සර්කස් රඟන දැරියගේ කවිය | සිළුමිණ

සර්කස් රඟන දැරියගේ කවිය

උඩ කරණම් බිම කරණම් 
කම්බි දිගේ යමින් එමින් 
නරඹන්නන් මවිත කරන 
පුංචි කෙල්ල මං

සර්කස් මඩුවේ රඟනා 
පොඩි ම කෙල්ල මං 
දිලිසෙන ඇඳුමක් ඇඳගෙන 
හිනාවෙවී මං හිටියට 
මගේ හිතේ තියෙනා දුක

නෑ ඔයාල දන්නේ 
පාසල් යන පුංචි ළමයි 
දකිනා විට සුදු ඇඳුමින් 
හිතට මගේ දැනෙනා දුක

කාටද පවසන්නේ 
විදුලි බුබුළු දහසක් මා 
වෙතට එල්ල වී තිබුණත් 
මගේ හිතේ තියෙන අඳුර

මං විතරයි දන්නේ 
අත් පොළසන් හඬ එනවිට 
ආඩම්බරයක් දැනුණට 
කම්බි දිගේ උඩ යන විට  
මටත් දැනේ බයක් හිතට

එම්.පී‍‍. මලීෂා මනෝහාරි 
8 ශ්‍රේණිය ‘ඒ’ 
ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලය, 
අම්බලන්ගොඩ 

Comments