේකෙදි තමන් හරි වෙන එකෙක් හරි විකුණන්නේ කොහොමද කියල බලනවා .
චාල්ස් ඩාවින් ගේ පරිණාමවාදයට අනුව ස්වාභාවික වරණය මත සත්වයින්ගේ පරිණාමය සිදුවු බව පැහැදිලි කරනු ලබයි. වරණයෙන් බේරිමට නම් ගේම් ගැසිය යුතුය. සිස්ටම් එකට නොගැළපෙන මිනිසුන් සිස්ටම් එකෙන් ඉවත් වන්නේ මේ නිසාවෙනි. සිස්ටම් එකට විරුදධ මින්සුන් සිස්ටම් එක වෙනස් කිරිමට ගොස් දහස් ගණනින් මැරුමි කැවේ මේ නිසාය. මිනිසුන්ට වඩා ක්‍රමය බලවත් වන්නේ මේ නිසාවෙනි.
මේ නිසා ක්‍රමයට අකමැති කිසිවෙක් ජෙහාන්ට කැමති වන්නේ නැත. ජෙහාන්ට කැමති වන්නේ ක්‍රමයට කැමති මිනිසුන්ය. අද දවසේ ලංකාවේ ගේම් එක සාමාන්‍ය දෙයක් බවටම පත්වෙලා ඉවරයි. මේක ආයතන ඇතුළේ දේශපාලනය ඇතුලේ පන්සල් ඇතුලේ විතරක් නොවෙයි පවුල් ඇතුළෙත් තියෙනවා.
සමහර විට ඉහළට යන්න ගේම් එකක් ගහන්න ඕන වගේම රැඳිල ඉන්නත් ගේම එකක් අවශ්‍යයි.උසස්විම් පඩි වැඩි විමි විතරක් නොවෙයි උත්සව අත්තිකාරම් මරණාධාර ජීවිත රක්ෂණ වගේ දෙවල් විතරක් නොවෙයි අම්මා තාත්තාගේ දෙපලවලට පවා ගෙම් ගහන සහෝදර සහොදරියන්ගෙන් ලංකාවේ අඩුවක් නැහැ .
ශේක්ස්පියර් කිවිවේ ජීවිතය රඟ මඬලක් ය අපි හැමෝම එහි රඟන නළුනිළියන්ය කියල වුණාට අපිට කියන්න තියෙන්නේ ජිවිතය ගෙම් එකක්ය අපි හැමෝම එහි ගේම් ගසන ගැහැනුන් හා පිරිමින්ය යනුවෙනි. භූමිකාවන් තියෙන්න ඕන තැන්වල දැන් ඉන්නේ ගේම් කාරයින්. සමාජයේ උත්තරීතර යයි කියන චරිත පවා අද ගේම් ගහන චරිත බවට පත්වෙලා.
හොඳ අම්මා කෙනෙක් හොඳ තාත්තා කෙනෙක් කියන්නේ සාර්ථක අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් හොඳ කෙනෙක් සාර්ථක කෙනෙක් වෙන්නේ නැති තරමට අද ගේම් එක ඉස්සරහට ඇවිල්ලා. උදාහරණයකින් පැහැදිලි කළොත් හොඳ අම්මා කොනෙක් කවදාවත් බොරු කියන්නේ නැහැ. නමුත් දරුවා පාසලට දා ගන්න අද බොරු සියගණන් ලේඛන ගත කරන්න අම්මලා තාත්තලාට සිදු වන්නේ සිසිටඒ එක ඒ තරමටම ගේම් එක ඉල්ලන නිසයි.
බොරුව ක්‍රමයට අන්තර්ගත වන විට ඇත්ත ස්වාභාවික වරණයට ලක් වන්නේ මේ විදියට. මේ නිසා ඇත්ත ට සිදුවන්නේ විනාශ විම පමණි. අද දවසේ බොරුව ඇත්ත පරිදි ප්‍රති නිර්මාණය කරනු ලබන්නේ ක්‍රමයට අවශ්‍ය වන ලෙසිනි. මේ නිසා එක ඇත්තක් වෙනුවට සත්යවයන් කීපයක් හො ඊට වැඩි ගණනක් නිර්මාණය වෙමින් තිබේ. මේ යුගය යනු භුමිකා නිරූපණය අවලංගු කාසියක් බවට පත් වු ගේම් කාරයිනගේ යුගයක් බවට වන්නේ එහෙයිනි .
දේශපාලකයින් බලය සඳහා ගේම් වලට අවතීර්ණ වි ඇති අතර ආයතන ප්‍රධානීන්ට ආයතනවලට පත් විමට සුදුසුකම්වලට වඩා ගේම් එක කොරෙහි විශ්වාසය තැබිමට සිදු ව ඇත. ලොකු හාමුදුරුවන්ට පන්සලේ දායකියින්ගෙන් වැඩි පුර සමමාදමි එකතු කර ගැනිමට ගේම් ගහන්න සිදු ව ඇති අතර පාසලේ විදුහල්පතිට පාසල වෙනුවෙන් ගේම් ගහන්න සිදුව ඇත.
මේ නිසා පැරණී ධුරාවලීන් අපෙක්ෂීත කාර්යයන් ඉටු නොවිමත් ගේම් කාරයින් ඉදිරියට පැමිණීමත් සිදුව ඇතෙ. සමහර ආයතනවල ප්‍රධානීන්ට කළ නොහැකි දේ ආයතනයේ රියදුරුට කළ හැකි වන්නේ මේ නිසාවෙනි .
සිස්ටම් එක හොඳින් ක්‍රියාත්මක වන රටවල්වල ගේම් අවශ්‍ය නොවන්නේ මේ නිසාවෙනි. ඇමෙරිකාවට පැමිණ ඔබේ හැකියාවන් උරගා බලන්න යැයි බැරක් ඔබාමා පවසන්නේ එම රටවල ක්රමයේ ශක්තිමත් භාවය නිසාවෙ. එහි ගේම වලට ඉඩක් නැත්තේ සියල්ල නීතියට අනුව සිදු වන බැවිනි.
අපිට සිදුව ඇත්තේ උසාවි යන විටත් ගේමක් ගැසිමටයි. අඹගෙඩි තුනට හිරේ යන රටක මිනිමරුවන් නිදහස් වන්නේ මේ ගේම්වල ප්‍රතිඵල නිසාවෙනි. යුක්තිය ගේම් එකක් වන විට අධ්‍යාන ගේම් එකක් වන විට ආදරය ගේම් එකක්වන විට විවාහය ගේම් එකක් වන විට මිනිස් ජීවිතය සම්පුර්ණයෙන්ම ගේම් එකක් බවට පත්වේ. ජීවිතයෙන් ගේම් එකත් ගේම් එකෙන් ජීවිතයත් වෙන් කළ නොහැකි තැනට පත්වේ. අද අපි සිටින්නේ එවැනි යුගයක ය .
යහ පාලනය ගේම් එකක් කර ගත් රටක ප්රජාතන්ත්රවාදය වැනි සංකල්ප ගැන කතා කිරිම විහිළුවකි. එහෙත් ඉතා වේගයෙන් ගේම් එකක් බවට පත් වී ගේමි එක සිස්ටම් එක බවට පත් කර ගත් යුගය අවසන් කළ යුතුව ඇත.
ගේම් තුළ අවසන් ගමන් යන්නේ මිනිස් කම මිස අන් යමක් නොවේ. ජෙහාන් ඔබට මිනිසුන් කැමැති වුයේ මිනිසුන් ගේම් එකට කැමති වු නිසාවෙනි. භයානකම කාරණය වන්නේ ක්‍රමය වෙනස් කිරීමට ක්‍රමයට අකමැති මිනිසුන් බිහි නොවිම.