කම්මැළි ගුරු­ව­ර­යා­ගෙන් උග­නිමු | Page 4 | සිළුමිණ

කම්මැළි ගුරු­ව­ර­යා­ගෙන් උග­නිමු

 අපේ සංස්කෘතිය විනාශකාරී මාවතක් කරා යමින් තියෙනවා. සමාජ සංස්කෘතික දර්ශක ඒ බව පෙන්වනවා. රටක් වෙනස් කරන්න නම් ඒ රටේ සංස්කෘතියත් වෙනස් කරන්න වෙනවා.වෙළෙඳපොළ විසින් සහ මාධ්‍ය විසින් අපේ සංස්කෘතිය නිර්මාණය කරනු ලබනවා. මේ සංස්කෘතිය ඇතුළෙ අපිට නිදහස නැති කරලා අපි මානසික වහලුන් බවට පත් කරලා. අපිට වර්තමානයේ අපේ කියල කියන්න කිසි දෙයක් නැති නිසා අපි වසර දෙදහස් පන්සියයකට එහා තිබුණු සංස්කෘතිය උඩ දම දමා වින්දනයක් ලබනවා. දැන් තියෙන වෙළෙඳපොළ සංස්කෘතිය මිනිසුන්ව සුරා කෑමට අවශ්‍ය සංස්කෘතික පදනම සකස් කරනවා .

 

ගුත්තිල කාව්‍ය කියන්නේ අපේ රටේ බිහිවුණු විශිෂ්ට කාව්‍යයක්. ඒ කාව්‍යකරණය පැත්තෙන්. ඒත් අදහස් පැත්තෙන් ගත් විට ශිෂ්‍යයාගේ හැකියාව පිළිගන්න සහ එයට ඉඩක් දෙන්න බැරි ගුරුවරයා දූෂිත ක්‍රමවේදයකින් ජයග්‍රහණය කරා යනවා විතරක් නොවෙයි , මුසිලයා රටින්ද එළවා දමනවා . ලංකාවේ මේ දේ සිද්ධ වෙන නිසා පස්සෙන් එන්න මිසක් පසු කර යනවට ලංකාවේ මිනිස්සු කැමැති නෑ .

සාර්ථකත්වය කියන්නේ කම්මැළි ගුරුවරයෙක්. ඔහු බුද්ධිමත් පුද්ගලයන්ට පරාජය වෙන්න බැහැ කියල සිතීමට පොලඹවනවා. ඒ නිසා බුද්ධිමතුන් සාර්ථකත්වය කරා යන්න කෙටි පාරවල් සොයන්නේ නෑ. තමා විශ්වාස කරන විෂය ක්ෂේත්‍රයකින් හෙමින් එහෙත් ගැඹුරු අඩි තියමින් සාර්ථකත්වය කරා යනවා. ලංකාවේ ඒ විදියට බිහි වූ සාර්ථක පුද්ගලයන් ඕන තරම් ඉන්නවා.

හෙළයේ මහ ගත්කරු ලෙස සැලකෙන මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා ඒ විදියට තම අරමුණ වෙනුවෙන් වෙහෙසුණු පුද්ගලයෙක්. තමන් කරන සෑම දෙයක්ම විශිෂ්ට ලෙස සිදු කරන්න උත්සාහ ගැනීම නිසා ඔහු සාර්ථක වෙනවා.

චීන විප්ලවයේ දස වන සංවත්සරය සමරන උත්සවයට එතුමා චීනයට යනවා. ඒ යන්න කලින් චීනය පිළිබඳව හදාරනවා. ඒ එහි ඉතිහාසය විතරක් නොවෙයි. චීනය පිළිබඳව වෙනත් ජාතිකයන් විසින් විස්තර කරන ලද දේවල් පවා ඔහු කියවනවා. මේ නිසා චිනයට යන විට ඔහුට චීනය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. මේ නිසා චීනයේ දී චීනය ගැන තවත් හදාරන්න එය පහසුවක් වෙනවා. පසුව ලංකාවට පැමිණි වික්‍රමසිංහ මහතා නව චීනයේ පිබිදීම නමින් පර්යේෂණ ලිපි සංග්‍රහයක් පුවත් පතක් සඳහා ලියනවා .එය පසුව පොතක් විදියට මුද්‍රණය වෙනවා .

කියවීම කියන්නේ අපේ ඔළුව වෙනස් කරන දෙයක්. ඒ නිසා යමක් පිළීබඳව විචාරශීලිව බැලීමේ හැකියාව ලැබෙනවා. මාර්ටින් වික්‍රමසිංහ මහතාත් බටහිර ගැති චින්තනයෙන් මිදිල චීනයේ වර්ධනය දෙස සාධාරණව දකිනව.

1959 දී එතුමා චීනය ගැන කියපු දේ අද ඇත්ත වෙලා තියෙනවා. අපට එක භාෂාවකින් කියවීම ප්‍රමාණවත් නොවන්නේ මේ නිසා. ඉතිහාසය කියන්නේ මිනිසුන් විසින් තම මනසේ සංස්කරණයට ලක් කළ දෙයක්. මේ නිසා එක් භාෂාවකින් විතරක් කියවන විට අපට බොහො දෙවල් මග හැරෙන්න පුළුවන්. මේ නිසා තම සංස්කෘතිය උසස් කොට සැලකීමේ පුරුද්දක් ඇති වෙනවා.

භාෂාව කියන්නෙත් සංස්කෘතික දෙයක් වන නිසා. වෙනත් සංස්කෘතින් හා සන්සන්දනාත්මකව සංස්කෘතියේ උසස් පහත් බව වෙනුවට සංස්කෘතියේ වෙනස්කම් තේරුම් ගැනිම බහු සංස්කෘතික රටක සංවර්ධනයට හේතුවක් වෙනවා.

එදිනෙදා අප ගත කරන ජීවිතය සංස්කෘතිය විදියට සරලව විස්තර කරන්න පුළුවන්.

මේ නිසා සංස්කෘතිය කියන දේ වෙනස් වෙනවා. අද ලංකාවේ අපි ගත කරන්නෙත් ඒ වගේ වෙනස් වුණ සහ වෙනස් වෙමින් පවතින සංස්කෘතියක.

අපේ සංස්කෘතිය විනාශකාරී මාවතක් කරා යමින් තියෙනවා. සමාජ සංස්කෘතික දර්ශක ඒ බව පෙන්වනවා. රටක් වෙනස් කරන්න නම් ඒ රටේ සංස්කෘතියත් වෙනස් කරන්න වෙනවා.වෙළෙඳපොළ විසින් සහ මාධ්‍ය විසින් අපේ සංස්කෘතිය නිර්මාණය කරනු ලබනවා. මේ සංස්කෘතිය ඇතුළෙ අපිට නිදහස නැති කරලා අපි මානසික වහලුන් බවට පත් කරලා. අපිට වර්තමානයේ අපේ කියල කියන්න කිසි දෙයක් නැති නිසා අපි වසර දෙදහස් පන්සියයකට එහා තිබුණු සංස්කෘතිය උඩ දම දමා වින්දනයක් ලබනවා. ඒ කියන්නේ පූර්ව යටත්විජිත සංස්කෘතිය. දැන් තියෙන වෙළෙඳපොළ සංස්කෘතිය මිනිසුන්ව සුරා කෑමට අවශ්‍ය සංස්කෘතික පදනම සකස් කරනවා .

චීනයේ දියුණුවේ පදනම සකස් කරන්නේ චීන විප්ලවයෙන් පසුව චීනයේ වර්ධනය වූ නව සංස්කෘතිය. ඒ තුළ සමානාත්මතාව නායකයන් සහ පොදු ජනයා එකාවන්ව රට ගොඩනැගීම වෙනුවෙන් කැපවීම. සොරකම් නොකිර, පටු චේතනාවනගෙන් තොරව පොදු යහපත තකා කැප වීම, කටුක දිවි පැවැත්මක් දැරීමට කැමතිවීම, මත් ද්‍රව්‍ය මත් වතුර ප්‍රතික්ෂේප කිරීම මෙන්ම දැල්වුණු අධිෂ්ඨානය වැනි ගුණාංග සංස්කෘතික අංග විදියට වර්ධනය වෙනවා.

අදටත් මේ ගුණාංග චීනය ලෝකයේ බලවතා බවට පත් කරමින් ඉන්නවා. මාර්ටින් වික්‍රමසිංහ මහතා 1959 දී මේ දෙවල් අපිට කියනවා. ඒත් අපිට දැනෙන්නේ නෑ. අපිට අපේ මිනිහෙක් කියන දෙයක් පිළිගන්න පුළුවන් සංස්කෘතියක් සුද්දෝ හැදුවේ නැති නිසා.

ඒ කියන්නේ අපේ සංස්කෘතිය පශ්චාත් යටත් විජිත සංස්කෘතියේ බටහිර දැනුම හා බටහිර චින්තනය උත්තම වුණා. ඒත් චීනය බටහිර දැනුම අරගෙන ඔවුන්ගේ මාවතක ඒ දැනුම භාවිත කරනවා. මේ නිසා චීනයට ඔවුන්ගෙම මාවතක් නිර්මාණය කර ගන්න හැකි වෙනවා.

ස්පාර්ටාවේ විනය කියන සංකල්පයෙන් පැහැදිලි කරන්නේ නායකයා ඉහළින් පිළිපදින විට අනුගාමිකයින් අභිමානයෙන් පිළිපදින බවයි. ඒක ලෝකයේ ඕනෑම රටකට පොදු කාරණයක්. චීනයේ නායකයින් ඉහළින් පිළිපදින ලද දේ අනුගාමිකයින් අභිමානයෙන් පිළිපදිනවා.

මේ නිසා මා ඕ සේතුංට වඩා හොඳ නායකයින් චීනයේ නිර්මාණය වෙනවා ඉන්දියාව කියන්නෙත් තව වසර දහයකින් ලෝකයේ බලවත්ම ආර්ථිකයක් බිහිකරන රටක් .

මහත්මා ගාන්ධි නේරු වගේ නායකයන් ගේ ආදර්ශයන් අදටත් ඉන්දියානුවන් අභිමානයෙන් පිළිපදිනවා විතරක් නොවෙයි එවැනි නායකයන් එරට තව තවත් බිහි වෙනවා. සාර්ථකත්වය කියන්නේ බුද්ධිමතුන්ට පරාජය වෙන්න බැහැ කියල උගන්වන කම්මැළි ගුරුවරයෙක්. 

 

Comments