මී මැස්සා | Page 5 | සිළුමිණ

මී මැස්සා

කෘමීන් අතරින් ඉතා කඩිසර හා එකමුතු සතෙක් වන්නේ මී මැස්සාය. මී මැස්සා පරිසර හිතකාමී සත්ත්වයෙකි. රංචු වශයෙන් ජීවත් වෙති. මල් පැණි උරා බොමින් ජීවත් වෙයි. මී මැස්සා මල් පරාගණය කර ඵල හට ගැනීමට උදව් වෙයි.

මී මැස්සාගෙන් අපට බොහෝ දේ උගත හැකිය. කඩිසරකම, එකමුතුකම, නායකයාට ගරු කිරීම, සමඟිකම ඉන් කිහිපයකි. මී මැස්සාගෙන් අපට වටිනා ඖෂධයක් වන මී පැණි ලබා ගත හැකිය. මී මැස්සෝ එකමුතුව තමන්ගේ වාසස්ථානය වන මී වදය සාදා ගනිති.

මී මැසි රාජධානිය මී මැසි රැජන විසින් පාලනය කරනු ලැබේ. මී මැසි රැජනගේ ප්‍රධාන කාර්යය පැටවුන් බිහි කිරීමයි. අනිත් මී මැස්සෝ සහ මී මැස්සියෝ පැණි සොයා යති. මී මැසි පැටවුන් පිළවු ලෙසින් හඳුන්වනු ලැබේ. මී මැස්සන්ගේ වද වර්ග දෙකකි.

ඒවා පිළවු වද සහ පැණි වදය. පිළවු වදවල මී මැසි පැටවු සිටිති. පැණි වද යනු පැණි පුරවන ලද වදය. මී මැස්සා විෂ සහිත සතෙකි. කුඩා ඉඳිකටුවක් වැනි තුඩකින් විෂ පිට කරයි. ඒ වගේම මී මැස්සා ඉතා අහිංසකය.

ටිනුජ අනුහස් රසාංජන

5 ශ්‍රේණිය ‘ඒ’,

කෑගලු විද්‍යාලය,

කෑගල්ල.

 

Comments