බඳු­න්ගත වට්ටක්කා වගාව | Page 6 | සිළුමිණ

බඳු­න්ගත වට්ටක්කා වගාව

වට්ටක්කා රසවත් කෑමක් වුවත්, ඉඩකඩේ ඇති අපහසුව නිසා සමහර අයට නම් වට්ටක්කා වවන්න ලැබෙන්නේ නැහැ. ඒත් දේසේ හැටියට වාසේ පුරුදු වුණොත් මේකත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.මේ නිසා ඔබ නාගරිකව ජීවත්වෙන්නෙක් නම් වට්ටක්කා වැලක් පෝව්වියක වුවත් වවා ගන්න හුරු වෙන්න. එවිට නැවුම් ආකාරයට වට්ටක්කා ව්‍යංජනයක් කන්න ඔබටත් හැකියාව ලැබේවි. ඔබ නාගරිකව ජීවත් වෙන ගෘහණියක් නම් නි‍ෙවසේම වට්ටක්කා වැලක් වවාගන්න කැමැති නම් මේ ක්‍රියා පිළිවෙත අනුගමනය කරන්න. හොඳින් ඉඳුණු වට්ටක්කා ගෙඩියක ඇට ගෙන මද කොටස් ඉවත් වෙන ආකාරයට පිරිසුදු ජලයෙන් සෝදන්න.

ඉන් පසු ඔබ සෝදා ගත් වට්ටක්කා ඇට අතරින් වඩා විශාල ඇට තෝරන්න. එසේ තේරීමට හේතුවක් තියෙනවා. වඩා විශාල ඇට හොඳින් පැළ වෙනවා.

මෙලෙස තෝරා ගත් වට්ටක්කා ඇට තෙත හිඳෙන තෙක් මඳ පවනේ වේළීමට සලස්වන්න. මී ළඟට කළ යුත්තේ සුදුසු භාජනයක් තෝරා ගැනීමයි.

ඔබේ බිම් ප්‍රමාණයේ තැබිය හැකි බඳුනක් වියයුතුයි. මෙය ඔබට ඇති ඉඩ ප්‍රමාණය මත වෙනස් වේ. අපි ඉතාමත් කුඩා බඳුනක් ගතහොත් එය කුඩා බඳුනක් නම් විෂ්කම්භය අඩි එකහාමාරක් වන ගැඹුර අඩියක් වන බඳුනක් තෝරා ගන්න.

ඔබ තෝරාගත් බඳුනේ සිදුරු නොමැති නම් පතුලේ අඟලේ අඟලේ සිදුරු සාදාගන්න. ඉන්පසු බඳුනේ පතුලට කොළ රොඩු දමා ඊට මතු පිට පස් හා කොම්පෝස කොටස් එකට එක අනුපාතයට මිශ්‍ර කර බඳුනේ අතුරන්න.

ඉන්පසු එක බඳුනකට වට්ටක්කා ඇට පහ බැගින් දමා පැළ කරගන්න. මැයි මුල සහ ජූලි අග වගාවට සුදුසු වුවත්, දේශගුණය සහ පරිසර තත්ත්වය මත මෙය එතරම්ම බලපාන්නේ නැහැ.

හොඳින් පැළ වෙන පැළය ඔබට හඳුනාගත හැකි නම් ඉතිරි පැළ ගලවා ඉවත් කිරීමට ඔබට හැකියා ලැබෙනු ඇත. ඉන්පසු එම වැලට ආධාරක සවි කිරීමෙන් වැල වර්ධනය කිරීමට සලස්වන්න.

මල් පිපෙන කාලයට ගැහැනු මල් සහ පිරිමි මල් පරාගණය අත් පරාගණය මඟින් වුවත් ඔබට කළ හැකිය.

ඔබ කියාවි වට්ටක්කා ඉබේ වුණත් වැවෙනවා මේතරම් පරිස්සමක් ඇයි කියලා. දේවල් ඉබේ හැදුණට ඒවා බලා හදාගන්න දේවල් තරම්ම සරු සාර නැහැ. මේ නිසා ඔබේ උනන්දුව ‍සරු පලදාවක් ගෙන දෙනු නොඅනුමානයි.

ගෙඩි හැදෙන කාලයට වැලට බර නොවන ලෙස කරු ගසන්න. නෙළන්න ආසන්න සති දෙකකට කලින් ගෙඩි සමීපයේ ඇති කොළ කපා ඉවත් කරන්න. නෙළා ගත් පසු හොඳට පාට වැටීමට අව්වෙන් තබන්න.

සදානි මංජුලා
කෘෂි උප­දේ­ශක
ඉවත දමන කෙසෙල් ලෙල්ල 
ඔබ ලස්සන කරයි  
 
 

 අද යුවතියන් ඉවත දමන දේවලින් ගත හැකි බොහෝ දුරට නොදැනීනම කනගාටුවට කරුණකි. සමහර ඉවත දමන දේ මඟින් රුව ලස්සන කර ගැනීමට ඇති හැකියාව වැඩිය. මේ නිසා ඔබ ඒ පිළිබඳවත් උනන්දු වෙනවා නම් එයි ඔබටම යහපතක් සැලැසෙනු ඇත. මේ නිසා ඔබට එක දෙයක් කියන්නම්. මීට පස්සේ කෙසෙල් කා ලෙලි නම් ඉවත් කරන්න එපා. ඉඳුනු කෙසෙල් ගෙඩියක් කෑමෙන් පසු ඉතිරි වන කෙසෙල් ලෙල්ලේ ඇතුල් පැත්ත මුහුණේ ඇතිලීමෙන් මුහුණ පිරිසුදු කර ගැනීමට හැකියාව ලැබේ. මුහුණේ හම සිනිඳු කර ගැනීමට නම් කෙසෙල් ලෙල්ලේ ඇතුල් පැත්ත සූරා බඳුනකට දමා ඊට බිත්තර සුදු මද දමා හොඳින් කවලම් කර මුහුණේ තවරා විනාඩි විස්සකින් පසු සෝදා හරින්න. මින් ඔබේ මුහුණට නව දීප්තියක් ලැබේ.

කාන්තාවන් අව්වේ යාම නිසා මුහුණට ලැබෙන අවපැහැය ද මේ මඟින් නැති වී යන මෙය දිනපතා කිරීම සුදුසු නැත. සතියකට එක වරක් පමණක් කිරීමෙන් ඔබට නිසි ප්‍රතිඵල ලබා ගැනීමට හැකිය. අද කාන්තාවන් වඩාත් අලංකාර වීම සඳහා ප්‍රතිකාර කියූ පමණට වඩා වැඩිපුර භාවිතා කරයි මෙය අවධානම් සහිතය. මේ නිසා කියූ ලෙස පමණක් එම ප්‍රතිකාරය කිරීමෙන් විශේෂ ප්‍රතිඵල අත්කර ගැනීමට හැකියාව ලැබේ.

 

දිල්හානි කරුණාරත්න

 
 

Comments