
එකා මෙන් වැඩ කර නිරතුරු වෙහෙසෙනා
සමගිය සැමවිට බලයක් කරනා
වෙහෙස වෙලා තම වැඩ ටික කරනා
කූඹියො හරි පුදුමයි ලොව වෙසෙනා
මිනිසුන් හට නිති පාඩම් ගෙනෙනා
සමගි බලය මුළු ලොවටම කියනා
කරදර හමුවේ සැවොම එක් වෙනා
එක්වී ජයගනී සැම දින නිතිනා
අහර සොයා එකමුතු වී සැම දෙන
නිමක් නොවන තුරු වැඩ කර සැම දින
සමගිය සහයෝගය ලොව රජ වෙන
කූඹියො හරි පුදුමය ලොව සැම දෙන
ප්‍රබෝධා රත්නමාලි ජයතිලක
8 ශ්‍රේණිය,
විජය විද්‍යාලය, වැලිමඩ.