![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/08/11/tilwin-silva.jpg?itok=-GWmJoBk)
13 වැනි ව්‍යවස්ථාව ගැන කිසිදු කතාබහක් හෝ සංවාදයක් සමාජයේ නොතිබුණ බවත් වර්තමාන සංවාදය ආණ්ඩුව විසින් කෘත්‍රිමව සකස් කරන ලද සංවාදයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සිළුමිණට කීවේය. මෙය මැතිවරණ දිනාගැනීම සඳහා හැදූ සංවාදයක් බවත් ඉකුත් දා පැවැති සර්ව පාක්ෂික සාකච්ඡාව නිෂ්ඵල සාකච්ඡාවක් බවද ඔහු පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ලේකම්වරයා මෙසේද පැවසීය. ‘‘පළාත් සභා වසර ගණනාවක් අක්‍රිය වෙලා තියෙන්නේ. මේ තරම් උනන්දුවක් තියෙනවා නම් මුලින්ම පළාත් සභා පිහිටුවන්න අවශ්‍යයි. පළාත් සභා ඡන්දය ගැන මහජන නියෝජිතයන් ගැන කතා කරන්නේ නැහැ. බොරුවට බලතල ගැන කතා කරනවා. 13 වැනි සංශෝධනය ගැන කතා කර කර ඉන්නේ නැතුව ආණ්ඩුවේ යෝජනා මාලාව ඉදිරිපත් කරන්න කියලා අපි කියන්නේ. ‘‘