කඳු­කර වැසි වන­න්තරයට බැඳුණු වාරි තාක්ෂ­ණය | Page 4 | සිළුමිණ

කඳු­කර වැසි වන­න්තරයට බැඳුණු වාරි තාක්ෂ­ණය

ලංකාවේ දේශගුණික ස්වභාවය තීරණය වී ඇත්තේ වැසි ලැබෙන ආකාරය අනුවය. මෝසම් සුළං අතරින් වඩාත් ප්‍රබල වන්නේ නිරිතදිග මෝසමයි. ඒනිසා මෙරටට වැඩිපුරම වැසි ලැබෙන්නේ නිරිතදිග මෝසම් වැසි මඟින් ආවරණය කෙරෙන බටහිර හා දකුණු දිග අතර ප්‍රදේශවලටය. වැසි ලැබෙන ප්‍රමාණය අනුව ලංකාව තෙත්, අතරමැදි හා වියළි ලෙස දේශගුණික කලාප 3කට බෙදා වෙන් කර තිබේ.

 

මෙරටට ලැබෙන වාර්ෂික වර්ෂාපතනය හේතුවෙන් වර්ග කිලෝ මිටරයකදී හෙක්ටයාර් 3ක පමණ ජලධාරිතාවක් රඳවා ගනී. මේ තත්ත්වය ඇති වීමට හේතුව වී ඇත්තේ වැසි ජලය මුහුදට යෑමට ඉඩ නොදි රැක ගන්නා තෙත් බිම් විශාල ප්‍රමාණයක් අප සතුව පැවතීමය. මේ නිසා ලෝකයේ සෙසු රටවල් සමඟ සැසඳීමේදී ලංකාව ඉහළම ජල ඝනත්වය ඇති රටක් ලෙස පිළිගෙන තිබේ. මේ ඉහළ වැසි සම්පතට එකම හේතුව ලංකාව මෝසම් කලාප දෙකක් අතර පිහිටි රටක් වීම පමණක් ම නොවේ. ලංකාවේ භූගෝලීය හා පාරිසරික ස්වභාවයද මෙලෙස වැසි ඇතිවීමට ප‍්‍රබල දායකත්වයක් ලබා දෙයි. මෙහිදී නිරිත දිග හා ඊසාන දිග මොසම් මෝසම් වැසි වලාකුළු වර්ෂාව ලෙස පො‍ෙළාවට ඇද ගැනීම සඳහා රට මැද පිහිටි කඳුකර වැසි වනාන්තර ඉටු කරන කාර්යය අතිශයෙන්ම වැදගත්ය. මීට හේතු වී ඇත්තේ මෝසම් සුළං හමා එන මඟ හරහා පවුරක් සේ පිහිටි මේ කඳුකර වැසි වනාන්තර පිහිටීමයි.

ඒ අනුව මෝසම් වලාකුළු තවදුරටත් සිසිල් කරන, මහා වැසි නිර්මාණය කරන ප්‍රධානම භූගෝලීය සහ පාරිසරික සාධකය මෙය වේ. නිදසුනක් ලෙස මෙරටට එන මෝසම් වැසි වලාකුළු ළිඳක් සේ සලකන්නේ නම්, ඒ ළිඳෙන් අපට ජලය ඇද දෙන බාල්දිය වන්නේ අපේ කඳුකර වැසි වනාන්තරය යි. මෙරටට වැසි ලැබෙන්නේ මෝසම් සුළඟින් වන නිසා, වැස්ස ලැබීම සහ වනාන්තර අතර සම්බන්ධයක් නැතිය යන වැරදි මතය පසුගිය කාලය මුළුල්ලේ ප්‍රචාරය විය. ඊට හේතුව වූයේ මේ පිළිබඳව කිසිදු වැටහීමක් නැති සවාමියා කියන ඕනෑම දෙයකට එහෙයි කියන ඊනියා උපදේශකයින් පිරිසක් පාලකයා වටා සිටීමය. එනිසා වැසි වැටීම සමඟ බැඳී පවතින මෙම පාරිසරික කි‍්‍රයාවලිය ගැන අවබෝධයක් මේ පාලකයින්ට හා නිළධාරීන්ට නැත.

ලංකාවේ දේශගුණික ස්වභාවය තීරණය වී ඇත්තේ වැසි ලැබෙන ආකාරය අනුවය. මෝසම් සුළං අතරින් වඩාත් ප්‍රබල වන්නේ නිරිතදිග මෝසමයි. ඒනිසා මෙරටට වැඩිපුරම වැසි ලැබෙන්නේ නිරිතදිග මෝසම් වැසි මඟින් ආවරණය කෙරෙන බටහිර හා දකුණු දිග අතර ප්‍රදේශවලටය. වැසි ලැබෙන ප‍්‍රමාණය අනුව ලංකාව තෙත්, අතරමැදි හා වියලි ලෙස දේශගුණික කලාප 3කට බෙදා වෙන් කර තිබේ.

මෙරට වර්ෂාව අඩුම ප්‍රදේශ වන්නේ වයඹ දිග මන්නාරම ප‍්‍රදේශය හා ගිනිකොන දිග පිහිටි යාල ප‍්‍රදේශයයි. තෙත් කලාපයේ වාර්ෂික වර්ෂාපතනය මිලි මිටර් 2500-3000ක් පමණ වන අතර වියලි කලාපයේදී එය මි.මි. 1250-1500ක් පමණ වේ. මෙරට ඉහළම වාර්ෂාපතනය ලැබෙන්නේ වටවලටය. එහි වාර්ෂික වර්ෂාපතනය මි.මි. 5000ක් පමණ වේ. මේ අතර අවම වැසි ලැබෙන මාන්නාරම සහ යාල ප්‍රදේශවලට ලැබෙන වාර්ෂික වර්ෂාපතනය මි.මි. 750-900ක් පමණ වේ. වියලි කලාපය වැසි රැගෙන එන ඊසාන දිග මෝසම් සමය පවතින්නේ වසරේ මාස තුනක් වැනි කෙටි කාල සීමාවකය. එනිසා වසරේ වැඩි කාලයක් එම ප්‍රදේශවල පවතින්නේ වියලි දේශගුණයකි.

නමුත් ඊසාන දිග මෝසම් සමයේදී එම පෙදෙසට ලැබෙන අධික වර්ෂාපතනය නිසා වසර පුරාම තෙත් කලාපයට ලැබෙන වැසි ප්‍රමාණයට ආසන්න ජලධාරිතාවක් එමඟන් ලැබේ. දල වශයෙන් මෙරටට ලැබෙන් වර්ෂාවෙන් වියලි කලාපයට ලැබෙන ප‍්‍රමාණය 45%ක් තරම් විශාලය. වසරේ වැඩි කාලයක් වැසි රහිතව පවතින නිසා, වියළි කලාපය ලෙස හැදින් වුවත් ඇත්තෙන්ම මේ නිසා අපේ වියළි කලාපය වියළි වෙන්නෙ නාමිකව පමණය. ලංකාවට ලැබෙන ඉහළ වර්ෂාපතනය විවිධ පරිසර පද්ධති රැසක්ද බිහි කර තිබේ. වැස්ස ලැබීම අනුව මේ පරිසර පද්ධති කඳුකර වැසි වනාන්තරවල සිට අර්ධ ශූෂ්ක වනාන්තර හා විවිධ තෙත්බිම් ප්‍රදේශ දක්වා ඉතා ඉහළ විවිධත්වයක් දරයි.

මේ පරිසර පද්ධතිවල ඇති විවිධත්වය නිසා ලංකාවේ හමු වන ජීවී විශේෂවල විවිධත්වයද ඉතා ඉහළ මට්ටමක පවති. ඒවා අතරින් ඉහළම ජෛව විවිධත්වයක් දැකිය හැකි වන්නේ නිරිතදිග මෝසම් සුළඟින් ලැබෙන වැස්සෙන් පෝෂණය වන තෙත් කලාපය තුළය. එනිසා ආසියාවේ රටවල් අතරින් ඉහළම ජෛව විවිධත්වය ශී‍්‍ර ලංකාවේ පැවැතීමට මේ වැසි ප‍්‍රධාන සාධකයක් වී බවට පත් වී ඇත.

අපේ වසර 2500කට වැඩි වූ ඉතිහාසය දෙස බැලීමෙදී, අපේ ශීෂ්ඨාචාරය ලෝකයේ අනෙක් සියලුම ශිෂ්ටාචාර අතුරෙන් සැකයකින් තොරව, වෙන්කර දැක්විය හැකි එක් අනන්‍යවු සාධකයක් තිබේ. ඒ සුවිශේෂ වු, සාධකය වන්නේ අපේ අතීත පරපුර විසින් ගොඩනැඟූ දැවන්ත වැව් හා ඒවා එකිනෙකට යා කළ සියුම් හා සංකීර්ණ වූ වාරිමාර්ග ජාලයයි. මෙම සියුම් ඉංජිනේරුමය ඉදිකිරිම් මුළුමහත් මානව ශිෂ්ටාචාරයටම ඉතිරි කර ඇති මහත් වූ දායාදයකි. අපේ ජල කළමණාකරන සිද්ධාන්ත හා වාරි ඉංජිනේරු ශිල්ප ඥානය, ලොකයේ පැවති මානව ශිෂ්ටාචාර අතුරෙන් මෙතෙක් සොයා ගෙන ඇති, ඒහා සම්බන්ධ ඉහළම දැනුම් සම්භාරය බව’ විද්වත්තු බොහෝ දෙනෙක් විසින් අවිවාදයෙන් පිළිගනිති. ඒ සඳහා පහත දැක්වෙන් උපුටා ගැනීම් කීපය පමණක් ප්‍රමාණවත් ය.

‘‘ලෝකයේ මොනයම් හෝ පෙදෙසක් තුළ මේ තරම් අතිමහත් වූ වාරිමාර්ග නිර්මාණයන් රැසක නටඹුන් දැක ගක නොහැකි බව මගේ විශ්ව­ාසයයි. ’’

- බදුල්ලේ උප දිසාපතිව සිටි බේලි (1855)

‘‘ඉංජිනේරු ශිල්පයේ එක් අංශයක් වන භූ මිනුම් ශිල්පය අතින්ද පැරණි සිංහල ජනතාව ඉතා ඉහළ දැනුම් මට්ටමක සිටි බව විවාදකින් තොරව පිළිගත හැකිය. ඔවුන් සිය වාරි මාර්ග පද්ධතියේ බොහෝ නිර්මාණ කර ඇත්තේ ඇසින් බැලූවිට තැනිතලාවන් සේ පෙනෙන් බිම් පෙදෙස් මතය. එසේ වුවත් මේ තැනිතලාවේ සැතපුම් ගණනක් පුරා දිව යන ඇළ මාර්ගවල ජලය බැස යාමට අවශ්‍යය වන ආනතිය පවත්වා ගැනීම පහසු කරුණක් නොවේ. ඒ සඳහා අතිශය සූක්‍ෂ්ම නවින උපකරණවල හැකියාවම සහිත උපකරණවල සහය ඔවුනට එහිදී අවශ්‍යය වූ බව පැහැදිලිය. අද භාවිතා වන සෑම සියුම් උපකරණයකටම නොදෙවනි වන ඒවා යොදා ගනිමින් සමෝච්ච රේඛා ඔස්සේ සුදුසුම ස්ථාන තෝරා ගෙන වැව් බැමි ඉදිකිරීම කර තිබේ. මේ කාර්යය ඔවුන් විසින් ඉටු කිරිමේදී පෙන්වා ඇති සුවිශේෂ හැකියාව හා කිසිවෙකුට නොදෙවනි වන නිපුණත්වය විශිෂ්ටය.’’ එල්. ආර් ‍ෙබ්‍රා්හියර්

‘‘අප්මිර් ජාතිකයන් විසින් ඉස්පහන් හී ඉදි කළ කොරඩ් හෝ මයිසූර් හී හියිඩර් ජලාශය සුන්දරත්වයෙන් හෝ විශාලත්වයෙන් කිසි ආරකින් කලා වැව හෝ පදවිය වැව සමඟ සැසඳීමට නොහැකිය. හැසකියාවල ඇළ මාර්ගවලටත් පර්සියාවේ ඇළ මාර්ගවලටත් පේරුවල උමං ඇළ මාර්ගවලටත් කිසිවිටක අඹන් ගඟේ ජලය මින්නේරිය වැවට හා පරාක‍්‍රම සමුද්‍රය වෙත ගෙන යාමට තැනවූ ඇළ මාර්ග සමග තරඟ කළ නොහැකිය. දැනට ඉතිරි වී ඇති මහා වැව්වල විශ්මිත නටඹුන් මේ රටේ අතීත ශී‍්‍ර විභූතිය ආඩම්බරයෙන් ලොවටම පෙන්වා දෙන සිහිවටන වෙයි.’’

එමර්සන් ටෙනන්ට්

 

Comments