සිංහල ගැමි ජීවිතය ඇසුරුකරගෙන ප්‍රබන්ධ කරන ලද බැද්දේගම නවකතාව ලියන ලද්දේ ලෙනාඩ් වුල්ෆ් නමැති ඉංග්‍රීසි ජාතික සිවිල් නිලධාරියෙකු විසිනි. ඔහු ලංකාවේ වැඩි කලක් නොවිසුවද දිවයිනේ ඇතැම් පළාත්වල වෙසෙන ගම්බද ජනයාගේ ජීවිතය හා චරිතය විනිවිද දුටුවේය.
විසිවන සියවසේදී ලංකාවේ දකුණු ප්‍රදේශයේ වනගත ගමක ජීවත්වූ මිනිසුන්ගේ ජීවිතය පැහැදිලිව විස්තර කරන ශෝක ජනක පුවත් විකාශනයක් මේ කෘතියේ අන්තර්ගතය. එකී වන ගම්මානයේ පරිහානිය හා අවසානය දක්වමින් ගැමි ජීවිතයේ කටුකත්වය, විවිධ දුෂ්කරතාවලට ගැමියන් මුහුණ දෙන ආකාරය මෙහි පිළිබිඹු වෙයි.
බැද්දේගම නවකතාව චිත්‍රපටයකට නගා තිබේ. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාය. බැද්දේගම චිත්රපටයේ් ප්‍රධාන චරිතය වන සිලිදුගේ චරිතය රඟපාන ලද්දේ ජෝ අබේවික්‍රම රංගධරයා විසිනි.
තිළිණි උදයංගනී
12 ශ්‍රේණිය,
ජයමඟ පිරිවෙන,
පොලොන්නරුව