![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/08/11/12-5.jpg?itok=mIcNg_KS)
කොළඹ නගරය අලංකාර පිරිසිදු නගරයක් කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ අධික්ෂණය යටතේ යළි ආරම්භ වී ඇත.
නාගරික සංවර්ධන අධිකාරියේ සහ කොළඹ නගර සභාව යටතේ ක්‍රියාත්මක වූ කොළඹ නගරය පිරිසිදු නගරයක් ලෙස පවත්වාගෙන යාමේ කටයුතු මේ වන විට නතර වී ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් වෙත ලැබුණු පැමිණිලි අනුව ක්‍රියාත්මක වෙමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මෙම කටයුත්ත වෙනුවෙන් මැදිහත්ව තිබේ.
ඒ අනුව පසුගිය සතියේ කොළඹ නගර සභා නියෝජිතයන්, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයන් ඇතුළු මෙම කටයුත්තට සම්බන්ධ ආයතනවල නිලධාරීන් කැඳවූ සාගල රත්නායක මේ කටයුතු පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත. කොළඹ නගරය පිරිසිදු නගරයක් ලෙස පවත්වාගෙන යාම මෙන්ම අලංකාර නගරයක් ලෙස පවත්වා ගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙම පිරිසට සාගල රත්නායක උපදෙස් දී තිබේ. නාගරික උද්‍යාන මෙන්ම වෙරළ පිරිසිදු හා අලංකාර ස්ථානයන් ලෙස පවත්වාගෙන යාම බේරේ වැව ඇතුළු කොළඹ නගර සීමාවේ තිබෙන ඇළ මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු ගැන ද උපදෙස් දී ඇත. පළමු සතියේ මෙම කටයුතු කරන ආකාරය ගැන සැලසුම් කරන ලෙසත් දෙවන සතියේදී ඊට අවශ්‍ය පහසුකම් සපයා ගන්නා ලෙසත් තෙවන සතිය වන විට අවශ්‍ය කටයුතු ආරම්භ කළ යුතු බවටත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මෙම පිරිසට උපදෙස් දී ඇත. එම කටයුතු නිසි ලෙස වන්නේ දැයි තමන් දැඩි අවධානයකින් පසුවන බවද ඔහු අදාළ නිලධාරීන් දැනුම්වත් කර තිබේ.