13 මැතිවරණ කල් දැමීමේ උපක්‍රමයක්ද? | සිළුමිණ

13 මැතිවරණ කල් දැමීමේ උපක්‍රමයක්ද?

ආණ්ඩුව 13වැනි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පවත්වන සාකච්ඡා සියලු දෙනාට රටක් ජාතියක් හැටියට නැඟිටින්න අවශ්‍යයි කියන අදහසින් පවත්වන්න උත්සාහ කරනවාද එසේ නොමැතිව මැතිවරණ කල් දැමීමේ උපක්‍රමයක් වශයෙන් භාවිත කරනවා ද යන්න ගැටලුවක් බව සමගි ජන බලවේගයේ (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සිළුමිණට ප්‍රකාශ කළේය.

සජබ මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එය මතුවූයේ උතුරු නැඟෙනහිර ජනතාවගේ ඉල්ලීම පදනම් කරගෙන යන්න සජබට නිසි ලෙසින් අවබෝධ කරගත නොහැකි බවය.

ඔහු තව දුරටත් මෙසේද කියා සිටියේය. ‘‘රට හැදෙන්න ආර්ථිකය පමණක් ගොඩනැඟීම ප්‍රමාණවත් වන්නේ නැහැ. සියලු දෙනා රටක් ජාතියක් ලෙස එකට කටයුතු කළ යුතුයි.

Comments