දකින විටත් ආඩ­ම්බ­රයි මං | සිළුමිණ

දකින විටත් ආඩ­ම්බ­රයි මං

කටු මැටි කෙටි බිත්ති 
ගොම ගෑ පොළොව 
පොල් අතු සෙවිලි කළ වහල 
මගේ සුන්දර පාසල

රෙද්ද කෝට් එක ඇඳ­ගත්
මුල් ගුරු­තුමා සැර පාටයි
පොඩි මල් ඔස­රිය ඇඳ­ගත්
ගුරු­තු­මිය සුන්ද­රයි; තර­බා­රුයි

කලි­ස­මයි ‍අත්කොට කමී­සෙයි
ඇන්දෙ ඉංග්‍රීසි ගුරු­තු­මයි
ඒ අපේ පාසලේ සුන්දර ගුරු මඬු­ල්ලයි...

ඒ කුඩා පාසලේ
නම තබා ඉහ­ළට ම
වැඩිම ලකුණු ද ලබා
හේවා­වි­තා­රණ රන් ලකුණ ලද
ශිෂ්‍යයා මමයි...
 
අහස උසට නැංවුණු
මහ ප්‍රසාද මහල් එක්ක
දිලි­සෙන සුදු බිත්ති තියෙන
අද දියු­ණුවෙ දොරටු ඇරුණු
ඇල­පාත මහා විද්‍යා­ලය 
දකින විටත් ආඩ­ම්බ­රයි මං

අසෝක ජය­ව­ර්ධන


නෙළුම් කුලුන

සියක් අඩි උසින් පිපි
නෙළුම් මල කොළඹ පිපි
ගුව­න්ගැබ හතර අත
අහ­ස්කුස සිඹියි නුඹ
සිරිපා මුදුනෙ සිට
කිරි­වෙ­හෙර කොතේ රුව
සතර අත කොළඹ සිට
බැලිය හැකි තැනයි නුඹ
රටට යස ඉසුරු එන
මගකි නව අදින් සිට
දෙස් විදෙස් දනන් හෙට
වඩිනු නුඹ බලන් සිට
නුඹ කොළඹ පිපු­නාට
අපට උස වැඩි­වාට
ළක­ඹ­රම දිනු­දාට
නුඹ පුදමී සැම­දාට...

සංජය ක්‍රිශාන්ත පයා­ග­ලගේ


අද අපේ රූප පෙට්ටිය

මිනි­සුන් දිවි ගෙවන්නේ දැන් අස­හ­න­යෙන්
දරා ගන්න බැහැ පිරිලා කර­ද­ර­යෙන්
ගෙද­රට එන්නෙත් රැකියා ප්‍රශ්න වලින්
සතු­ටක් සැන­සු­මක් නැතිදෝ කිසි ලෙස­කින්

ඔව්මයි! එදා මිනි­සුන් ලැබු­වනෙ සතු­ටක්
තාව­කා­ලි­කව වුව එය සැන­සී­මක්
දන්න­වාද මිතුරේ ඒ කියා කුමක්
රූප­වා­හි­නිය මිස වෙන ඇද්ද යමක්

දැන්නම් ඉන් ලැබෙන්නේ නැත කිසි සතු­ටක් දුකක්
සමඟ එන්නේ තද කේන්ති­යක්
හැම මොහො­තේම එහි ඇත්තේ වෙළඳ ලොවක්
පැය බාගෙ කතා­වට දැන්වීම් පැය කාලක්

මෙය විහි­ළු­වක් නොවේය හරි මිනි­සුන්ට
හිතෙන්නේ පෙට්ටිය පොළ­වට ගස­න්නට
කරු­ණා­වෙන් අය­දිමි ඒලෙස නොව­න්නට
රස කර­වන්න එය නැව­තත් අප සැමට

මොර­ටුවේ විනීතා ප්‍රනාන්දු

ඔබේ කාව්‍ය නිර්මාණ යොමු කරන්න. 
කවි මඬල, සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10

Comments