![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/08/11/12-7.jpg?itok=9VsKTJBz)
වෛද්‍ය සභාවේ අධිකරණ කටයුතු සඳහා පමණක් වසර 5 ක කාලයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 433 ක මුදලක් වෙන් කිරීමට සිදු ව තිබේ. මේ වන තෙක් ඊට අදාළ විගණනයක් හෝ සිදුකර නොමැති බව වෛද්‍ය සභාවේ ඇතැම් සාමාජිකයන් විසින් චෝදනා කර ඇත.
මෙයට පිළිතුරු දුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරි වෛද්‍ය එච්. බී. බී හේරත් සිළුමිණට ප්‍රකාශ කළේ මේ වන විට වෛද්‍ය සභාවේ විගණන කමිටුව හරහා අදාළ කරුණ සම්බන්ධව පුළුල් විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බවය.
විදේශීය අධ්‍යාපනය ලබන සිසුන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සඳහා මෙම මුදල් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වියදම් කර ඇත්තේ 2018 ජනවාරි 1 වැනි දින සිට 2022 දෙසැම්බර් 31 දක්වා කාලය තුළදි අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේදි ගොනු කරන ලද නඩු 60 ක් වෙනුවෙනි.
විවිධ කරුණු මත වසරකට වෛද්‍ය සභාවට වෛද්‍යවරු හා වෛද්‍ය නොවන පිරිස් සම්බන්ධ පැමිණිලි 50 - 60 කට ආසන්න සංඛ්‍යාවක් ලැබෙන බවත්, එයින් වැරදිකරුවන් වූ කිහිප දෙනෙක් තාවකාලික තහනමකට ලක්වන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරි වෛද්‍ය එච්. බී. බී හේරත් සිළුමිණට වැඩිදුරටත් හෙළි කෙළේය.