කොළඹ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාහැරි ත්‍රස්තවාදියා වන මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නොහොත් අබ්දුල්ලාහ් යන සැකකරුගේ දියණිය වන හබීබා අසාම් යන අයගේ රුධිර සාම්පල යොදාගෙන ඩී එන් ඒ පරීක්ෂාව සිදු කරන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (02) නියෝග කළේය.කොළඹ අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවේ වාණිජ විමර්ශන අංශ අංක 4 ශාඛාවේ ස්ථානාධිපති රවීන්ද්‍ර විමලසිරි මහතා සිදු කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේය.සැකකාර ත්‍රස්තවාදියා අංක 128 යොන් විදිය කොළඹ 02 ලිපිනයේ පදිංචිව සිට ඇති බවත් ඔහුගේ ඥාතින් පිරිසක් මේ වන විට අත්අඩංගුවේ සිටින බවත් කියා සිටි