ඊයේ (01) දින කල්පිටිය මණ්ඩකුඩාව ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය සඳහන් කරයි.එහිදී කාන්තාවක සහ පිරිමි පුද්ගලයින් 30 දෙනෙකු මෙලෙස අත් අඩංගුවට පත් වී ඇති අතර ඔවුන් වයස අවුරුදු 25 - 70ත් අතර වියේ පසුවන බව පොලීසිය පවසයි.මෙම මෙහෙයුම සඳහා කල්පිටිය විජය නාවුක කඳවුරේද සහය පොලීසියට ලැබී ඇත.අත්අඩංගුවට පත් සැකකරුවන් සතුව තිබී යතුරු පැදි 03ක් මෝටර් රථයක් සහ ජංගම දුරකතන 03ක් ද පොලිසිය භාරයට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු කල්පිටිය පොලීසිය විසින් සිදු කරනු ලැබේ.