
එකම යායක පිපී සුවඳ දී විහිදුවන
සුදු පිච්ච මල් අතර නුඹ කොතරම් සුන්දරද...
මෑණියනි පියාණෙනි මේ ලොවට මා මැව්ව
මා දකින මේ දසුන් පෙළ අතර
නුඹ කොතරම් සුන්දරද...
නිමින හිරංග ජයසේන
10 ශ්‍රේණිය,
පන්විලතැන්න මහා විදුහල,
පන්විලතැන්න
---------
මගේ මල්ලී
මගේ මල්ලී හරිම හුරතල්.
මගේ මල්ලීගේ නම ටෙවෝන් මනෝද්‍ය.
මගේ මල්ලීගේ වයස අවුරුදු 1යි.
මගේ මල්ලී හරිම ලස්සනයි.
මගේ මල්ලී අසනීප වුණා.
මගේ මල්ලීයි අම්මයි රෝහලේ සිටියා.
මගේ මල්ලීට ඉක්මනින් සුව වේවා.
මගේ මල්ලී දැන් හරිම දඟකාරයි.
මගේ මල්ලී නැතුව මට හරිම පාළුයි.
ඩබ්.ඒ. යසිරු අමන්ද
3 ශ්‍රේණිය ‘සී’
ශ්‍රී සාරාලංකාර ප්‍රාථමික විද්‍යාලය
වැල්මිල්ල
-----------
මගේ පාසල
ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ කලාපයේ පිහිටි මගේ පාසල කීණදෙණිය ප්‍රාථමික විද්‍යාලයයි. නගරයෙන් තරමක් දුරින් පිහිටි මගේ පාසලට ගොඩනැගිලි හයක් තිබේ. මගේ පාසලේ බුදු මැඳුරක්, ආපන ශාලාවක්, පුස්තකාලයක් හා ඖෂධ තවානක් පිහිටා ඇත.
මගේ පාසලේ ශිෂ්‍ය නායක කණ්ඩායමක්, තූර්ය වාදක කණ්ඩායමක් සහ පරිසර භට කණ්ඩායමක් ද සිටිති. සිප් සතර සහ ගුණ නැණ දම් කියා දෙන ආදරණීය ගුරු මවුවරුන් පියවරුන් පිරිසක් මෙග් පාසලට සේවය ලබා දෙති.
හොඳින් ඉගෙන ගෙන මගේ පාසලට කීර්තියක් අත් කර දීම මගේ ඒකායන අරමුණයි.
එච්.එම්. අදීෂා නිසිනි බණ්ඩාර
4 ශ්‍රේණිය ‘ඒ’,
කීනදෙණිය ප්‍රාථමික විද්‍යාලය,
අඹේපුස්ස
-------------
සරණක් නැති මවුපියෝ
මවුපියෝ සිඟමන් යදින්නේ
පුතු කාරය පැදලා යන්නේ
අසරණ මවුපියො තැවෙන්නේ
දූ දරුවෝ මඟ හරින්නේ
අම්මා විඳි දුක් නොහඳුනයි
තාත්තාගේ දුක නොදනියි
සල්ලිවලට මුල් තැන දෙයි
ගුණ යහපත්කම් නොතකයි
චතුරි එරන්දි සමුද්දිකා
11 ශ්‍රේණිය - ‘ඩී’
ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය
ගාල්ල