ප්‍රභූ පර්යන්තයටත් අධි තාක්ෂණික ස්කෑන් | Page 23 | සිළුමිණ

ප්‍රභූ පර්යන්තයටත් අධි තාක්ෂණික ස්කෑන්

කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇත.

කටුනායක ගුවන් තොටුපොළේ සාමාන්‍ය මඟී පර්යන්තයේ ගුවන් මගීන් රැගෙන එන අත්බෑග් පරීක්ෂා කිරීමට අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර පැවැතිය ද ප්‍රභූ මඟී පර්යන්තයේ එවැනි පහසුකම් නොමැති බව රේගු නිලධාරීන් විසින් පෙන්වා දී ඇත. එම නිසා විශේෂ මඟී පර්යන්තය හරහා එන ප්‍රභූන්ගේ අත්බෑග් පරීක්ෂා නොකෙරෙන බව එම නිලධාරීහු පවසති.

විදේශ රටවල විශේෂ මගී පර්යන්ත මෙන්ම අතිවිශේෂ මගී පර්යන්තවලද අධිතාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කර තිබේ. නීති විරෝධී ද්‍රව්‍ය හා බදු ගෙවීමකින් තොරව භාණ්ඩ රැගෙන ඒම වැළැක්වීම උදෙසා ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා රේගුවට දැනුම් දී ඇත්තේ මෙම උපකරණ විශේෂ මගීන් හා ප්‍රභූන් පිටවන පර්යන්තයේද සවි කරන ලෙසයි.

Comments