
මුනිඳු ගුණ ලකුණේ
සිරිපාදය නමින් හැඳිනේ
තුන් සරණ සිහි වමිනේ
කරුණා කරනෙමි සිරිපාදේ
බුදු සමිඳුන්ගේ පා සලකුණ ඇත්තේ
සමනොළ ගල යනුවෙන් හඳුනන්නේ
සමනොළ ගල වඳිනට නඩයම යන්නේ
බුදුගුණ ගයමින් සමනොළ යන්නේ
නඩේගුරා සමඟ පෙළට ඇඳෙන්නේ
සීත ගඟුල බැස මුව සෝදන්නේ
තුන් සරණේ කවි ගී කියමින්නේ
නඩයම සිරිපා කරුණා කරන්නේ
ඉරේෂා දුලාංජලී වැලිවිට
7 ශ්‍රේණිය,
දික්කුඹුර විදුහල, රත්තොට