
ලෙඩ වූ විට මා ළඟ ඉන්නේ
මා සනසා ආදරය පාන්නේ
දවස පුරා වෙහෙසි වැඩ කරන්නේ
අප වෙනුවෙනි අම්මා දිවි ගෙවන්නේ..
යහ මඟ යවන්න ඔවදන් දෙන්නේ
හොඳ ගුණ දම් මට කියලා දෙන්නේ
අම්මා වාගේ වෙනකෙකු නැනේ
මට හැමදා ආදරේ වෙන්නේ...
උපදින හැම භවයක අම්මේ
වේවා ඔබ මගේ ආදර අම්මේ
මගේ ආයුෂ අරගෙන අම්මේ
නිදුකින් සිටීවා ඔබ මගෙ අම්මේ