![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/08/11/dilum-amunugama-3.jpg?itok=VnpRe7_9)
හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපයේ අක්කර 400ක් භූමියක තෙල් පිරිපහදුවක් කඩිනමින් ඉදිකිරීම සඳහාමේ වන විටත් ඉල්ලුම්කරුවන් කැඳවා ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සිළුමිණට කීය. ඒ සඳහා සමාගම් කිහිපයක් ඉල්ලුම් කර ඇති බවත් මේ වන විටත් මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු කරන සයිනොපෙක් එනර්ජි ලංකා සමාගම ද එයට අැයදුම් කර ඇති බව ඔහු පැවසුවේය.
එම පිරිපහදුව ස්ථාපිත කිරීමෙන් පසුව ඉතා පහසුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු කළ හැකි බව පැවසූ ඇමැතිවරයා පෙන්වා දුන්නේ මේ වන විටත් සයිනොපෙක් එනර්ජි ලංකා සමාගම ඉන්ධන ආනයනය බෙදාහැරීම හා ගබඩා කිරීම් සිදු කරන බවයි. ඒ හරහා මහා භාණ්ඩාගාරයට බරක් නොමැතිව ඉන්ධන ආනයනය කිරීම හා පාරිභෝගිකයාට ලබා දීම සිදු කෙරෙන බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.