
ඈත පිටිසර ගමක අහිංසක පවුලක් විය. මෙම පවුලේ සිටියේ පුංචි දියණියන් දෙදෙනෙකි. එක් දියණියක් සිඟිතිය. අනෙක් දියණිය දැහැමිය. මව රන් මැණිකේ වූ අතර පියාගේ නම සිරිසෝම විය. සිරිසෝම තම පවුල ජීවත් කළේ වැවෙන් අල්ලා මාළු විකිණිමෙනි. ඔහු මාළු පිරවූ කඳ කරේ තබාගෙන ගම වටේ ගියේ ‘මාලෝ .....මාලෝ....’ කියමිනි.
පාසල් නිවාඩු කාලයට දැහැමි හා සිඟිති ද තම පියා සමඟ මාළු අල්ලන්නට වැවට යන්නටත් මාළු විකුණන්නට යන්නටත් පුරුදුව සිටියහ.
දිනක් වැවේ මාළු අල්ලන්ට ගිය සිරිසෝම වැවේ ගිලි මිය ගියේය. රන් මැණිකේ දියණියන් සමඟ තනි විය. දියණියන් දෙදෙනා රැක ගැනීම සඳහා ඇය එළවළු පලතුරු වගාකර ඒවා විකිණිමට පොළට ගෙන ගියාය. ඇගේ එකම ප්‍රාර්ථනය වූයේ දියණියන් දෙදෙනාට හොඳින් ඉගැන්වීමය. නමුත් ඇය ද රෝගාතුර වී ටික කලකින් මිය ගියාය. දැහැමිත් සිඟිතිත් තනි විය. ඔවුන් ගැන බලන්නට කෙනෙක් නැති විය. ඒ වන විට සිඟිති උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලැබුවාය. නංගීගේ හා තමන්ගෙ හෙට දවස ගැන සිතූ සිඟිති පාසල් ගමන නතර කර අම්මා මෙන් වෙළෙදාම් කරන්නට පටන් ගත්තාය.
ඒ අතර ඇය ඉඩක් ලැබෙන වේලාවට පාඩම් කළාය. අවසානයේ උසස් පෙළ විභාගයට පෙනී සිටියාය. ඇය සරසවි වරම් ලැබුවාය. ජීවිතයේ බොහෝ දුක් විදිමන් අධ්‍යාපනය ලැබූ ඇය නැගණිය ගැන ද සොයා බැලුවාය. ඇයට ඉගෙනීමට උදව් කළාය. අවසානයේ සිඟිති ගුරුවරියක ලෙස පත්වීමක් ලැබූවාය. සිඟිති හා දැහැමි ජීවිතය ජයගත්තේ උත්සාහවන්තකම නිසාය.