විශ්ව සාහිත්‍ය කෘති ගණනාවක් සිංහල සාහිත්‍යයට එක් කළ තරුණ පරිවර්තක ප්‍රභාත් මිරිහාගල්ල මහතා පරිවර්තනය කළ ‘මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ - 2’ (NEW TERM AT MALORY TOWERS – Enid Blyton) ග්‍රන්ථය පසුගියදා අඟහරුවාදා කොළඹ 10, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්ශනාගාරයේ දී නිකුත් කෙරිණි.
මුලින් ම කතා හයකින් ලියවී ඇති මැලෝරි ටවර්ස් පොත් පෙළට පසුව තවත් කතා හයක් එක් කෙරී ඇත. එහි මුල් පොත් හය මීට පෙර සිංහලයෙන් කියවන ළමා කැළ වෙත ඉදිරිපත් කර ඇති අතර, දැන් එහි දෙවන පොත් පෙළ ද සිංහලයට පරිවර්තනය කොට ප්‍රකාශයට පත් කර ඇත. ළමයින්ගේ චරිත සංවර්ධනයෙහිලා මේ ආදර්ශවත් කතා පෙළෙන් ලැබෙන පිටිවහල ඉමහත් ය.