පසුගිය පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරයන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට පමණක් නොව මුළු ආර්ථිකයට ම දැඩි බලපෑමක් සිදු වූ බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කිෂූ ගෝමස් මහතා පවසයි.විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පසුගිය ප්‍රහාරවලින් සංචාරක කර්මාන්තයට එල්ල වූ උපරිම බලපෑම 20%ක් පමණ වන බවයි.කෙසේ වෙතත් සභාපතිවරයා පවසා සිටියේ ඉන්දුනීසියාවේ බාලි සහ ප්‍රංශයේ පැරිස් වැනි සංචාරක ගමනාන්තවලට ද මෙවැනිම ප්‍රහාර එල්ල වූ බවත් ඒ දෙස බලන විට ශ්‍රී ලංකාවට නැවත නැගී සිටීමේ හැකියාවක් ඇති බවත්ය.රටෙහි ආරක්ෂාව සඳහා මේ වනවිට ත්‍රිවිධ හමුදාව විසින් ගෙන යන වැඩපිළිවෙල සියල්ල සාර්ථක වී ඇති බවත් ඉදිර
 
 

































