මගේ පාසල | Page 12 | සිළුමිණ

මගේ පාසල

මගේ පාසලේ නම බප/හො/ ශ්‍රී මේධංකර මහා විද්‍යාලයයි. එය හොරණ නගරයේ පිහිටා ඇත. එය මිශ්‍ර පාසලක් වේ. මගේ පාසලේ ගුරුවරු සහ ගුරුවරයෝ 110ක් සිටිති. මගේ පාසලේ සිසුන් 2000 දෙනකු පමණ සිටිති.

සංගීත කාමරයක්, චිත්‍ර කාමරයක්, විද්‍යාගාරයක්, පුස්තකාලයක්, කොම්පියුටර් කාමරයක් ද ඇත. අපේ පාසලේ ඖෂධ උයනක් ද ඇත.

අපි පාසලේ බුදු මැදුරට දිනපතා මල් පූජා කරන්නෙමු. මම ම‍ෙග් පාසලට ආදරයෙන් ගෞරවයෙන් සැමදා සලකන්නෙමි.

රන්දි මෙත්නුලි බාලචන්ද්‍ර 
3 ශ්‍රේණිය ‘ඩී’, 
ශ්‍රී මේධංකර මහා විද්‍යාලය, 
හොරණ

 

Comments