
ඇසීම ද නැති මගේ මවු විත්
 දෙගුරු හමුවක පාසලේ
 ඔහේ උන්නා බලා ගත් අත
 කියන කිසිවක් නොඇසෙනා තැන...
 සිනහ වන විට යහළු කැල මට
 මගේ මවු ගොළු කතක් කියමින
 කඳුළු කැට වැටුණා දෙපා මුල
 මගේ හද පෙළු වේදනාවට...
 මගේ මවු වුව; ඔබේ මවු වුව
 සෙනෙහසේ නැත අඩුපාඩු දැක්මට
 සසර පෙර පව් කරපු වරදට
 ඇහීමෙහි පින ඈට හිමි නැත....
 පෙර කරපු පව් මේ භවය තුළ
 ගෙවා නිම වී ඉවර වේවා
 මතු සසරෙදිත් මගේ මවු වී
 යළි මෙලොවදී මුණ ගැසේවා...
 සුලෝචනා මද්දුමගේ
***************************
ටීචර්ට ඇහෙනවලු කෑගසනු නිහඬ මම
කහ ගැහුණු සුදු ගවුම ඇඳ
 පන්තියේ කෙළවරේ මුල්ලක
 මේසයට හිස තියාගෙන මම
 හිඳින්නේ හිස් බයෝ වරුවක
 ඇසෙයි කොරිඩෝවෙ එන ලොකු
 ගුරුතුමීගේ පාවහන් හඬ
 ඈ ඇවිත්, අද බයෝ නෑ
 කෑ නොගා ඉන්නයි කියා
 මොහොතින් ගියා ගුරු විවේකය වෙත
 ඉස්සරහ පේළියේ සරෝජා නිර්මලී
 මර හඩ තළයි ගී පද කියයි
 මොකෝ මේ මර ළතෝනිය අසා යළි
 මතුවී කොනින් ගුරුතුමීගේ රුව
 නැගිටුවා හිස තබා උන් මම
 බැණ වදී මොකදෑ කටේ සැර
 ඇති හැකි ළමයි නම් ඔහොම නෑ
 නැති බැරි එවුන් කවුදත් මෙලෙස බව
 නොදැනුවත්වම කෑ ගැසුවද මම
 තවම මතකය පීරනව
 නැගිටලා සිටගෙන
 කසුකුසු කතා මැද්දෙන් සිනා හඬ
 ඉස්සරහ කෑගැසූ උදවිය
 නාමල් මදුකුමාර
 
 









