
මී අඹ ගෙඩි පොකුරු පොකුරු
හැදෙනවා යාළු
අඹ අත්තේ මලිති බටිති
රඟදෙන සද්දේ
පුංචි පැලේ කවි සී පද
ගැයෙනා සද්දේ
හරි මිහිරියි අත්තම්මා
කියනා කාලේ...
මාදං එරමිනියා හිඹුටු
කෑවලු යාළු
ඇළේ පැනලා දිය නාගෙන
ආවලු බාලේ
අත්තම්මට වගේ අපට
සොඳුරු ළමාවියක් නෑ...
ඒ. ඒ. සුහර්ෂා නිර්වානි ඇටම්පොල
6 ශ්‍රේණිය ‘ඩී’,
මලියදේව බාලිකා විද්‍යාලය,
කුරුණෑගල